දිවුලපිටිය ප්‍රදේශයේ සිට සෝමාවතිය පුදබිම වැඳපුදා ගැනීමට පැමිණි වන්දනාකරුවන් රැගත් බස් රථයක් අද (24) උදෑසන සුංගාවිල – සෝමාවතිය ප්‍රධාන මාර්ගයේ 36 කණුව අසලදී අනතුරට ලක්ව තිබේ. බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් වහාම පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
පුලස්තිගම පොලිසිය සඳහන් කරන්නේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට සැක කරන බවයි. වන්දනා සමයේ මෙවැනි අනතුරු ඉහළ යාම හේතුවෙන් රියදුරන් වඩාත් විමසිලිමත් විය යුතු බව පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරයි.












