27 April 2024
#විදෙස්

කොවිඩ් 19 ට මුහුණ දෙන්න – G20 නායකයන් 26 රැස්වෙයි

කොවිඩ් 19 වසංගතයට ගත යුුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට විශේෂ G 20 සමුළුවක් කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට G 20 හී සභාපතිත්වය දරණ සෞදි අරාබිය මෙම විශේෂ සමුළුව සඳහා සත්කාරකත්වය දැක්වීමට නියමිත අතර ඒ අනුව සෞදි රජු වන සල්මාන් මෙම සාකච්ඡාවේ මුලසුන දරනු ඇති අතර සමුළුව පැවැත්වෙන්නේ  හෙට (26) දිනයේය.

කොවිඩ් 19 වසංගතය සහ එහි මානව හා ආර්ථික බලපෑම් කෙරෙහි සම්බන්ධීකරණ ගෝලීය ප්‍රතිචාරයක් දැක්වීම මෙහි මුලික අරමුණ වන අතර G20 සාමාජික රටවලට අමතරව ස්පාඤ්ඤය  ජෝර්දානය, සිංගප්පූරුව සහ ස්විට්සර්ලන්තය ඇතුළු ආරාධිත රටවල නායකයන් කිහිප දෙනෙක් ඊට එක්වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.

තවද එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකයින් ද මේ සඳහා එක්වීමට නියමිතය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *