• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගම්පහ මහනගර සභාවේ සියලුම අංශ සම්බන්ධයෙන් විගණනයක් කරන්න – ඇමති ප්‍රසන්න

26 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගම්පහ මහනගර සභාවේ සියලුම අංශ සම්බන්ධයෙන් විගණනයක් සිදුකොට සති දෙකක් ඇතුළත තමාට වාර්තාවක් ලබාදෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ නාගරික කොමසාරිස්වරියට ඊයේ (25) උපදෙස් දුන්නේය.

එහිදී අමාත්‍යවරයා සදහන් කළේ සේවාවන් ලබාගැනීමට නගරසභාවට පැමිණෙන ජනතාව අපහසුතාවට පත්වන බවට ජනතාවගෙන් මෙන්ම මහජන නියෝජිතයන්ගෙන්ද තමන්ට පැමිණිලි ලැබී තිබෙන බවයි.

මෙයට ප්‍රධාන හේතුව නිළධාරීන්ගේ දුර්වලතා බව කී අමාත්‍යවරයා එවැනි නිළධාරීන් ඉවත්කර වැඩකළ හැකි නිළධාරීන් සමඟ ඉදිරි වැඩකටයුතු කරගෙන යාමට තමන් සූදානම් බවද සදහන් කළේය.

ගම්පහ මහනගර සභාවේ පැන නැගී ඇති ගැටලු විසඳීම සදහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (25) පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය ” ගම්පහ මහ නගරසභා සීමාවේ මාර්ගවල වීදි පහන් නඩත්තුව නිසි පරිදි සිදුවන්නේ නැහැ. මේ ගැන මහජනතාව වගේම නගරසභාවේ හිටපු මහජන නියෝජිතයන්ගෙනුත් මට පැමිණිලි ලැබිලා තිබෙනවා. මම මේ ගැන නගරසභාවට කිහිප වතාවක්ම දැනුම් දුන්නා.නමුත් තවම ප්‍රශ්නය විසඳිල නෑ.තවදුරටත් මේ ප්‍රශ්නය දිග්ගැස්සෙන්න දෙන්න බෑ. නගරසභාව ගන්න තීන්දු තීරණ නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න ඕන.නිළධාරීන් වැඩ කරන්නෙ නැති වුණාම මිනිස්සු බණින්නෙ අපිට. පහුගිය දවස්වල මහජන නියෝජිතයන්,නගරසභාවේ නිළධාරීන්ට බැණල තිබුණා. මේව ගහ බැනගෙන විසඳන්න බැහැ. මට නගරසභාවේ සියලුම අංශ විගණනය කරල සති දෙකක් ඇතුළත වාර්තාවක් ඕන. මම ආණ්ඩුකාරතුමා එක්ක ප්‍රශ්නය විසඳගන්නම්. ඒ වගේම නගර සභාවට අයිති සියලුම මාර්ග නිසි පරිදි නඩත්තු කෙරෙන්න ඕන.අත්තනගල්ල ජල ව්‍යාපෘති නිසා කැඩුණු පාරවල් නැවත හදන්න ඕන. හරිනම් ඒ පාරවල් හදන්න ඕන ජලසම්පාදන මණ්ඩලයයි. නමුත් මේ වෙලාවේ රටේ මූල්‍ය අර්බුදයක් තියෙනවා. ඒක නිසා ජලසම්පාදන මණ්ඩලයෙන් මුදල් ලැබීම ප්‍රමාද වේවි. ඒ මුදල් ලැබෙනකම් නගරසභාවේ ගිණුමේ තියෙන සල්ලි වියදම් කරල පාරවල් හදන්න. ⁣රාජ්‍ය ආයතනවල ගිණුම් වල සල්ලි ඉතුරු කරගෙන ඉඳල හරියන්නේ නැහැ.ඒව මහජන මුදල්.ඒනිසා ගිණුම්වල තිබෙන සල්ලි යොදවල පාරවල් හදන්න. එක එක්කෙනාට අවශ්‍ය විදියට පාරවල් හැදෙන්න බැහැ. ඒ නිසා මහජන නියෝජිතයන්ට අසාධාරණයක් නොවෙන විදියට පාරවල් හැදෙන්න ඕන. ඒ නිසා නගරසභාවේ ගිණුම් වාර්තා ගැනත් මට ඒ සම්බන්ධවත් වාර්තාවක් ඕන. ජනසභා රැස්වීම් නිසි පරිදි පවත්වන ඕන. ඒ තීන්දු ප්‍රාදේශීය හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදි අනුමත කරගෙන වැඩ කරගෙන යමු. පුද්ගලයන් පදනම් කරගෙන සංවර්ධනය සැලසුම් ක්‍රියාත්මක කරන්නෙ නෑ. ඒ වගේම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒ සදහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර, උපකරණ කිසි දෙකක් පුද්ගලික අංශයෙන් ගන්න එපා. නාගරික සංවර්ධන හා නි වාස අමාත්‍යංශය යටතේ තිබ ආයතනවලින් ඒ දේවල් ගන්න පුළුවන් යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ගම්පහ මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරංග සේනානායක,ගම්පහ නාගරික කොමසාරිස් සුලෝචනා බාලසූරිය, හිටපු පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් ගුණවර්ධන මහත්වරුන් ද හිටපු නාගරික මන්ත්‍රීවරුන් , රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

Post Views: 15
Previous Post

වර්තමානයට ගැළපෙන නව නීති හඳුන්වාදීමට ආණ්ඩුව කටයුතු කරනවා – ඇමැති මනුෂ

Next Post

රජයට ශ්‍රී පාදස්ථානයට වඩා මැදමූලන වලව්වයි එහි කුමාරවරුන් උතුම් වෙලා – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

රජයට ශ්‍රී පාදස්ථානයට වඩා මැදමූලන වලව්වයි එහි කුමාරවරුන් උතුම් වෙලා - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රජා ශක්ති වැඩසටහන ව්‍යවස්ථාවට පටහැනියි – එම්.ඒ. සුමන්දිරන්

ප්‍රජා ශක්ති වැඩසටහන ව්‍යවස්ථාවට පටහැනියි – එම්.ඒ. සුමන්දිරන්

16 January 2026
බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

16 January 2026
වෙනිසියුලානු විපක්ෂ නායිකාවගේ සාම ත්‍යාගය ජනපති ට්‍රම්ප්ට

වෙනිසියුලානු විපක්ෂ නායිකාවගේ සාම ත්‍යාගය ජනපති ට්‍රම්ප්ට

16 January 2026
යතුරුපැදි සොරකම් කළ තිදෙනා අත්අඩංගුවට

යතුරුපැදි සොරකම් කළ තිදෙනා අත්අඩංගුවට

16 January 2026

Recent News

ප්‍රජා ශක්ති වැඩසටහන ව්‍යවස්ථාවට පටහැනියි – එම්.ඒ. සුමන්දිරන්

ප්‍රජා ශක්ති වැඩසටහන ව්‍යවස්ථාවට පටහැනියි – එම්.ඒ. සුමන්දිරන්

16 January 2026
බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

16 January 2026
වෙනිසියුලානු විපක්ෂ නායිකාවගේ සාම ත්‍යාගය ජනපති ට්‍රම්ප්ට

වෙනිසියුලානු විපක්ෂ නායිකාවගේ සාම ත්‍යාගය ජනපති ට්‍රම්ප්ට

16 January 2026
යතුරුපැදි සොරකම් කළ තිදෙනා අත්අඩංගුවට

යතුරුපැදි සොරකම් කළ තිදෙනා අත්අඩංගුවට

16 January 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රජා ශක්ති වැඩසටහන ව්‍යවස්ථාවට පටහැනියි – එම්.ඒ. සුමන්දිරන්

ප්‍රජා ශක්ති වැඩසටහන ව්‍යවස්ථාවට පටහැනියි – එම්.ඒ. සුමන්දිරන්

16 January 2026
බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

16 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved