• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බොරලන්ද – හෝර්ටන්තැන්න දක්වා අනවසර ඉදිකිරීම් සඳහා ඉඩ නොදෙන්න එපා – ජනපති

17 December 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බොරලන්ද සිට හෝර්ටන්තැන්න දක්වා ඔහිය ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් නැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ඔහිය ප්‍රදේශයේ සිදුකර තිබෙන ඉදිකිරීම් නිසා ඒ ආශ්‍රිතව දැඩි පරිසර විනාශයක් සිදුව ඇති බව තමාට නිරික්ෂණය වූ බව පැවසූ ජනාධිපතිවරයා එම තත්ත්වය වහා වළක්වා නොගතහොත් ඉදිරියේදී දැඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවන බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (16) පස්වරුවේ ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

එසේම දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි සැලසුම් අනුමත කරන විට ඊට අදාළ නිර්නායක අනුව ක්‍රියා කරන ලෙස අදාළ ආයතනවලට ලිඛිතව දැනුම් දෙන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද විමසා සිටි ජනාධිපතිවරයා ඉදිරියේදි ආපදාවට ලක්විය හැකි ප්‍රදේශ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් තමා වෙත ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නේය.

අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව නිලධාරීන් මෙහිදී කරුණු ඉදිරිපත් කළ අතර වතු සමාගම්වලින් ඉඩම් නීත්‍යානුකූලව නිදහස් කර ගැනීමේදී මතුව ඇති බාධා පිළිබඳවද සාකච්ඡාවට ලක් කෙරිණි. ඒ පිළිබඳ වැවිලි සමාගම් සමඟ සාකච්ඡා කර එම කටයුතු කඩිනමින් නිම කිරීමට ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

බදුල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද එක්ව සිටී මෙම සාකච්ඡාවේදී දිස්ත්‍රික්කයේ අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග, ප්‍රවාහන ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි මතුව ඇති ගැටළු පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඇතැම් ගැටළුවලට එම අවස්ථාවේම විසදුම් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

එසේම බදුල්ල දිස්ත්‍රික්කය තුළ 2024 දී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන සැලසුම් පිළිබඳවද මෙහිදී විමසා බැලිනි.

ලබන වසරේ සිට විමධ්‍යගත අයවැය දිස්ත්‍රික්කවලට ලබාදෙන බවත් කඳුරට සංවර්ධන වැඩසටහන, අමාත්‍යාංශවලට වෙන් කර ඇති මුදල්, පළාත් සභාවලට ලබා දෙන මුදල් මෙන්ම විදේශ ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට ලැබෙන මුදල් යන සියල්ල එක් කරගනිමින් දිස්ත්‍රික්කයේ සංවර්ධන අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය ලබාදී සංවර්ධන වැඩකටයුතු ඉදිරියට කරගෙන යාමට එමගින් හැකියාව ලැබෙන බව පැවසූ ජනාධිපතිවරයා ලබන වසරේ ජූලි මාසය වන විට එම කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” අද සෙනසුරාදා දිනයක් වුවත් මෙම සාකච්ඡාවට එක්වීම පිළිබඳ මම පළමුව ඔබ සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා. වසර 03ක් අපේ රටේ සංවර්ධනයක් සිදු වුණේ නැහැ. මහාමාර්ග ඉදිකිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති අතරමග නැවතුනා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන සාර්ථකවීමත් සමග අපට අතරමග නැවතුන එම සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රමානුකූලව ආරම්භ කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ වගේම අපේ ණය හිමියන් වන පැරිස් සමාජය සහ ඉන්දියාව වගේම චීනය අපේ යෝජනා පිළිගෙන තිබෙනවා. ඒ අනුව එම සාකච්ඡා ඉදිරියට කරගෙන යාමට අවස්ථාව ලැබී තිබෙනවා. එම පිළිගැනීම නිසා අපට නැවත විදේශ ආධාර හිමි වෙනවා. ඒ අනුව අපට කඩිනමින් ආරම්භ කළ හැකි ව්‍යාපෘති පිළිබඳ ලබන වසරේ මුල් මාස කිහිපය තුළ දැනුම් දීමට අපේක්ෂා කරනවා. ඒ වගේම සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් 2024 අයවැයෙන් යම් මුදල් ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. ආදායම් බදු අය කරගනිමින් මෙම මුදල් එක් කිරීමට සිදු වුණා. රටට සංවර්ධනයක් අවශ්‍යයි. ඒ නිසා අපි මෙම ව්‍යාපෘති ආරම්භ කළයුතුයි. ඒ වගේම කැපවීමෙන් මෙම කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. මෙම සියලු ව්‍යාපෘති එක් වසරකින් ආරම්භ කළ නොහැකි වුවත් ක්‍රමයෙන් ඒවා ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා. එහිදී ප්‍රමුඛත්වය ලබාදිය යුතු ව්‍යාපෘති හඳුනාගත යුතුයි. අපි ලබන වසරේ සිට විමධ්‍යගත අයවැය දිස්ත්‍රික්කවලට ලබා දෙනවා. දිස්ත්‍රික්කවල තිබෙන ආසන සංඛ්‍යාව අනුව එම ප්‍රතිපාදන ලබා දෙනවා. ඊට අමතරව කඳුරට වැඩසටහන ආරම්භ කර තිබෙනවා. කඳුකරයේ කොන් වූ ගම්මාන රැසක් තිබෙනවා. එවන් ගම්මානවලට උපකාර කිරීමට සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම මිලියන 10 බැගින් ලබා දෙනවා. එය ක්‍රමයෙන් වැඩි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අප පළාත් සභාවලට මුදල් ලබා දී තිබෙනවා. එම මුදල්ද මීට එක්කර ගතයුතුයි. එවිට දිස්ත්‍රික්කයට ලැබෙන මුදල් ප්‍රමාණය තවත් වැඩි වෙනවා. ඒ වගේම අමාත්‍යාංශ මට්ටමින් ප්‍රාග්ධන වියදම් ලෙස එක් එක් ව්‍යාපෘතිවලට මුදල් වෙන් කර තිබෙනවා. එම මුදල් ප්‍රමාණයත් මීට ඇතුළත් කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම විදේශ ආධාර මත ක්‍රියාත්මකවන ව්‍යාපෘතිවලට හිමිවන මුදලුත් මීට එක් කර ගන්නවා. ඒ අනුව කඳුරට වැඩසටහන, අමාත්‍යාංශවලට වෙන් කරඇති මුදල්, පළාත් සභාවලට ලැබෙන මුදල්, මෙන්ම විදේශ ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට ලැබෙන මුදල් යන මේ සියල්ල එක් කර සෑම දිස්ත්‍රික්කයකටම ලබා දෙනවා. මෙම වැඩකටයුතු 2024 ජූලි මාසය වන විට ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. දිස්ත්‍රික් සංවර්ධන කමිටු සමඟ සාකච්ඡා කර පළාත් මට්ටමින් එම වැඩකටයුතු ක්‍රියාත්මක කිරීමට කමිටුවක් පත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරු හා දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් මෙන්ම නිලධාරින්ගෙන් එම කමිටුව සමන්විත වෙනවා. පළාත් සභා ව්‍යාපෘති ආණ්ඩුකාරවරයා මාර්ගයෙන් මෙන්ම මහා අණ්ඩුවේ ව්‍යාපෘති අදාළ ආයතන මාර්ගයෙන් ආරම්භ කිරිම අපේක්ෂාවයි. ඒ අනුව තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිදු කළ යුතු සංවර්ධන කටයුතු පිළිබඳ අදහස් එම කමිටුවලට ලබාදෙමින් එම කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙනවා. ඒ වගේම අප කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. මේ සඳහා පුද්ගලික අංශයද දායක කර ගන්නවා. එහිදී කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පුද්ගලික අංශය සමග කටයුතු කිරීමට එක් පුද්ගලයෙකු පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගොවිජන සේවා මධ්‍යස්ථාන කෘෂි නවීකරණ මධ්‍යස්ථාන බවට පත් කිරිමට අප සැලසුම් කර තිබෙනවා.
එසේම ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර ඇති සියලුදෙනාට සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන පෙබරවාරි මාසයේ ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මේ අයුරින් විශාල වැඩකොටසක් ඉදිරියට ගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා යැයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, හරින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් දසනායක, අරවින්ද කුමාර්, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මේජර් සුදර්ශන දෙනිපිටිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්, ඌව පළාත් සභාවේ සභාපති ඒ.එම්. බුද්ධදාස යන මහත්වරු ඇතුළු දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයන් ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක, බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 5
Previous Post

මෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ආරක්ෂක හමුදාවට ඇති වගකීම සීමා කිරීමට කිසිවෙකුට බැහැ – ජනපති

Next Post

වන අලියකු සිදු කල පහරදීමකින් අයෙකු මරුට

editor

editor

Next Post

වන අලියකු සිදු කල පහරදීමකින් අයෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved