• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසංගතය භිෂණයක් කරගන්න එපා – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

24 December 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වසංගතය භිෂණයක් කරගත යුතු නොමැති බවත් විසදුම් සෙවිය යුත්තේ විද්‍යාත්මක පසුබිමක සිට බව වෛද්‍ය විශේෂඥයින් හමුවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සදහන් කලේ කොවිඩ් 19 පාලනය ශක්තිමත් කිරීම සදහා වෛද්‍ය විශේෂඥයින්ගේ අදහස් ලබාගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කලේ වසංගත රෝගය පාලනය කිරීමේදී මනා ලෙස සැලසුම් කළ තාක්ෂණික තීන්දු තීරණ ගතයුතු බවත්, එය සැමවිටම ජනතා කේන්ද්‍රීය සහ ජනතා හිතවාදී ක්‍රියාවලියක් ඔස්සේ ක්‍රියාවට නැංවිය යුතු බවත් ඒ සදහා මාධ්‍යවල සහ ජනතාවගේ සහයෝගය ලබාගැනීම වැදගත්වන බවයි.

වත්මන් කොවිඩ් 19 පාලනයේ පවතින ගැටළු සහගත තැන්, වසංගත රෝගය පාලනයේ අනාගත දිශානතිය සහ ඉදිරි මාවත, වෛද්‍ය විශේෂඥයින් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සහයෝගය ලබාදීම උපදෙස් ලබාදීම සිදුකල යුත්තේ කෙසේද යන්න මෙන්ම ග්‍රාමීය සහ නාගරික අඩු ආදායම්ලාභීන්ගේ වැඩිහිටි සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවූ අතර මෙම කාලය තුළ වෛද්‍ය අධ්‍යාපනය, හෙද අධ්‍යාපනය මෙන්ම වෛද්‍ය රසායනාගාර තාක්ෂණ අධ්‍යාපනය අඛණ්ඩව සිදුකිරීමේ වැදගත්කම මෙහිදී වෛද්‍ය විශේෂඥයින් විසින් රාජ්‍ය අමාත්‍යවරියගේ අවධානයට යොමුකරන ලදි.

කොවිඩ් 19 සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති එන්නත් මෙරටට ගෙන්වීම පිළිබදව වෛද්‍ය විශේෂඥයින්ගේ මතය විමසූවිට ඔවුන් සදහන් කලේ මේ මොහොතේ කල යුතු වැදගත්ම කටයුත්ත එය බවයි. එබැවින් අනුමත කරන එන්නත ලබාගැනීමට සූදානම් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත දන්වන ලෙස වෛද්‍ය විශේෂඥයින් විසින් මෙහිදී ඉල්ලීමක් කරන ලදි. ඒ හරහා ආර්ථිකය නැවත පණගැන්වීමේ අවස්ථාව උදාවන බවත් සංචාරක කර්මාන්තය සදහා සීමිතව අවස්ථාව ලබාදීම මේ මොහොතේ අගය කලයුතු බවයි. කොවිඩ් 19 සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති එන්නත් හෝ ඖෂධ පිලිබදව අමාත්‍යවරියගේ සෘජු අදහස් දැක්වීම අගය කරන බවත් මෙවන් අවස්ථාවක විශේෂඥ අදහස් ලබාගැනීමට කටයුතු කිරීම පිළිබදව සිය ස්තූතිය පුදකරන බව වෛද්‍ය විශේෂඥවරුන් විසින් අමාත්‍යවරිය වෙත දන්වන ලදි.

මෙම සාකච්ඡාව සදහා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජනක ද සිල්වා, කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අනුජ ප්‍රේමවර්ධන, කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අර්ජුන ද සිල්වා, රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සරත් ලේකම්වසම්, අයිඩීඑච් රෝහළේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, කොළඹ ජාතික රෝහළේ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහ, ගම්පහ රජයේ රෝහළේ ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් එක්විය.

Post Views: 1
Previous Post

ආණ්ඩු පෙරළන අදහස් අපිට නෑ – රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක

Next Post

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා! – TTV Media

editor

editor

Next Post

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා! - TTV Media

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved