27 April 2024
#ක්‍රීඩා

ක්‍රීඩා පනතේ නියෝග මාලාව සංශෝධනය පිළිබද සාකච්ඡාව

ක්‍රීඩා සංගම්වල නිළධාරීන් පත් කර ගැනීමේදී පවත්වනු ලබන ඡන්ද විමසීමේදී දැනට සිදුවන හදුනාගත් අකටයුතුකම් අවම කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ගැනීම හා ඊට අවශ්‍ය ක්‍රීඩා පනතේ නියෝග මාලාව සංශෝධනය කිරීම සම්බන්ධව අදහස්, යෝජනා ගැනීමට කටයුතු යොදා ඇත.

ඒ, සියළුම ක්‍රීඩා සංගම්වල නිළධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට පළාත් පාලන, පළාත් සභා සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් තීරණය කර ඇත.

ඒ අනුව ලබන 07 වනදා සවස 4.30 ට ක්‍රීඩා අමාත්‍යාංශයේ “ඩන්කන් වයිට්“ ශ්‍රවණාගාරයේදී මෙම සාකච්ඡාව සිදු කිරීමට නියමිත බව ක්‍රිඩා අමාත්‍යංශය නිවේදනය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *