27 April 2024
#දේශීය

පින් මාලු වලේ ඉදගෙන බාලු බෑවේ අපි නෙවෙයි – විපක්ෂනායක සජිත් කියයි

අග්‍රාමාත්‍යවරයා පවසන ආකාරයට බොරදියේ මාලු බාන්න එපා යැයි පැවසුවාත් පින් මාලු වලේ ඉදගෙන බාලු බෑවේ අපි නොවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ් මහතා අද(19)පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ ප්‍රකාශනය පහත පරිදි වේ.

විශේෂයෙන් ඔබතුමා ගරු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයට ඉඩ ප්‍රස්ථාව ලබා දුන්නා සේම මම ඉල්ලීමක් කරනවා ඔබතුමාගෙන් බොහොම කාරුණිකව ඒ ආකාරයෙන්ම එම කාරණාවට ප්‍රතිචාර ලබාදීමට අවස්ථාව ලබා දෙන්නැයි කියලා මම ඉල්ලීමක් කරනවා. එතුමා ප්‍රකාශ කළා මේ සභාවේ සියලු දෙනාටම උද්ගත වෙලා තිබෙන ප්‍රශ්නය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා කියලා. මම එතුමට කියන් කැමති අපි මේ අවබෝධය ලබාගත්තෙ අවුරුදු දෙක හමාරකට පෙර. මේ රටේ කෝටිපතියන්ට මේ රටේ ප්‍රභූ පන්තියට රුපියල් බිලියන 600ක පොදු සහන ලබාදීලා මේ රටේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට සියයට 02ත් 04ත් අතර ප්‍රමාණයට හිතාමතාම අඩු කරගෙන ලෝකයේ ශ්‍රේණිගත ආයතන switch modish standard and pour ඒ ආයතන අපේ රටේ ශ්‍රේණිය පහල බස්සනකොට ඒ කරුණු කාරණා අපි මේ සභාවේ ඉදිරිපත් කරනකොට විහිලු තහලු කරපු ආකාරය, චෝදනා කරපු ආකාරය, චරිත ඝාතනය කරපු ආකාරය ඒ ශ්‍රේණිගත කිරීම් පහළ වැටෙනකොට අපේ රටට ප්‍රාග්ධන ජාත්‍යන්තර වෙළෙඳපොළට ගිහිල්ලා ඩොලර් ණය Re financing loan අහිමි වෙනවයි කියනකොට මේ සභාවේ ප්‍රතිපක්ෂ කණ්ඩායම, ආණ්ඩු කණ්ඩායම බහුබූත දොඩවනකොට මම අහන්න කැමති අවබෝධය ලැබුණේ නැද්ද Re financing loan ලැබුනා නම් අපිට පුළුවන් ණය සේවාකරණය කරන්න. කැපිටල් එක ගෙවන්නත් පුළුවන් Interest එක ගෙවන්නත් පුළුවන්. මේ රටේ සාර්ව ආර්ථික කළමනාකාරණය බින්දුවට බස්සලා දැන් කියනවා ඔක්කොම වුණේ ඊ.බී. ජයසුන්දර කියපු හින්දලු. ලක්ෂ්මන් හින්දලු, කබ්‍රාල් හින්දලු, ආටිගල හින්දලු. අද කවුරුත් නෑ උත්තර දෙන්න. කොන්දකුත් නෑ කශේරුකාවකුත් නෑ. Re financing loan අපිට නැවත වරක් රටක් හැටියට ගන්න පුළුවන් වෙනාකොට අපිට පුළුවන් ණය සේවා කරනය කරන්න. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට සියයට 119ක් හැටියට වුණාට මතක් කරන්න කැමති ජපානයේ ප්‍රතිශතය සියයට 250යි. ණය ගන්න එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ණය අරගෙන ඒවා යොදවන්න ඕන රටට ප්‍රතිලාභ ලැබෙන ආදායම ලැබෙන ජනතාවට ශක්තිය ලැබෙන ව්‍යාපෘති විදියට.
දැන් ගරු කථානායකතුමනි, අද මොකක්ද සිද්ධවෙලා තියෙන්නේ අද තෙල් ටික ගෙන්න ගන්න තියෙන සල්ලි, බෙහෙත් ටික ගෙන්න ගන්න තියෙන සල්ලි, ආහාර ගෙන්න ගන්න තියෙන සල්ලි, රෝහල් උපකරණ ගෙන්න ගන්න තියෙන සල්ලි, අමුද්‍රව්‍ය ගෙන්න ගන්න තියෙන සල්ලි, අපේ reserves ටික පාවිච්චි කළා ණය ගෙවන්න. පොළිය ගෙවන්න. තාමත් ඉගෙන ගෙන නෑ. තාමත් හිවල්ලු වගේ. අහගෙන ඉන්නවා. ඉගෙන ගන්නවා පාඩම් ටිකක්. කරුණාකරලා.

ගරු කථානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමා කියනවා බොරදියේ මාලු බාන්න එපා කියලා ගරු කථානායකතුමනි, පින් මාලු වලේ ඉදගෙන බාලු බෑවේ අපි නෙවෙයි, ආණ්ඩුවයි කියන එක මම කියන්න කැමති. ඒකයි ඇත්ත කතාව.

ගරු කථානායකතුමනි, දැන් හැමෝටම අවබෝධ කරගන්නලු. ඔව් අපි අවබෝධ කරගත්තා. අපි අවබෝධ කරගෙන අවුරුදු කිහිපයකට පෙර කිව්වා Death stencil එකකට යන්න. Death moratorian (මොරටෝරියම්) එකකට යන්න. Birch (බ්‍රිච්) Financing එකකට යන්න. බයිලැක්රල් සාකච්ඡා පවත්වලා. තේරෙන්නෙ නෑ අපේ කාක්කොන්ට. බයිලැක්රල් කියන්නෙ ද්වි පාක්ෂික. මල්ටිරැක්රල් කියන්නෙ බහු පාර්ශවීය, ඉගෙන ගන්න. අහගෙන් ඉගෙන ගන්න. ද්වි පාර්ශවීය Birch (බ්‍රිච්) Financial එකකට ආණ්ඩුව ගිහිල්ලා තියෙනවද? ජපානෙට කතා කරාද. චීනෙට කතා කරාද? ඉන්දියාවට කතා කරාද?මේ අප්‍රේල් මාසෙ ගෙවන්න තියෙන ලෝන්ස් ගෙවන් බැරුව අද ආණ්ඩුව ගිහිල්ලා තියෙනවා අපි කරන්න එපා කියපු තැනට. මොකක්ද ආණ්ඩුව ගිහිල්ලා තියෙනවා disorder default එකකට. තේරෙනවද එක්. අහලා තියෙනවද? මොලේ කලදක් තියෙනවද?

ගරු කථානායකතුමනි, පැහැදිළිවම මේ ආණ්ඩුව මේ රජය හිතාමතාම මේ රට පත් කරලා තියෙනවා. මේක හිතා මතාම කරපු නිකම් පොඩි වරදක් නෙවේ. මේ රටේ ලක්ෂ විස්සම කනත්තට යවන්න කරපු සාපරාධි ක්‍රියාවක් හැටියටයි. අපි දකින්නේ,

ගරු කථානායකතුමනි, බොහොම සතුටුයි. ගරු අග්‍රාමාත්‍යතුමා කතා කරනවා මූල්‍ය කළමනාකරණය ගැන. ගරු කථානායකතුමා කතා කරනවා ජාත්‍යන්තර ආයතනවලින් දැන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනවලු. මං අහන්න කැමති ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඇයි මේ ජාත්‍යන්තර වශයෙන් කරන ගනුදෙනුව වසර දෙකකට කලින් කරේ නැත්තේ. ඇයි කෝටිපතියන්ට රුපියල් බිලියන හයසියයක බදු සහන ලබාදීලා රාජ්‍ය ආදායම සියයට 02 සිට 04 දක්වා අඩු කරගත්තේ ඇය. ඇයි ඒ අපරාදේ කළේ. ඒ කරපු අපරාදෙ නිසා තමයි අද ගෑස් පෝළිම, තෙල් පෝලිම, කිරිපිටි පෝලිම, ඩීසල් පෝලිම, භූමිතෙල් පෝලිම, හාල් පෝලිම, අද බෙහෙත් ටික නෑ අද උපකරණ නෑ. අද ආණ්ඩුව කරන්නේ ලෝකෙ වටේ හිඟමනේ යනවා බෙහෙත් ටික ගේනන. අද විපක්ෂය කරන්නේ හුස්ම වැඩසටහනෙන් රෝහල් මට්ටමෙන් ගිහිල්ලා රෝහල් උපකරණ ටික අපි ලබා දෙනවා. මේගොල්ලො කරන දේවල් අපි බලයක් නැතිව කරනවා. ඒකයි අපි කරන්නේ.
ගරු කථානායකතුමනි, දැන් මෙතනදි කිව්වා දැන් විසදුම් අවශ්‍යයි කියලා. ඔව් විසදුම අවශ්‍යයි. අපි මේ උත්තරීතර සභාවේ පියවර 09ක් ගැන කතා කරා. අදටත් පත්කරලා තියෙනවද ජාත්‍යන්තර Financial advisersලා. අදටත් පත් කරලා තියෙනවද ජාත්‍යන්තර ලීගල් ඇඩ්වයිසර්ස්ලා, අදටත් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවද ඉන්ටර්නැෂනල් සවරින් බන් හෝල්ඩර්ස්ලා එක්ක. තමන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න. ණය නිවාඩුවක් ලබා ගන්න. ණය හෙයාර් කට් එකක් ගන්න. හෙයාර් කට් එකක් කියන්නේ මේ කොණ්ඩෙ කැපීම නෙවෙයි. අර කපුටු කාක් කාක් වගේ නෙවේ. ණය හෙයාර් කට් කියන්නේ අපිට පුළුවන් කතා කරලා සාකච්ඡා කරලා ණය ප්‍රමාණාත්මකව ණයයි පොළියයි අඩු කරගන්න. ඒවා ආරම්භ කරලා තියෙනවද. අපේ 9. ප්ලෑන් එකේ මේ ඔක්කොම ඉදිරිපත් කරා. අදටත් මේ අය පත්කරගෙන නෑ. Financial advisersලා පත්කරලා නෑ. අද මිනිස්සු නැත්තටම නැතිවෙලා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අනාථ වෙලා. අද මේ රටේ ධීවරයා, කම්කරුවා ගොවියා ලැජ්ජා නැතිව ගොවියට ආත්මඅභිමානයෙන් යුතුව ඉන්න පුළුවන් ජීවිතේ නැති කළා. පොහොර ටික නැති කරා.

රසායන ද්‍රව්‍ය ටික නැතිකරා. වල් නාශක කෘමිනාශක නැති කරා. දැන් සමාව ගන්නවා. එකක් මම කියන්න කැමති මේ තම තමන්ට ඕන විදියට 20 ඉවත් කරලා 19 ගේන එකෙන් අපි සෑහීමකට පත්වෙන්නේ නෑ. විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යයෙන්ම අහෝසි කරන්න ඕන. නිකම් සෙල්ලම් විසදුම් ගේනන් එපා. බොරු බටර් මාජරින් ගේන්න එපා. අපිව නිකම් අන්නවන්න එන්න එපා. මේ ඇන්දවිල්ල නතර කරන්න. ඇත්ත කතා කරන්න. රටට ඇත්ත කියන්න. මම අහන්න කැමති ගරු අග්‍රාමාත්‍යතුමා නැගිටලා ප්‍රකාශයක් කළා අපිට කරුණාකරලා කියන්න. කවදද ගෑස් පෝළිම, තෙල් පෝළිම ඉවර වෙන්නේ. කවදද ඩීසල් ටික ලැබෙන්නෙ. පෙට්රල් ටික භූමිතෙල් ටික ලැබෙන්නේ. කවදද මේ රටේ අම්මලව කිරි පිටි පෝළිමෙන් ඉවත් කරලා ඒ අම්මලට කිරිපිටි ටික ලබා දෙන්න කටයුතු කරන්නේ. ඒ විතරක් නෙවෙයි ගරු කථානායකතුමනි කෝල් ඇවිල්ලා තියෙනවා බලශක්ති උත්පාදනයට. මොකක්ද දෙන විසදුම. ඇයි ඒ නැව්වල තියෙන ගල් අඟුරු ටික නිදහස් කරගන්න බැරි. මොකක්ද හේතුව. දැන් ඔබතුමාලා කියනවා සංචිතවල තිබුණලු ඩොලර් බිලියන 1.7ක්. මේ වැඩි කාලයක් නෑ. මාස කිහිපයකට පෙර. කොහාටද ඒ ඩොලර් බිලියන 1.7 ගියේ. අංක ගණිත ජිල්මාට් එකක් කරා නේද. අද යුවාන් ලැබුණු ටික බොරුවට ඩොලර් ලැබුණා කියලා රට ඇන්දෙව්වා නේද? රට රැවැට්ටුවා නේද. මම අහන්න කැමති ගරු කථානායකතුමනි, මේවද දෙන විසඳුම්. කරුණාකරලා නැගිටලා කියන්න දින වකවානුව සහිතව කවදද මේ රටේ මිනිස්සු මරණ මංචකයට ගෙනියන මේ ආණ්ඩුවේ වැඩකටයුතු නතර කරන්නේ. පැහැදිළිව කියන්න. නිකම් මෙතනට ඇවිල්ල කියන්න එපා හෙට අනිද්දා වෙනකොට පෝලිම් අඩුවෙනවා කියලා. දැන් පෝලිම වැඩී. මිනිස්සු මහ පාරේ. මිනිස්සුන්ට කන්න නෑ. ජීවත් වෙන්න නෑ. නමුත් මේ රටේ පාලකයෝ රාජපක්ෂ ආණ්ඩුව මේ රට වනසනවා. ඒ නිසා මතක තියාගන්න ජන අරගලයේ අද මේ පාර්ලිමේන්තුවේ රැව් පිළිරැව්දෙන ගමන අපි ක්‍රියාත්මක කරනවා. අනිවාර්යයෙන්ම මේ ජනාධිපතිවරයා ඉවත් වෙන්න ඕන. මේ ආණ්ඩුව ඉවත් වෙන්නට ඕනේ. අපි සුබ පතනවා. සත්‍ය තේරුම්ගෙන යථාර්තය අවබෝධ කරගෙන අද විපක්ෂයක් ලෙස ප්‍රගතිශීලි කණ්ඩායමක් අත්වැල් බැඳගත්තා. අපි ඉන්න පාර්ශ්වයේ වාඩි වුණා. නමුත් අපි කියන්නේ නෑ අපි තවම අවබෝධතාවන්ට ඇවිත් නැහැ. නමුත් අපි සූදානම් ඒ සියලුදෙනා සමඟ ප්‍රගතිශීලිව සාකච්ඡා කරලා ජන අරගලයේ මහ පාරේ ඒ දුක් විදින ජනතාවට විසඳුම් ලබා දෙන්න අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. අවසාන වශයෙන් ගරු අගමැතිතුමනි මම නැවත වරක් කියනවා. කවදද ඩීසල් පෝලිම ඉවර වෙන්නේ. කවදද පෙට්රල් පෝලිම, භූමිතෙල් පෝලිම, කිරි පිටි පෝලිම ඉවර වෙන්නේ. කවදද ගෑස් පෝලිම ඉවර වෙන්නේ. කවදද කර්මාන්ත ශාලා වැහෙන එක ඉවර වෙන්නේ.
කරුණාකරලා ගරු අග්‍රාමාත්‍ය තුමනි මේ ප්‍රශ්නවලට අපිට උත්තර දෙන්න. ඒකට උත්තර දෙන්න. ජන අරගලයේ ඒ වීරෝධාර තරුණයන්, අපේ C පරම්පරාව මේ රටේ සිවිල් ප්‍රජාව බලා ඉන්නවා ඔබතුමා කරුණාකරලා මේ ප්‍රශ්නවලට උත්තර ලබා දෙනකම්. මම ගරු කථානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා ගරු අගමැතිතුමාට උපදෙස් දෙන්න මේ අහපු ප්‍රශ්නවලට උත්තර දෙන්නයි කියලා.

ස්තූතියි

Leave a comment

Your email address will not be published. Required fields are marked *