27 July 2024
#දේශීය

තමාට මෙන්ම රජයට බලපෑම් කරන්න එපා – ජනපති

තම රජය පත්වු පසු රජය විසින් සිදු කරනු ලැබු පත්වීම්ට වලට විරෝධය විවිධ පාර්ශවයන් මගින් එල්ල වෙමින් තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපත්ෂ මහතා පවසයි.

එසේම ජනාධිපතිවරයා සිය නිවේදනයේ සදහන් කර තිබෙන්නේ එම පත්වීම් සියල්ල සිදු කර ඇත්තේ, අප රටේ ස්වෛරීත්වය, ජාතික ආරක්ෂාව මෙන්ම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම වැනි ඉතා සුවිශේෂී කරුණු සලකා බලමින් බවයි.

එමෙන්ම, පත්වූ පුද්ගලයන්ගේ ජාති හිතෛෂිබව, සුදුසුකම් සහ පසුබිම පරීක්ෂා කොට අවස්ථාවෝචිත පරිදි රජයේ ප්‍රතිපත්ති සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකි ආකාරයට පත්වීම් කර ඇති බැව් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ගැඹුරින් සිතා බලා කරන ලද පත්වීම් වෙනස් කොට, විවිධ බලපෑම් නිසා වෙනත් අය ඒ සඳහා යෙදවීමට කිසිදු අපේක්ෂාවක් තමා තුළ නොමැති බැව් එතුමා වැඩිදුරටත් අවධාරණය කරයි.

එබැවින් යම් පත්වීමකට විරුද්ධව එය වෙනස් කරන ලෙස තමන්ට හෝ රජයට බලපෑම් නොකරන ලෙස ජනාධිපතිවරයා සියලුදෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටී.

පත්වීම්වලට විරුද්ධව අදහස්, උදහස් පළ කිරීමෙන් එසේ තෝරා පත් කරගත් පුද්ගලයින්ට භාර දෙන ලද කාර්යය හා කර්තව්‍යය නිසි පරිදි ඉටු කිරීමට නොහැකි වනවා පමණක් නොව, සමාජය තුළ එම පුද්ගලයින් අවතක්සේරුවකට ලක්වීමෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ ද දුර්වල වනු ඇතැයි ජනාධිපතිවරයා අදහස් කරයි.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *