• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මේ අවස්ථාවේ බොරදියේ මාළු බාන්න එපා – අගමැති

19 April 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අර්බුදයෙන් ගොඩ එන්න රටක් ලෙස අප හැම දෙනාම එක්ව කටයුතු කළයුතු මොහොතක් දේශපාලනික වශයෙන් බොරදියේ මාළු බාන්න මෙය අවස්ථාව නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) දින පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක කරමිනි.

එම විශේෂ ප්‍රකාශය පහත පරිදි වේ.

ගරු කථානායකතුමනි,

මේ වනවිට රට මුහුණ පා ඇති අභියෝගයන් පිළිබඳව මේ ගරු සභාවේ සිටින මන්ත්‍රීවරුන්ට හොඳ අවබෝධයක් තියෙනවා. අපේ රට ඉතිහාසය පුරා දිගු කාලීනව මුහුණ දුන් ආර්ථික අභියෝගය අද වනවිට ඉතා දුෂ්කර තැනකට පත්ව තිබෙනවා.

ගරු කථානායකතුමනි,

ආණ්ඩුවක් කවදාවත් කැමැත්තෙන් තමන්ගෙ ජනතාව දුෂ්කරතාවයට පත්කරන්නෙ නැහැ. එහෙත් අද රටේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටින බව අප පිළිගත යුතුයි.

විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය, ගෑස් අර්බුදය අපට පෙනෙන දුෂ්කරතා පමණයි. මේ නිසා ඇතිවුණ තවත් නොයෙක් දුෂ්කරතාවයන්ටත් ජනතාව අද මුහුණ දෙන බව මා දන්නවා.
ගරු කථානායකතුමනි,

මේ අප ගෙවමින් සිටින්නේ මේ අර්බුදයෙන් ගොඩ එන්න රටක් ලෙස අපි හැම දෙනාම එක්ව කටයුතු කළයුතු මොහොතක්. දේශපාලනික වශයෙන් බොරදියේ මාළු බාන්න මෙය අවස්ථාව නෙමෙයි කියලයි මා විශ්වාස කරන්නෙ. අපි හැමදෙනාම ගැන ජනතාව බලා සිටිනවා. කවුද අවංකව රටට ආදරය කරන්නෙ කියලයි ඔවුන් බලාගෙන ඉන්නෙ. ඒ නිසා රජයක් ලෙස අපට තිබෙන වගකීමෙන් මිදෙන්න බෑ වගේම මේ අර්බුදයෙන් ගොඩ එන්න අපට තිබෙන සැලසුම් එකින් එක ඉදිරිපත් කිරීම අවශ්‍යයයි.
ගරු කථානායකතුමනි,

දේශපාලනික වශයෙන් අපට තිබෙන මතභේද විසඳගන්න කලින් රට මුහුණ දී තිබෙන අභියෝගයෙන් රට මුදාගන්නයි අපි ප්‍රමුඛත්වය දිය යුත්තේ. ඒ නිසා රජයක් විදියට විරුද්ධ පක්ෂයටත් කිසිදු භේදයකින් තොරව රට ගොඩනගන්න එක්වන්නැයි අප ආරාධනා කළේ අවංක චේතනාවෙන්.ඒ ආරාධනය අදටත් වලංගු බව මා ඔබට සිහිපත් කරනවා.

 

ගරු කථානායකතුමනි,

රටේ පවතින අර්බුදය ජය ගැනීමට නම් ඒ සඳහා ආර්ථික කළමනාකරණය ඉතා වැදගත්. ඒ වෙනුවෙන් ජනතාවගේ මෙන්ම මේ උත්තරීතර සභාවේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඇගයීමට ලක්වන ආර්ථික කළමනාකරණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර අත්දැකීම් සහිත ආර්ථික විශේෂඥයන් තිදෙනෙකු පත්ව සිටිනවා. මහ බැංකුව ඇතුළු මූල්‍ය පරිපාලනය වෙනුවෙන් ඒ සම්බන්ධව ජාත්‍යන්තරව පිළිගත් පුද්ගලයෙක් පත්කරන්න අප කටයුතු කළා.

ඒ විතරක් නෙමෙයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු විවිධ ජාත්‍යන්තර ආයතන සමඟ අපි දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඔවුන්ගෙන් අපට ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. ඒ වගේම අපේ මිත්‍ර රටවල් මේ මොහොතේ අප සමඟ මේ ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය සහය ලබා දෙමින් සිටිනවා.

ගරු කථානායකතුමනි,

මුදල් අමාත්‍යතුමා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා, මහා බැංකු අධිපතිතුමා මේ මොහොතේත් දැඩි කැපවීමකින් යුතුව ඔවුන්ගේ වගකීම සහ යුතුකම රට වෙනුවෙන් ඉටුකරමින් සිටිනවා.එහෙත් මෙවැනි අවස්ථාවක අප වඩාත් කල්පනා කළ යුත්තේ කෙටි කාලීනව තත්ත්වය කළමනාකරණය කර ගන්නවා වගේම දිගු කාලීනව මෙවැනි අර්බුදයන් නැවත රට තුළ ඇති නොවීමට වග බලා ගැනීමේ ස්ථිර අඩිතාලමක් දැමීමයි. විරෝධතාවයට එහා ගිය මැදිහත්වීමක් ඊට අවශ්‍ය බව මා කලින් සිහිපත් කළේ ඒ නිසයි.
ගරු කථානායකතුමනි,

ඇතිවෙලා තිබෙන අර්බුදයට විසඳුම් අප සෙවිය යුත්තේ සාකච්ඡා මාර්ගයෙන්. අර ගාලුමුවදොර විරෝධතාවයේ නිරත කණ්ඩායම්වලටත් මා සාකච්ඡාවකට එන්නැයි මීට පෙර ආරාධනා කළා. ඔවුන්ගෙ වටිනා අදහස් අරගෙන කළ යුතු මැදිහත්වීම කරන්න අප ඉදිරිපත් වුණ බව සිහිපත් කළ යුතුයි.

ගරු කථානායකතුමනි,

දීර්ඝ කාලීන විදුලි කප්පාදුවලට එක් හේතුවක් වූයේ නිසි කලට විදුලි බලාගාර ඉදි නොවීමයි. පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව තැබූ ඉදිරි පියවර ඇතැම් පිරිස් හිතාමතාම මග හැරියා. දැන් ඒ වරද අතීතයට පවරා ඵලක් නැහැ. අපි ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. බලාගාරවලට අවශ්‍ය ඉන්ධන හිඟය පියවමින් සිටින නිසාත් මේ වන විට මධ්‍යම කඳුකරයට වැසි ඇද හැලෙන නිසාත් මේ ප්‍රශ්නය ඉතා ඉක්මනින් විසඳන්න අපට පුළුවන්.

දවසෙන් දෙකෙන් මේ ප්‍රශ්නය අවසන් වෙනවා කියනවාට වඩා අපට හැකි ආසන්නම තැනින් අපි විසඳුම දෙනවා කියන එක වැදගත්. මිනිත්තුවෙන් මිනිත්තුව හරි අපි විදුලි කප්පාදුව අඩු කරනවා.
ඒ වගේම ඉදිරි සති කිහිපය තුළ ඉන්ධන හා ගෑස් හිඟය පාලනය කරන්න අවශ්‍ය පියවර ගෙන තිබෙන බව අතිගරු ජනාධිපතිතුමා, ඊයේ දිනයේ ජනතාව හමුවේ ප්‍රකාශ කළා. ඉන්ධන ලැබෙන බවට විශ්වාසයක් තිබෙන නිසා ඉන්ධන හිඟයක් එනවයි කියලා සැකයක් තියා ගන්න එපා.

එදිනෙදා වැඩ කරන ජීවිතේ පැය කිහිපයක් පෝලිම්වල ඉන්න ගියාම ඇතිවෙන වේදනාව දන්න නිසා, මේ තත්ත්වය මඟ හැරීමට අවශ්‍ය බව අපි පිළිගන්නවා. විසි හතර පැයෙන් විසඳුමක් නොලැබුණත්, අපි ඔබ තව බොහෝ කල් පෝලිම්වල නොතියන බව මතක තබා ගන්න.

ගරු කථානායකතුමනි,

ආර්ථික අර්බුධයට විසඳුම් සොයනවිට ඒ සඳහා අපේ රටේ ආර්ථික, දේශපාලන හා සමාජයීය ස්ථාවරත්වයත් ඉතා වැදගත්. ඒ සඳහා ගත හැකි කඩිනම් හා ප්‍රායෝගික විසඳුම ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇතිවිය යුතු යැයි මා විශ්වාස කරනවා.

ගරු කථානායකතුමනි,

එහි ආරම්භක පියවර ලෙස දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව ප්‍රජාතන්ත්‍රවාදීව බලාත්මක කිරීම කෙටි කාලීනව ගත හැකි කාලෝචිතම විසඳුම බවයි මගේ විශ්වාසය.

ඒ ඔස්සේ යමින් අතිගරු ජනාධිපතිතුමාගේ ද ආශිර්වාදය ඇතිව පුළුල් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් දක්වා අප ගමන් කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් අප ගන්නා වෑයමට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔබ සැමගේ සහයත්, ජනතා ආශිර්වාදයත් ලැබෙනු ඇතැයි මා අපේක්ෂා කරනවා.

Post Views: 3
Previous Post

අමාත්‍ය ප්‍රසන්න ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයේ වැඩ අරඹයි

Next Post

පින් මාලු වලේ ඉදගෙන බාලු බෑවේ අපි නෙවෙයි – විපක්ෂනායක සජිත් කියයි

editor

editor

Next Post

පින් මාලු වලේ ඉදගෙන බාලු බෑවේ අපි නෙවෙයි - විපක්ෂනායක සජිත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

16 July 2025
සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

16 July 2025
පොලිසියට ලස්සන වෙන්න සැලුන් එකක්

පොලිසියට ලස්සන වෙන්න සැලුන් එකක්

16 July 2025
රනිල්ගේ ක්‍රමේට රට අරගන ගියා නම් අපි දිනුම් – වජිර

රනිල්ගේ ක්‍රමේට රට අරගන ගියා නම් අපි දිනුම් – වජිර

16 July 2025

Recent News

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

16 July 2025
සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

16 July 2025
පොලිසියට ලස්සන වෙන්න සැලුන් එකක්

පොලිසියට ලස්සන වෙන්න සැලුන් එකක්

16 July 2025
රනිල්ගේ ක්‍රමේට රට අරගන ගියා නම් අපි දිනුම් – වජිර

රනිල්ගේ ක්‍රමේට රට අරගන ගියා නම් අපි දිනුම් – වජිර

16 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

16 July 2025
සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

16 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved