27 April 2024
#දේශීය

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුරු සදහා සම්මුඛ පරික්ෂණ අත්හිටුවයි

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුරු සදහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

2021.08.14 සහ 2021.08.15 දෙදින වයඹ සහ ඌව පළාත් අයදුම්කරුවන් සදහා කුරුණෑගල සහ බදුල්ල හෙද පුහුණු පාසල්වලත්, 2021.08.21 සහ 201.08.22 බස්නාහිර පළාත් අයදුම්කරුවන් සදහා කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීත් පැවැත්වීමට නියමිතව තිබූ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනී තනතුර සදහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් අත්හිටුවා ඇත.

නැවත සම්මුඛ පරික්ෂණ පැවැත්වෙන දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ලැබෙන අතර මේ පිළිබද වැඩිදුර තොරතුරු www.health.gov.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *