27 April 2024
#ක්‍රීඩා

කොලේ වහලා ගහන්නේ නෑ

යුදමය කටයුතු සඳහා මත්තල ගුවන්තොටුපළ භාවිතා කිරීමට ඉඩ නොදෙන බවත් එය හවුල් ව්‍යාපාරයක් පමණක් බව එහි අදාළ ගිවිසුම අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේ මත්තල ගුවන්තොටුපල විදේස් සමාගමකට විකුණාදැමීමට කටයුතු කර ඇත්දැයි ප්‍රශ්න කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ කිසිම ආකාරයෙන් යුදමය කටයුතු සඳහා මත්තල ගුවන්තොටුපළ භාවිතා කරන්න ඉඩ නොදෙන බවත් ගුවන්තොටුපල හවුල් ව්‍යාපාරයක් බවත් මේ වනවිට සාකච්ඡා සිදු කරන බවත් සාකච්ඡාවලින් පිට ගිවිසුම් ගහන්නේ නැති බවයි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය ” මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළඉතාම පාරදෘශ්‍යභාවයෙන් යුතුව 2015 දී අමාත්‍ය මණ්ඩලයට දීර්ඝ සංදේශයක් ඉදිරිපත් කළා, දේශීය හෝ විදේශීය ආයෝජකයකුට අඳහස් ඉදිරිපත් කරන්න කිව්වා.සමස්ත ගුවන්තොටුපලේ සංවර්ධනයට යෝජනා ආවේ නෑ.ඉන්දියානු රජය උනන්දුවක් දක්වලා,හවුල් ව්‍යාපරයක් ලෙස දියුණු කිරීමට කමත්ත පළ කර යෝජනාවක් ඉදිරිපත් කළා. අමාත්‍ය මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කළා.වටිනාකමින් සියයට 70%ක් ඉන්දියානු සමාගම මිලදී ගන්න කැමැත්ත පළ කළා. දැන් සාකච්ඡා කරගෙන යනවා. පෙර කොන්දේසි ගණනවක් තිබෙනවා. ඒවා වෙනස් කරන්න බෑ. රජයේ තක්සේරුවෙන් සියයට 70% ඉන්දියානු සමාගම ගෙවිය යුතුයි. මෙය ව්‍යාපාරික ගනුදෙනුවක් පමණයි. කිසිම ආකාරයෙන් යුදමය කටයුතු සඳහා ගුවන්තොටුපළ භාවිතා කරන්න ඉඩ දෙන්නේ නෑ. ගුවන් ගමන් හැසිරවීම පිටරැටියෙකුට එන්න බෑ. ගුවන්තොටුපලේ ආරක්ෂාව සම්බන්ධයෙන් පිට කිසිම කෙනෙකුට බලයක් නෑ. සේවක සුරක්ෂිතතාවය රැකලා තිබෙනවා.රට පිළිබඳ ජාතික ආරක්ෂාව ,සේවක ආරක්ෂව, රටේ සංවර්ධනය පිළිබඳ අවධනය යොමු කරගෙන මෙම මත්තල ආයෝජනය සිදු කරන්නේ. වසර පහක් තුළ සක්‍රීය ගුවන්තොටුපලක් බවට පත් කිරීමට ව්‍යාපාරික සැලැස්මක් ඉදිරිපත් කළ යුතුයි .සකස් කරන ගිවිසුම කබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ගිවිසුම අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *