27 July 2024
#දේශීය

කොළඹ මහනගර සභාව තුල මහජන ආධාර ලබාදීම මධ්‍යස්ථාන 75 පුරා ක්‍රියාත්මකයි

කොළඹ මහනගර සභාව තුළ වෙසෙන 12,970 ක් වන මහජන ආධාර ප්‍රතිලාභීන්ට මාර්තු මාසයේ දී ලබා දීමට නියමිත මහජන ආධාරය ලබා දීමට මධ්‍යස්ථාන 75 ක් පුරා ක්‍රියාත්මක වන බව කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් රොෂානි දිසානායක මහත්මිය පැවසුවාය.

එය අප්‍රේල් මස 08,09 සහ 10 දින වලදී සිදු කරන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත එවන ලද නිවේදනයේ සඳහන් කර තිබේ. 

ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බවත්, එම මධ්‍යස්ථාන වලට කොළඹ මහා නගර සභාවේ සහන නිළධාරීන්/සෙසු නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය, ගුවන් හමුදාව සහ යුධ හමුදාව ද මේ සඳහා කටයුතු කරනු ලබන බවත් ඒ මහත්මිය සඳහන් කළාය.

මෙම ප්‍රතිලාභීන් වයස්ගත පුද්ගලයින් වන අතර එම පුද්ගලයින් සඳහා මුදල් ලබා දීම සඳහා ආරක්ෂිතව සහ සෞඛ්‍යාරක්ෂිත ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමටත්, ඉහත දිනයන් හි දී ඒ ඒ අදාළ ප්‍රදේශ වලට මුදල් ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය මඟින් එම ප්‍රදේශ වලට එම දිනයට පෙර දිනයේ දී නිවේදනය කරනු ලබන බවත් ,එසේ නිවේදනය කරනු ලබන දිනට අදාළ ප්‍රදේශ වලට අයත් මධ්‍යස්ථාන වලට ගොස් තම ප්‍රතිලාභය ලබා ගන්නා ලෙසත් මෙහි දී රොෂානි දිසානායක මහත්මිය අවධාරණය කර සිටි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *