• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුව රැස්නොකරන්නේ රට ඒකාධිපති පාලනයට අතපෙවීමක් ද? ශිරාල් ලක්තිලක

8 April 2020
in දේශීය

පාර්ලිමේන්තුව අප්‍රේල් 30 දාට ප්‍රථමයෙන් රැස්කරවන්නට අපොහොසත් වුවහොත් අප අරඹන්නේ හිතුවක්කාරී පාලනයක් බව නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.

ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබහින් කියා සිටියේ පාර්ලිමේන්තුව නැවත කැඳවීම අකමැත්ත තුල ඇත්තේ රාජපක්ෂ පාලනය ඒකාධිපති පාලනය දක්වා යාමක් බවයි.

 

නීතිඥ ශිරාල් ලක්තිලක මහතාගේ සම්පුර්ණ සටහන පහත පරිදි වේ.

 

පාර්ලිමේන්තුව නැවත කැඳවීමට ඇති රාජපක්ෂ වරුන්ගේ අකමැත්ත-රාජපක්ෂ පාලනය එකාධිපති පාලනයක් දක්වා අවතැන්වීමක් පෙන්නුම් කරන පෙරනිමිත්තක් ද?

පාර්ලිමේන්තුව නැවත කැඳව්න්න යයි මෙරට සමාජය තුල සිහින් කෙඳිරියක් පවතී.

එකී සිහින් කෙඳිරියට රාජපක්ෂවරු සහ ඔවුන්ගේ සහකරුවන්ද සහචර මාධ්‍ය ආයතන ද වැර යොදා ප්‍රතිප්‍රහාර දෙන්නේ එය මහමෙරක් ලෙස සලකාය.

පුදුමයකට පාර්ලිමේන්තුව කැඳවීම කොරෝනා වසංගතයට දෙවැනි වන විනාෂයක් ලෙස සලකන පලමු කොටස වන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කල විමල් වීරවංශ වැනි පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන අබමල් රේනුවක හෝ විශ්වාසයක් නැති බව පෙන්වා සිටින රාජපක්ෂවාදී හිටපු පාර්ලිමේන්තූ මන්ත්‍රීවරු කන්ඩායමකි.

දෙවැනි කන්ඩායම වන්නේ ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති වරයා හරහා system change එකක් ගෙන ඒම සඳහා සහයෝගය දුන් ශ්‍රී ලාංකික පුරවැසි කන්ඩායමයි. ඔවුනට අනුව පාර්ලිමේන්තුව යනු රටට අවැසි නැති රාජ්‍ය උපකරනයකි. පාර්ලිමේන්තුවක් නැතිවුවාට ගෝඨාබය ජනාධිපතිවරයාට හමුදාව සමග මෙරට කදිම ලෙසට පාලනය කල හැකිබව ඔවුන් විශ්වාස කරති.

පාර්ලිමේන්තුව නැවත කැඳවන්නට යයි ඉල්ලා සිටින්නේ මෙරට තුල නීතියේ ආධිපත්‍ය සහ මුල්‍ය පාලනය නීතියට අනුව පවත්වාගෙන යාමේ අරමුනෙනි.

එය ඉතා ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීමකි.

අතුරු සම්මත ගිනුම මගින් වෙන්කල මුදල් භාවිතය අප්‍රේල් 30 දායින් අවසන්වන්නේය. ඉන් පසුව රජයේ ආයතන වලට මුදල් වෙන්කරන්නට බලයක් පාර්ලිමේන්තුවට ලැබෙන්නේ නැවත රැස්වී තවත් අතුරු සම්මත ගිනුමක් ඉදිරිපත් කිරීමෙන් පමනකි.

කොවිඩ් වසංගතය නිසා පාර්ලිමේන්තු මැතිවරනයක් අවම වශයෙන් ජුනි දක්වා පැවැත්වීමේ සම්භාවිතාවය අවමයකි.

එසේ නම් මාස දෙකක කාලයක් තුල මෙරටට විකල්ප මුල්‍ය පාලනයක් අවශ්‍යව තිබේ.

සියලු දේශපාලන පක්ෂ එකතුවී ජාතික ව්‍යසනයට මුහුන දිය යුතුයයි භාරකාර අගමැති වරයා ජාතිය අමතමින් ප්‍රකාෂ කරන්නේ නම් පාර්ලිමේන්තුවේ සිටින සියලු පක්ෂ එක දවසකට රැස්වී මෙම අතුරු සම්මත ගිනුම ආන්ඩුවේ අවශ්‍යතා සපුරමින් සම්මත කරදීමට කිසිදු නොහැකියාවක් හෝ අෂක්නුතාවක් ඇතිවන්නේ නැත.

එවැනි ක්‍රියාවක් මගින් රටට කිසිදු අනිසි වැයබරක් හා හිටපු මන්ත්‍රී වරුන් අයුතු ධනවත් වීමක් හෝ සිදුවන්න්නේ නැත. අවැසි නම් එම රැස්වීම වසංගතය පැතිරීයාමට වලක්වීමට ගතයුඅ Social distance තහවුරු කරමින් පැවැත්විය හැකිව තිබේ.

මෙම ඉල්ලීම මගින් තහවුරු කරන්නේ මෙරටේ දශක 07 කට වැඩිකාලයක් තිස්සේ ආරක්ෂා කොට ගෙන පැවත ආ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය සහ නීතියේ ආධිපත්‍යයයි.

එයට එරෙහි විම මගින් තහවුරු කරන්නේ අරාජික භාවයට හා එකාධිපතිත්වයට ඇති කැමැත්තයි.

දකුනු ආසියාවේ මෙම සම්ප්‍රදාය රැකගෙන දීර්ඝ කාලයක් ඉදිරියට ගිය රටවල් දෙක වන්නේ ශ්‍රීලංකාව සහ ඉන්දියාවයි.

ඉතිහාසය දෙස් දෙන්නේ පාර්ලිමේන්තු ස්වාධිපත්‍යයට අත තැබු සෑම විටම එහි ප්‍රතිපලයක් ලෙසට රට තුල දේශපාලන විපරිතයක් සහ /හෝ දේශපාලන විනාශයක් එවැන්නක් සිදු කිරීමට මුල්වු බලවේගයකට මෙන්ම සමස්තයක් ලෙස රටටද අත් විඳින්නට සිදුවු බවය.

1975 දී ඉන්දිරා ගාන්ධි තම පුත් සංජය සමග ඇඳිරි නීතිය දමා රට පාලනය කරන්නට ගොස් දේශපාලනිකව ඇනගත්තා පමනක් නොව සංජය ගාන්ධි හදිසි අනතුරක් නිසා ජිවිතක්ෂයට පත්වි ඉන්දිරාගේ දේශපාලනය අනාත භාවයට පත්කරනු ලැබුයේය.

ශ්‍රී ලංකාව කුල මෙම අත්දැකීම් පෙන්වන්නේ අප පාර්මේන්තු සම්ප්‍රදාය අවතක්සේරු කල සැම අවස්තාවකම අපට ඒ හේතුකොට ගෙනම දීර්ඝ කාලීන පීඩාවකට යටත් වන්නට අප සිදුවු බවය.

මේ ආකාරයට පාර්ලිමේන්තු සම්ප්‍රදාය අවතක්සේරු කිරීම පලමුව ආරම්බ වන්නේ 1975 දී සිරිමාවෝ මැතිනියගෙනි. ඇය සිය පාර්ලිමේන්තු ආයු කාලය නිවිරෝධිව වැඩි කොට ගෙන පාර්ලිමේන්තුව77 දක්වා ඇදගෙන නොගියා නමි ජේආර්ට 3/2 බලයක් හිමි නොවන්නට ඉඩ තිබුනි. එසේම එජාප විරෝධී බලවේග 17 වසරකට දියාරු නොවන්නටද ඉඩතිබුනේය.

ජේආර් ලාම්පු කලගෙඩි ජනමතවිචාරනය 82 දී පාරිලිමේන්තුවේ ආයු කාලය දිගු නොනර ගත්තා නම් 83 කලු ජුලිය ඇති නොවන්නට ඉඩ තිබුනා මෙන්ම උතුරේ යුද්ධයෛ ස්වරුපය මෙන්ම 87-89 දකුනේ කැරැල්ලද එආකාරයට සිදුනොවන්නට ඉඩ තිබුනේය.

කලු ජුලියේ ආවේග පදනම් කරගෙන ජේ ආර් ගෙන ආ ආ.ක්‍ර.ව්‍ය. ගෙන ආ 6 සංශෝදනය නොගෙනාවා නම් TULF එක තව දුරටත් පාර්ලිමේන්තුව තුල රඳවා ගන්නට ඉඩතිබුනි. එසේ සිටියානම් බෙදුම්වාදී යුද්ධයේ ස්වරුපයද වෙනස් මගක් ගන්නට ඉඩ තිබුනේය.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය එදා බිඳහෙලනු ලැබුයේ කෙටිකාලීන පුද්ගලාබද්ධ බලලෝබී අරමුනු පාදක කොට ගෙන වුවද එමගින් ඇති කරනු ලැබ තිබුනේ ජාතික තලයේ අවාසි බව කිවයුතුව තිබේ.

මේ ආකාරයට ගත් කල මෙවර සිදුවන්නට යන පාර්ලිමේන්තු සම්ප්‍රදාය බිඳදැමීමේ ප්‍රවනතාවය අතීතයේ මෙන්ම ඇතමුන් සුලුකොට තකන්නට පෙලඹිය හැකි නමුත් එමගින් රට තුල ඇතිකල හැකි විනාශය අතිමහත්ය.

පාර්ලිමේන්තුව අප්‍රේල් 30 දාට ප්‍රතමයෙන් රැස්කරවන්නට අපොහොසත් වුව හොත් අප අරඹන්නේ හිතුවක්කාරී පාලනයකි. එය කොයි අතකට ඉන් පසුව ගමන් කරන්නේ ද යන්න පිලිබඳ තීරනය රාජපක්ෂවරුන් අත පවතින්නකි.

එසේ වුවහොත් ඉන් අනතුරුව රාජපක්ෂ පාලනය මෙන්ම සමස්තයක් ලෙස රටට ද ඛේදාන්තමය අවසානයක් කරා ගමන් අරඹනු අත්විඳන්නට අපට සිදුවනු නොඅනුමානය. ඉදින් එය වැලැක්වීමට පෙරට එම අද අප සතු වගකීමකි. එය වයිරසය පරාජය කිරීම මෙන්ම ජනතාවට බෙහෙවින් අවැසි කර්තව්‍යකි.

Post Views: 16
Previous Post

කොළඹ මහනගර සභාව තුල මහජන ආධාර ලබාදීම මධ්‍යස්ථාන 75 පුරා ක්‍රියාත්මකයි

Next Post

ගුවන් තොටුපලේ සිරවී සිටින 33 මෙරට ගෙනඒමට පියවර ගන්නා බව රජය කියයි

editor

editor

Next Post

ගුවන් තොටුපලේ සිරවී සිටින 33 මෙරට ගෙනඒමට පියවර ගන්නා බව රජය කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved