‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මහනුවර මිනිපේ ප්‍රදේශයේදී නායයාමකට ලක්ව මියගිය පුද්ගලයන් 31 දෙනෙකු සිහිපත් කරමින් පවත්වන ලද තෙමස් පූර්ණ දානමය පුණ්‍යකර්මයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) සහභාගී විය. පමුණුපුර බටමුල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී සංඝරත්නය 70 නමක් උදෙසා මෙම දානය පිළිගැන්වූ අතර, ජනාධිපතිවරයා එහිදී ව්‍යසනයෙන් මියගිය පවුල්වල ඥාතීන් හමුවී ඔවුන්ට සිය ශෝකය ප්‍රකාශ කළේය. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය මීට වැඩම කර සිටියහ.














