• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොරෝනා කියා වෙනස්කම් එපා – ශ්‍රී ලන්කන් ගුවන් සේවය !

25 March 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට COVID-19 ආසාදනය වීමේ අවධානම සම්බන්ධයෙන් ඔවුන්ව සමාජයෙන් වෙනස් කොට සලකමින් පසුගිය දින කිහිපය තුළම බොහෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රවෘත්ති පළ වී ඇති බව ඉතා කනගාටුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරයි. 

ඒ සම්බන්ධව ඔවුන් නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි මෙසේද සඳහන් වෙයි.

විශේෂයෙන්ම  හෝටල්, පාසල් සහ රෝහල් වැනි පොදු ස්ථානවල දී ගුවන් සමාගම් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සහ ඔවුන්ගේ ආසන්නතම පවුල්වල සාමාජිකයන්ට වෙනස්කම් කිරීම්, පීඩාවන්ට පත්කිරීම සහ අපහසුතාවන්ට ලක් කර තිබීම අතිශයින්ම අවාසනාවන්ත තත්ත්වයකි.

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය සෞඛ්‍යයට, පුද්ගලික ආරක්ෂාවට අවදානමක් පවතින අවස්ථාවක පවා රජයට සහ ශ්‍රී ලංකාවේ ජනතාවට ගුවන් සේවා සැපයීම සඳහා අත්‍යවශ්‍ය සේවාවක් ලෙස වර්ගීකරණය කර ඇත.

එසේම, COVID-19 වෛයිරසය විසින් සිදුකරන ලද මෙම බරපතල හා අභියෝගාත්මක ගෝලීය අර්බුදය තුළ දී පවා  මගී හා භාණ්ඩ මෙහෙයුම් සහ භූමි සේවා සඳහා ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය පැය 24 x 7 අඛණ්ඩ සේවාවක් සපයයි.

ජාතික ගුවන් සේවය වශයෙන් මෙහෙයුම් කටයුතු වල නිරත කාර්යමණ්ඩලයට සිය රැකියාවේ ස්භාවය අනුව අනිවාර්යෙන්ම සාමාන්‍ය ජනතාව, ජාත්‍යන්තර සංචාරකයින් සහ ආනයනික හා අපනයනය කරන භාණ්ඩ සමඟ මුහුණට මුහුණලා කටයුතු කිරීමට සිදුව ඇත.

සිය මෙහෙයුම් කාර්ය මණ්ඩලය බෝවන රෝග තත්ත්වයන් යටතේ පියාසර කිරීම පිළිබඳ විධිමත් හා ආරක්ෂිත පුහුණුවක් ලබා ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට අනුකූලව මෙහෙයුම් ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් යාවත්කාලීන වන බවත් ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රකාශ කිරීමට කැමතිය. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය විසින් ගුවන් කාර්ය මණ්ඩලය, තාක්ෂණික කාර්ය මණ්ඩලය සහ භාණ්ඩ හැසිරවීමේ අංශ සඳහා නිකුත් කරන ලද ආරක්ෂාව සහ කාර්ය පටිපාටියන් සහ මග පෙන්වීම් සියල්ලම ගුවන් සේවය විසින් සිදු කරයි.

ගුවන් සේවයේ ආයතනික සෞඛ්‍ය වෛද්‍ය සේවාවන් විසින් කාර්ය මණ්ඩලයේ සහ ඔවුන්ගේ පවුල්වල කායික සහ මානසික පැවැත්ම පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සලසන අතර මගීන්ගේ සහ මෙහෙයුම් කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ගුවන් යානා  ඉතා ගැඹුරින් පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරයි.

එම නිසා, වගකීමෙන් යුතුව තොරතුරු හුමවාරු කරගන්නා ලෙස සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගෙන් ගුවන් සේවය ඉතා කාරුණිකව ඉල්ලා සිටියි. තවද එවැනි අසත්‍ය තොරතුරු සහ ප්‍රවෘත්ති වල සත්‍යතාව පිළිබඳව අවබෝධයෙන් සිටිමින් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් වෙනස් කොට සැලකීම, පීඩාවට පත් කිරීම හෝ අපහාස කිරීම මෙන්ම  සමාජ මාධ්‍ය හරහා එවැනි අන්තර්ගතයන් පළ කිරීමෙන් හෝ බෙදා ගැනීමෙන් වළකින ලෙස ද ගුවන් සේවය ඉල්ලා සිටියි. ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලය රාජකාරියට වඩා ඉක්මවා ගිය ජාතික වගකීමක් ඉටු කරමින් සිටින අතර ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ද එහි කොටස් කරුවන් වී සිටියි.

ශ්‍රීලංකන් ගුවන් සේවය සියළුම මහජනතාව වෙත මෙම ආයාචනය සිදු කරන්නේ සියලු ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට සහයෝගය දැක්වීම සහ ධෛර්ය ලබාදෙන  ලෙසයි. එසේම දැනට ඔවුන් විශාල පෞද්ගලික අවදානමකට මුහුණ දෙමින් මිල කළ නොහැකි සේවයක් ඉටු කරන්නේ ශ්‍රී ලංකාවේ සෙසු පුරවැසියන්ගේ යහපත හා යහපැවැත්ම උදෙසා  සහ අර්බුදකාරී අවස්ථාවක දී ශ්‍රී ලංකා රජය විසින් ජාතික ගුවන් සේවය වෙත පවරා ඇති සියලු අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් බව ඔබ සැමට වටහා දීම සඳහාය

Post Views: 1
Previous Post

කොවිඩ් 19 ට මුහුණ දෙන්න – G20 නායකයන් 26 රැස්වෙයි

Next Post

මෙම ව්‍යසනය ජයගත හැක්කේ ජනතාව ලෙස එක්ව මුහුණ දුන්නොත් පමණයි – ජවිපේ

editor

editor

Next Post

මෙම ව්‍යසනය ජයගත හැක්කේ ජනතාව ලෙස එක්ව මුහුණ දුන්නොත් පමණයි - ජවිපේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

6 June 2025
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025

Recent News

අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

6 June 2025
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

6 June 2025
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved