• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නෙදර්ලන්තය විසින් ආපසු භාරදුන් ශ්‍රී ලාංකික පුරාවස්තු ප්‍රදර්ශනය කිරීම

4 December 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පවත්නා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගැනීමේ ප්‍රයත්නයක් ලෙස ශතවර්ෂ දෙකකට පමණ පෙර මෙරටින් රැගෙන ගොස් නෙදර්ලන්තයේ සුප්‍රසිද්ධ Rijksmuseum කෞතුකාගාරයෙහි තැන්පත් කර තිබූ සුවිශේෂී පෞරාණික වටිනාකමකින් යුත් කෞතුක භාණ්ඩ හයක්, නැවත මෙරටට රැගෙන ඒමට කටයුතු සලස්වා තිබේ.

මෙම වැඩසටහන රටවල් දෙක අතර රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වය වර්ධනය කෙරෙන අවස්ථාවක් වනු ඇත.

නෙදර්ලන්තයේ Rijksmuseum කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ මෙම කෞතුක භාණ්ඩ පරීක්ෂාවට ලක්කිරීමේදී, දෙරට අතර අන්‍යොන්‍ය සම්බන්ධතාවන්හි නව මානයක් අනාවරණය කරන කරුණු රාශියක් හෙළි කරගැනීමට හැකි විය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, කන්ද උඩරට රාජධානියේ තිබී නෙදර්ලන්තය වෙත ගෙන යන ලද දුර්ලභ පුරාවස්තු 6 ක් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාව ලැබිණි. මෙම පුරාවස්තු අතරට රන් හා රිදී කස්තාන දෙකක්, රන් පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාව සතුව පැවති කාලතුවක්කුවක් ඇතුළත් වේ. 1765 වසරේදී කන්ද උඩරට රජ මාලිගය අල්ලා ගැනීමෙන් අනතුරුව, එහි තිබූ මෙම භාණ්ඩ ලන්දේසි පෙරදිග ඉන්දියා සමාගම විසින් එරටට රැගෙන යන ලදි. මෙම පුරාවස්තු 2023 දෙසැම්බර් 05 වන දින සිට කොළඹ ජාතික කෞතුකාගාරයේදී දැකබලා ගැනීමට මහජනතාවට අවස්ථාව ලැබෙනු ඇත.

මෙම පුරාවස්තු නැවත ගෙන්වාගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වූයේ, 2022 අප්‍රේල් මාසයේදී මෙම පුරාවස්තුවල සම්භවය සම්බන්ධයෙන් සිදුකරන ලද ජාත්‍යන්තර සහයෝගීතා පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙනි. මෙම පර්යේෂණය මගින් ඒවා ශ්‍රී ලාංකික සම්හවයක් සහිත පුරාවස්තු බව තහවුරු විය. එම පුරාවස්තු සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමන් විසින් කරන ලද රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීම, ඒවා නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා අතිශයින් වැදගත් විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සනුජා කස්තුරිආරච්චි මහත්මිය පැවසුවේ, සංස්කෘතික උරුමය රැකගනිමින් දැනුම හුවමාරු කරගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව කෙතරම් වැදගත්ද යන්න මින් පැහැදිලි වන බවයි.

‘Pilot Project Provenance Research on Objects of the Colonial Era’ (PPROCE) විසින් සිදුකරන ලද මෙම පර්යේෂණය, සම්භව අධ්‍යයනය විෂය සම්බන්ධ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ. මෙම පුරාවස්තු නැවත භාරදීම සහ, ඒ ඔස්සේ නෙදර්ලන්තයේ සහ ශ්‍රී ලංකාව අතර ඇති වූ සංස්කෘතික සහයෝගීතාව, අනාගත හවුල්කාරීත්වයන් සහ ශ්‍රී ලාංකීය පුරාවස්තු නැවත මෙරටට ලබා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරයි.

PR

Post Views: 5
Previous Post

අනවශ්‍ය බදු බරක් ගැන ජනතාව බිය විය යුතු නෑ – රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

Next Post

මම මැරුවත් දූෂණයට එරෙහි සටන නවත්වන්නේ නැහැ – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

මම මැරුවත් දූෂණයට එරෙහි සටන නවත්වන්නේ නැහැ - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved