දේශිය වෙලෙඳපොල තුල පොල් මිල ඉහළ යාම හේතුවෙන් පොල් සංවර්ධන මණ්ඩලය විසින් අද (22) දින සිට සහන මිලට පොල් ලබා දීමට කටයුතු කර තිබේ.
ඒ අනුව සහන මිලට කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල පොල් බෙදා හැරීම සිදු කරනු ඇත.
පසුගියදා දේශිය වෙළෛඳ පොල තුළ පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, පොල් වගා කිරිමේ මණ්ඩලයේ සභාපති සහ පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සමඟ සිදු කෙරිණි.
එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙලෙස සහන මිලට පොල් බෙදා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබිණි.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රුපියල් 60 ක සහන මුදලකට ලොරි රථ යොදාගෙන පොල් බෙදා හැරිම ආරම්භ කර තිබේ.
හලාවත වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම, පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් මෙලෙස පොල් බෙදා හැරීම සිදු කර ලැබේ.