දේශපාලන කල්ලි භේද ගමේ තියාගන්න නොගත යුතු බවත් එය මැතිවරණ කාලයට පමණක් තියා ගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍යය අමාත්‍යංශයේ මුල්‍ය ප්‍රථිපාදන යටතේ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ලද අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාජාංගය යාය 05 තිස්සපුර ගම්මානයේ “ප්‍රතිආශ්‍රැති ජල පිරිපහු යන්ත්‍රාගාරය” විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. රුපියල් මිලියන 2.4 ක මුදලින් ඉදි කෙරුණු මෙම ජල පිරිපහදු යන්ත්‍රාගාරය මගින් පවුල් 350 ක් සඳහා පිරිසිදු පානීය ජලය ලබා දීමට නියමිතය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන්, “ හැමදාම රෑට රූපවාහිනිය බලන කොට කියනවා නේද රට ණය වෙලා කියලා, ඒ වගේම රට ණය කරපු අයට බනිනවාත් එක්ක නේද? සමහර දේශපාලන පක්ෂ අරයා නිසා තමයි ණය වුණේ, මෙයා නිසා තමයි ණය වුණේ කියලා කියනවා, අපිත් ටී.වී එක ඉස්සරහාට වෙලා බලන කොට ණය කරපු එවුන්ට හොඳක් වෙන්න එපා කියලා කියනවා.ඔබතුමන්ලාගේ මේ ව්‍යාපෘතියට වියදම් කරලා තියෙන්නේ රුපියල් ලක්ෂ 25 ත් කොහෙන් හරි වෙච්ච ණයක් වෙන්න පුලුවන්.මොකද අපි ණය වෙලා තියෙන්නේ රටේ පාරවල් හදන්න, වැව් ටික හදන්න, ගුවන්තොටුපල හදන්න වෙන්න පුලුවන්, මේ සේරටම කොහෙන් කොහෙන් හරි ගත්ත ණයත් එක්ක අද අපේ රටම ණය කාරයෝ වෙලා තියෙනවා.එදා අපි ටී.වී එක ඉස්සරහා ඉඳන් බැන්නා නම්, රට ණය කරපු කට්ටියට ඒ ණය වල කොටස්කාරයෝ තමයි දේශපාලඥයෝ වෙච්ච අපිත්, ජනතාවත් කොටස්කාරයෝ.අපි හැමෝම කොටස්කාරයෝ.හැබැයි කවුද මේක ණය කරේ කියලා දැන් අපි කථා කරාට වැඩක් නෑ, දැන් අපිට වෙන්න ඕන හැමදේම වෙලා ඉවරයි.දැන් අපි හැමෝම එකතු වෙලා මේ වැටුණු රට නැගිට්ටවන්න තමයි උත්සහ කරන්න ඕන .හැමදාමත් කාට හරි බැණ බැණ ඉන්න අපි හරි දක්ෂයි.හැබැයි නැගිටින්න අපි සූදානම් නෑ, අපි දේශපාලන පක්ෂ වලට බෙදිලා, වර්ග වලට බෙදිලා, ජාති වලට බෙදිලා, හැමදාම කාට හරි කඩපිලට වෙලා බැණ බැණ ඉන්න තියෙනවා නම් ඒ තරම් සතුටක් අපිට නෑ, හැබැයි මේක නෙමෙයි දැන් අපි කරන්න තියෙන්නේ, අපි කොහොමද කෘෂිකර්මයෙන් වැඩි ආදායමක් ගන්නේ, ඒකට කොහොමද අපි තාක්ෂණය භාවිතා කරන්නේ, වැඩි අස්වැන්නක් ලබා ගන්න පුලුවන් ක්‍රමවේදයන් මොනවාද? රජයේ නිළධාරීන් ටික වෙනදාට වැඩියෙන් මහන්සි වෙන්නඕන කම තියෙනවා.දේශපාලඥයෝ වෙනදා කරපු ගොන්කම් ටික කරන්නේ නැතිව ඉන්න ඕන .ඒ වගේම ප්‍රාදේශීය දේශපාලඥයෝ ටික, පහුගිය කාළයක් තිබුණා සේරම කොන්ත්‍රාත් කරන එක තමයි ඔලුවේ තිබුනේ, හැබැයි දේශපාලඥයාගේ ජොබ් එක කොන්ත්‍රාත් කරන එක නෙමෙයි.ඒ වගේම රජයේ නිළධාරීන් ටික තමන් ගන්න වැටුපට හරියට සේවයක් කරන්න ඕන කම තියෙනවා.ඒ සේවය කලොත් තමයි, ජනතාවට ඒකේ ප්‍රථිලාභය ලැබෙන්නේ.ඒ වගේම මහජනතාව විදිහට ඔබතුමන්ලාත් ඡන්දේ කාළයට පමණක් දේශපාලනය කරලා අනෙක් හැම වෙලාවේම අපි කොහොමද එකමුතුව සමඟියෙන් මේ වැඩේ කරන්නේ කොහොමද කියලා අපි කල්පනා කළ යුතු වෙනවා.මේවා අපි සිදු නොකරපු නිසා තමයි අවුරුදු හැත්තෑ ගණනක අතීතයට හැමදාමත් බැණ බැණ ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ.මේ වගේ දේවල් අපි හරියට ක්‍රියාත්මක නොකර ගත්ත නිසා, බෙදිච්ච නිසයි. හැබැයි අපිට අරගලයෙන් හොඳ පාඩම් ටික්ක කිව්වා,සමහරු දන්නේ නෑ මොකක්ද මේ අරගලය කියලා.හැමෝම කඩපිලෙත් අරගලය ගැන කථා කළා, කුඹුරෙත් අරගලය ගැන කථා කලා.අරගලයේදී සිස්ටම් චේන්ජ් එක්ක ගැන කථා කලා.හැබැයි සමහරු කිව්වේ ගෝඨාව යැව්වම සේරම හරි කියලා, ගෝඨව යැව්වම සේරම හරියන්නේ නෑ, අපේ තියෙන ක්‍රමවේදයන් ටික අපි දැන් වෙනස් කරන්න ඕන . අපේ අඩුපාඩු අපි හදාගන්න ඕන .
රජයේ විශ්ව විද්‍යාලයකට ළමයෙක් ගියොත් ආයේ එළියට එන්නේ කවදාද කියලා අපිට හිතා ගන්න පුලුවන්ද? අවුරුදු 07 ක් වෙන්න පුලුවන් 08 ක් වෙන්න පුලුවන්, විශ්වවිද්‍යාලයට ගියපු දවසේ ඉඳන් ඉගෙන ගන්න එකට වඩා එයාට වෙන වැඩ තියෙන්නේ.හැබැයි සල්ලි ගෙවලා පුද්ගලික විශ්වවිද්‍යාලයට යන ළමයා හරියටම අවුරුදු 03 කින් 04 කින් තමන්ගේ උපාධියත් අවසන් කරලා, රැකියාවක් ගන්න සුදුස්සෙක් බවට පත් වෙලා එළියට එනවා.හැබැයි ඒ වයසේම ඉන්න ආණ්ඩුවේ විශ්ව විද්‍යාලයට යන ළමයා එන්නේ කවදාද කියලා හිතාගන්න බෑ, වැඩිහරියක් ඉන්නේ කැම්පස් එක ඇතුලේ නෙමෙයි, වැඩි හරියක්ම ඉන්නේ පාරේ, එකම වයසේ ළමයි දෙන්නෙක් ගත්තම, එක ළමයෙක් පුද්ගලික විශ්ව විද්‍යාලයට ගියහම තමන්ගේ ජීවිතය අවුරුදු 03- 04 න් සකස් කර ගන්නවා, ආණ්ඩුවේ විශ්ව විද්‍යාලයට යන ළමයා අවුරුදු 07-08 ක් ආණ්ඩුවට බනින්න , එහෙම නැත්නම් වෙන කාට හරි බනින්න, උද්ඝෝෂණ කරන්න, උපවාස කරන්න, වතුර පාරවල් ටික කන්න පාරවල් ගානේ ඉන්නවා.කාගේද මේ වැරැද්ද.අපේ නේද මේ වැරැද්ද තියෙන්නේ.මේ සියල්ලම වෙනස් වෙන්න ඕන කම තියෙනවා.
අපි දන්නවා සමහර ඉස්කෝල වල, හැම ඉස්කෝලෙම නෙමෙයි, හැම ගුරුවරයාම නෙමෙයි, 05 වසරේ ශිෂ්‍යත්ව පන්තියේ ළමයෙක් ඉන්නවා නම්, ඒ පන්තියේ ඉන්න ළමයා පන්තිභාර ගුරුතුමියගේ උපකාරක පන්තියට යැව්වේ නැත්නම් ඒ ළමයාට ඉස්කෝලේ පන්තියේ ඉන්න පුලුවන්ද? මේවා හරි වැඩද? අරගලය තුළ අපි කිව්වේ සිස්ටම් චේන්ජ් කියලා අපි මොකක්ද? මේවා වෙනස් වෙන්න ඕන , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මන්ත්‍රී කෙනෙක් එක්කන් යන්න ඕන වෙන්න බෑ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්නේ කවුද කියලා නෙමෙයි, යන ඕන ෑම කෙනෙක්ට , තමන් යන වැඩේ කර ගන්න පුලුවන්කම ලැබෙන්න ඕන ,හැබැයි දැන් අපිට එහෙම පුලුවන්ද? අපිට පොලීසියකට ගිහිල්ලා හැමෝටම එක වගේ වැඩක් කර ගන්න පුලුවන්ද? දේශපාලඥයෙක් දන්නේ නැත්නම්, කවුරු හරි අදුරන කෙනෙක් නැත්නම්, සමහර වෙලාවට වැඩක් කර ගන්න බෑ නේද? පොලීසියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විතරක් නෙමෙයි, රජයේ හැම කාර්යාලයක්ම ගත්තත්, සමහර වෙලාවට දන්න කියන කෙනෙක් අපි හොයන්නේ වැඩේ ඉක්මනින් කර ගන්න.ඒ වගේම තමයි අපිත් පෝලිමක ඉන්න කැමති නෑනේ,අපි පෝලිමෙත් ඉස්සරහටම යන්නයි බලන්නේ.අපේ සිතුවිලි හැදිලා තියෙන්නේ එහෙම.අපි හැමෝම එකතු වෙලා වෙනස් වුණොත් තමයි මේ රට අපිට වෙනස් කරන්න පුලුවන්කම තියෙන්නේ. මං වෙනස් වෙන්න කියලා කියන කොට මේක හැමෝටම තේරෙන්නේ නැති වෙන්න පුලුවන්, සමහරු හිතන්න පුලුවන් ඔ්කා කියන දේවල් අපි මොකටද අහන්නේ කියලා.මෙතන ඉන්න ඔක්කොම ශ්‍රී ලංකාකාරයොත් නෙමෙයි, එක එක පක්ෂ වල අය මෙතන ඉන්නවානේ, හැබැයි දේශපාලනිකව බෙදිලා ඔබතුමන්ලා කල්පනා කරන්න එපා, මේ රට වෙනස් කරන්න නම්, මේ රට නැගිට්වන්න නම් අපි මේ කරන හැමදේම බලපාන්නේ අපේ දූ දරුවන්ට, අපි මේ රට වෙනස් කලොත් අපේ දූ දරුවන්ගේ අනාගතය සුභවාදී වෙයි, හැබැයි අපි මේක වෙනස් කරේ නැත්නම් අපේ දූ දරුවන්ටත් මේ වගේම දුක් විදින්න සිද්ධ වෙයි, මේ වගේම කළකිරිලා ඉන්න සිද්ධ වෙයි, මේ වගේම අර අත හැරලා යන්න සිද්ධ වෙයි, මේ වගේම කළ කිරීමෙන් කථා කර කර ඉන්න සිද්ධ වෙයි, ඒ නිසා අපි වෙනස් වෙන්නඕන කම තියෙනවා.ඒ නිසා කියන පුද්ගලයා කවුද කියන එක නෙමෙයි, එයාගේ වයස, වර්ගය, ජාතිය, එයාගේ කැත -ලස්සන නෙමෙයි ඒ කියන දේ ඇත්ත නම් අපි මේ වෙනසේ කොටස්කාරයෝ වේනන ඕන .
මේ වෙනස අපිට කරන්න පුලුවන්කම තියෙනවා.ඔබට මතක ඇති ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණාම මේ රටේම ඉන්න තරුණයෝ චිත්‍ර ඇන්දා නේද? කවුද ඒ අයට චිත්‍ර අදින්න කිව්වාද? අපි චිත්‍ර අඳින්න කිව්‌වේ නෑ, මහා විශ්වාසයක්, මහා බලාපොරොත්තුවක් එක්ක තරුණයෝ පාරවල් ගානේ චිත්‍ර ඇන්දා.ඒ වගේම ගෝඨා ගෝ කියන්නත් ඒ තරුණයෝ මුල් වුණා.ඡන්දයෙන් පත් වෙච්ච ජනාධිපතිව, අගමැතිව ගෙදර යවන්නත් අපිට පුලුවන්කම තිබුණා.ඒ වගේම මේ රට වැටුණු තැනින් නැගිට්වන්නත් අපිට පුලුවන් නේද? අපිට බැරි වෙලා තියෙන්නේ අපි ඒ වෙනසේ කොටස්කාරයෙක් වෙන්නේ නැති නිසයි.අපි හැමදාම බලන් ඉන්නවා, අල්ලපු ගෙදර කෙනා වෙනස් වෙයි, එයා වෙනස් වුණාම අපි වෙනස් වෙන්න බලාගෙන ඉන්නවා.අපි හරි වැඩේ කරන්නේ නැතිව, තව කෙනෙක් මේ වැඩේ හරියට කරයි, එයා කරාට පස්සේ අපි කරනවා කියලා තමයි අපි හැමදාමත් ඉන්නේ.
ඒ වගේම තමයි අපි රෑට රූපවාහිනිය බැලුවොත් එහෙම සැනසීමෙන්ද බුදියන්නේ, නැද්ද? බැලුවොත් තියෙන්‌නේ අරෙහෙන් කපලා, මෙහෙන් කපලා, අරවා කරලා, මේවා කරලා, සමාජයක් හැදෙන නිවුස් එක්ක රූපවාහිනියේ පේනවාද. පෙන්වන නාට්‍ය බලන්නකෝ.නාට්‍ය වල තියෙන්නේ මොනවාද? අපේ පුංචි එවුන් ටික ටී.වී එක ඉස්සරහා තියාගෙන අම්මලා තාත්තලා ෂෝක් එකට බලනවා. මොනවාද ඒ නාට්‍යය වල තියෙන්නේ අම්මාගේ හොර මිනිහා ගැන කියනවා, නැන්දම්මාගෙයි- ලේලිගෙයි ප්‍රශ්න ගැන කථා කරනවා, අපි පොඩිකාලේ ඉඳන්ම පුංචි එවුන්ගේ ඔලුවට නරක දේවල් දාලා, අපි අන්ධයෝ- බීරෝ වගේ බලන් ඉඳලා, අපි පොඩි එකාට කියනවා හැදියන් කියලා.හැදෙන්න පුලුවන්ද? මේ සියල්ලම වෙනස් වෙන්න ඕන කම තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ මේ වෙනසේ කොටස්කාරයෙක් වෙන්න කියලා.අරයාට-මෙයාට බැන්න පලියට මේ රට හැදෙන්නෙත් නෑ, හදන්න පුලුවන්කමකුත් නෑ, අපි වෙනස් වුණොත් එහෙම, ඒ වෙනසේ කොටස්කාරයෙක් වුණොත් අපිට මේ රට වෙනස් කරන්න පුලුවන්කම තියෙනවා.
දේශපාලන කල්ලි භේද ගමේ තියාගන්න එපා, ඒක තියාගන්න මැතිවරණ කාළයට විතරක්, මැතිවරණයක් ආවම, ශ්‍රී ලංකා මනුස්සයා ශ්‍රී ලංකා එකට ඡන්දය ගහන්න, ජේ.වී.පී මනුස්සයා ජේ.වී.පී එකට ගහන්න, යූ.එන්.පී මනුස්සයා යූ.එන්.පියට ගහන්න.පොහොට්ටුවේ මනුස්සයා පොහොට්ටුවත් එක්ක ඉන්න.හැබැයි ඡන්දයක් නැති කාළයේදී අපි හැමෝම එකට එකතු වෙලා ගමක් විදිහට කටයුතු කළ යුතු වෙනවා.හැබැයි දැන් අපි දේශපාලන වශයෙන් ගමෙත් බෙදිලා ඉන්නේ.සමහර වෙලාවට පොහොට්ටුවේ මිනිහත් එක්ක කථා කරන්නේ නෑ, ශ්‍රී ලංකා එකත් එක්ක කථා කරන්නේ නෑ, ඥාතීකම් නැති කර ගන්නවා, හිතවත්කම් නැති කර ගන්නවා, ගමේ වෛරක්කාරයෝ වෙලා ඉන්නවා.හැබැයි උඩහා සේරම ටික එකතු වෙලා යාලුවෝ වගේ ඉන්නවා.ශ්‍රී ලංකා එකයි, එක්සත් ජාතික පක්ෂයයි 2015 දී මෛත්‍රී මහත්තයයි- රනිල් මහත්තයායි ආණ්ඩු කළා යහපාලනයේදී, මහින්ද රාජපක්ෂ මහත්තයා මොකක්ද කලේ, ශ්‍රී ලංකා එක කඩාගෙන යූ.එන්.පී කාරයොත් එක්ක බෑ කියලා වෙනම පොහොට්ටුව හදා ගත්තා.දැන් පොහොට්ටුවට කෙළ වෙන කොට, ගෝඨාභය ගෙදර යවන කොට දැන් රනිල් හොඳ වෙලා තියෙනවා.2015 දී හොඳ නැති වෙච්ච රනිල් , දැන් රනිල් හොඳයි විතරක් නෙමෙයි, රටේ ජනාධිපතිත් කෙරෙව්වා තමන්ගේ වාසියට.මේක අපි තේරුම් අරගෙන ගමේ අපි සමගියෙන් ඉන්න ඕන කම තියෙනවා.මැතිවරණ කාළයට අපි බෙදෙමු, ගහගමු, රණ්ඩු කර ගමු, හැබැයි අපි අනෙක් හැම වෙලාවේදීම අපි එකා වගේ අත්වැල් බැඳගත්තොත් එහෙම අපිට මේ රට නැගිට්ටවන්න පුලුවන්කම තියෙනවා. මේ රට නැගිට්ටුවොත් කාටද වාසිය, දැන් මේ ණය බරින් ඉන්න අපි පඩි ගෙවාගන්න සල්ලි නැතිව ඉන්න අපි , ව්‍යාපෘතියක් කර ගන්න සල්ලි නැතිව ඉන්න අපි මේ රට නැගිට්ටවන්න ඕන නේද? ඒ නැගිට්ටවන කෙනා නෙමෙයි අපිට වැදගත් වෙන්නේ.අපි නැගිට්ටවන්න කොහොමද දායක වෙන්නේ කියන එක තමයි වැදගත් වෙන්නේ යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
තිසර සමල් – අනුරාධපුර