• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සහල් අතිරික්තය අඩු ආදායම්ලාභීන්ට බෙදා හැරිම අගමැති ප්‍රධානත්වයෙන්

26 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහ කන්නයේ රජයේ වී මිලදී ගැනීම් සහ වී බැහැර කිරීම් වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් බෙදාහැරීම අද (26) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගමදී සිදු කෙරිණ.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “ අස්වැන්න කපා රටේ අස්වැන්න අඩු ප්‍රදේශ වලට ලබා දීමේ හැකියාව දැන් ලැබී තිබේ . විශේෂයෙන් සහල් අතින් විශාල ඉදිරි පියවරක් තැබීමට හැකි වී ඇත. ගොවි ජනතාවට මුහුණ දීමට සිදුවුණු විවිධ ගැටලු ප්‍රමුඛතා කරුණු අතරට ගනිමින් ලිහිල් කිරීමට රජය ක්‍රියා කළේය. විශාල හැකියාවක් විස්වාසයක් ඇති අපේ රටේ ගොවි ජනතාව මහපොළොවෙන් සහල් නිෂ්පාදනය කරන්නට පුළුවන්කම ඇති කළා. ඒ සමඟම ඔබද අපද ජීවත්වන සෑම ග්‍රාම සේවක කොට්ටාශයකම ගමින් ගමට ඇති ගෙවතු වගාව වැඩි කිරීමට උනන්දුව ඇති කරන්නට කටයුතු දියත් කළා. ඒ වෙනුවෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් ග්‍රාමසේවක කොට්ඨාස හතළිස් එක්කමත් යොමුවීම ගැන ස්තුතිවන්ත වෙනවා. ග්‍රාමසේවක කොට්ඨාස වල ජීවත් වන සැමට අලූත් උත්සාහයකට එක්වෙන්නට පුළුවන්කම ලැබුණා. අපි කුමක් හෝ දෙයක් වගා කරලා එහි ඵලය ඉක්මනින් භුක්ති විඳින්නට පුළුවන් මහා පින්වන්ත ජාතියක්. වැඩි වුනොත් දවස් හැටයි යන්නේ. දවස් හැටෙන් කුමක් හෝ දෙයක් මේ මහ පොළොවෙ පැල කළොත් වගා කළොත් පල නෙළන්නට පුළුවන් මහ පොළොවක් අපේ මහපොළොව. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් මෙන්ම ගමින් ගමට ගෙවතු වගාවෙන් එක් වුනු සෑම නිවහන කම සියලුදෙනාටම අපි අපේ ගෞරවය කෘතවේදීත්වය පිරිනැමේ. දිස්ත්‍රික්කයට අවශ්‍ය තරමට වඩා අතිරික්තයක් තියෙන තවත් දිස්ත්‍රික්කයකට යවන්නට පුලුවන් කමක් ඇති තත්ත්වයට හම්බන්තොට දිස්ත්‍රික්කය පත්කිරීමට හැකිවීම සුවිශේෂී තත්ත්වයක්. දකුණු පළාතේ ගොවි ජනතාව සමග ගිය සතියෙ මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කලා. ඒ දිස්ත්‍රික්කයේ අතිරික්තය කොළඹ දිස්ත්‍රික්කයට එවීම සඳහා එකඟ වීමත් සමඟ අපේ දිසාපති තුමා විසින් එය සම්බන්ධීකරණය කොට ජනාධිපතිතුමාගේ තීරණය පරිදි අඩු ආදායම්ලාභී ආහාර දුෂ්කරතාවයන්ට මුහුණ දෙන හැම පවුලකටම සහල් ප්‍රමාණයක් ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන්නට පුළුවන් වීම සැබැවින්ම ජයග්‍රහණයක්. අපි හුඟක් කෑගහනව වාහන වලට දෙන තෙල් ප්‍රමාණය මදි කියලා. වාහන වලට දෙන තෙල් ප්‍රමාණය පුච්චනවා. එය පිටරටින් අපි ගේන්නේ. ඒකට විදේශ විනිමය අවශ්‍යයි.ඒක පුච්චන දෙයක්. නමුත් සහල් ගොවි ජනතාව නිෂ්පාදනය කලාම එය තවත් අඩුවෙන් තියෙන තැන්වලට ප්‍රදේශවලට ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. කෙසේ හෝ අපි රටේ තිබුණු මූලික ගැටළු විසඳාගෙන රටවැසියාට හොඳ හෙට දවසක් ගොඩනැගීම සඳහා කැපවිය යුතුය. මහජන මන්ත්‍රීවරයා ලෙස හතලිස් අවුරුද්දක් මහරගම ජනතාව සමඟ මම වැඩ කරලා තිබෙනවා. අපට දිය හැකි සෑම සහයෝගයක් ම වැඩිහිටියන් තරුණයන් බාලයන්ට ලබාදීමට ක්‍රියා කෙරේ. දේශපාලන මත භේදයක් නොමැතිව එම සේවා ඔබ වෙනුවෙන් එදා වගේ අදත් ඉෂ්ට කිරීමට අප බැඳී සිටි. සහයෝගයෙන් එකමුතුවෙන් අත්වැල් බැඳගෙන අපේ රට මේ මුහුණ දෙන අමාරු කාලය අපි පසු කරමු.
ඒ විශ්වාසයේ මගට අප අද පැමිණ තිබේ . අපට ජාත්‍යන්තරව ලෝකයේ රටවල් සියල්ලම පාහේ දැන් උදව් දෙන්න පුළුවන්කම ප්‍රකාශ කරලා තියෙනවා. වත්මන් රජයේ ප්‍රතිපත්ති හේතුවෙන් විදේශ රටවල් සමඟ බැංකු සමග ගනුදෙනු කිරීමේ පුළුල් අවස්ථාව දැන් උදා වී තිබේ. ගනුදෙනු නවතා තිබුණු සෑම බැංකුවක් ම සහාය පළ කර ඇත. හැම බැංකුවක්ම ඉකුත් සතියේ සිට මෙරට බැංකු සමග ක්‍රියා කරන තීරණය අපේ රට ගොඩ ගැනීමේ ක්‍රියාදාමයේ පළමු ජයග්‍රහණයයි. ඉදිරියේ දී භාණ්ඩ ආනයනය ට තිබෙන නීති ලිහිල් කොට තවත් ජීවන වියදම සැහැල්ලු කිරීමට දරන උත්සාහය සාර්ථක කරන්නට අපි කැපවී වැඩ කරමු. තමුන්නාන්සේලාගේ මහා ජන වරමෙන් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරයෙක් ලෙස අපේ රටේ ඉතිහාසයේ ලොකුම අන්තරාව ට වැටුණු වෙලාවේ තමයි අග්‍රාමාත්‍ය ධූරය මම භාරගත්තේ. ජනාධිපතිතුමා ජනාධිපති ධූරය බාර ගත්තේ. ඒ ඔබත් අපත් රටත් මේ අර්බුදයෙන් ගොඩ ගෙන යළිත් රටට ඒ විශ්වාසනීය මාර්ගය සකසා දෙන්නටයි. අඩු ආදායම්ලාභීන් පිළිබඳව මේ කරගෙන යන තොරතුරු එකතු කිරීමේ වැඩපිළිවෙළ හමාර වූ වහාම එම දීමනාව වැඩිකිරීම සඳහා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. අද ආරම්භ කළ මේ වැඩසටහන ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක ම ග්‍රාමසේවක කොට්ඨාශ කිහිපයකින් හෝ ආරම්භ කර ඉදිරි දින කිහිපයේ දී නිමාවට පත් කරන්නට අපට පුළුවන්කම ලැබේවි. මේක අපේ ගොවි ජනතාව ලබාදුන් ජයග්‍රහණයක්. රටින් ගෙනල්ලා නෙවෙයි. එය ආඩම්බරයෙන් සතුටින් භුක්ති විදින්නට කටයුතු කරන්න කියන ටික සඳහන් කරනවා. යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සලෝචන ගමගේ, කොළඹ දිසාපති කේ.ජී විජේසිරි, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

Post Views: 2
Previous Post

මහ බලවතුන්ගේ ගැටුම් ශ්‍රී ලංකාවට ඉන්දියානු – අප්‍රිකානු වෙළෙඳපොළ වෙත ප්‍රවේශවීමට බාධාවක් විය නොහැකියි – ජනපති

Next Post

ධීවර කටයුතුවල යෙදී සිටි අයෙකු දියේ ගිලී මිය යයි

editor

editor

Next Post

ධීවර කටයුතුවල යෙදී සිටි අයෙකු දියේ ගිලී මිය යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved