“ඩිට්වා” සුළි කුණාටුවෙන් හානියට පත් වූ උතුරු දුම්රිය මාර්ගයේ කොටස් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව එහි දුම්රිය ධාවන කටයුතු ඊයේ (09) සිට යළි ආරම්භ කෙරිණි. ඇමරිකානු ඩොලර් මිලියන 450ක පුළුල් සහන පැකේජයක කොටසක් ලෙස ඉන්දීය රජය විසින් ලබා දුන් ඩොලර් මිලියන 5ක ප්‍රදානයක් යටතේ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇති අතර එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර මෙලෙස දුම්රිය සේවා යථා තත්ත්වයට පත් කිරීම උතුරු පළාතේ ජනතාවට මහත් සහනයක් වනු ඇත. මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක බලවතුන්ගේ අවධානය වෙනතකට යොමුව ඇති මෙවැනි අවස්ථාවක පවා ඉන්දියාව සිය අසල්වැසි ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දක්වන අඛණ්ඩ දායකත්වය මෙහිදී කැපී පෙනෙන අතර මෙමගින් ප්‍රදේශයේ ප්‍රවාහන සබඳතා සහ ආර්ථික කටයුතු යළි සක්‍රීය වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.













