27 April 2024
#දේශීය

රජයට ශ්‍රී පාදස්ථානයට වඩා මැදමූලන වලව්වයි එහි කුමාරවරුන් උතුම් වෙලා – විපක්ෂ නායක සජිත්

ශ්‍රී පාදයට විදුලි බිලක් ලබා දුන්නත් හිටපු ජනාධිපතිවරයාට, ඔහුගේ පුතාගේ විවාහවලට විදුලි බිල් ලබා නොදෙන බවත් ශ්‍රී පාදස්ථානයට වඩා මැදමූලන වලව්ව, එහි කුමාරවරු සහ ඔවුන්ගේ විවාහ මංගල්‍යයන් උතුම් ද කියා ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටේ සම්බුද්ධ සාසනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විශේෂිත වූ ස්ථානයක් ලබා දී ඇතත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී පාදස්ථානයට පවා විදුලි බිලක් යොමු කිරීමට රජය කටයුතු කර ඇති බව හෙතෙම පැවසිය.

එසේම රටේ බලශක්ති ඇමතිවරයා කැබිනට් තීන්දු හා රටේ නීති කඩ කර 3 වැනි වතාවටත් සියයට 400කට වැඩි විදුලි බරක් පටවා ඇති බවත් ලක්ෂ 220ක් ජනතාව අසහනයට පත් වන විට රටේ පාලකයන් සුන්දර ජන ජීවිතයක් ගත කරන බවත් රජය මේ සිදුකරන ක්‍රියා සම්බන්ධයෙන් ලැජ්ඡා විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (25) සක්වල වැඩසටහනේ 38 වැනි වැඩසටහන යටතේ ගම්පහල මීරිගම කඳන්ගමුව මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56 කට රුපියල් 171,966,900 ක් වටිනා රෝහල් උපකරණ ලබා දී ඇති බවත් සක්වල බස් රථ වැඩසටහන යටතේ රජයේ පාසල් 80ක් සදහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දුන් අතර ඒ සදහා රු :389,200,000 ක් වැය විය. එසේම සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ රජයේ පාසල් 38ක් සදහා රුපියල් ලක්ෂ 342ක වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *