• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බැසිල් භිතිකාවෙන් මිදි එයාට පාඩුවේ ඉන්න දෙන්න – මන්ත්‍රී කුට්ටිආරච්චි

18 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බැසිල් රාජපක්ෂ භිතිකාවෙන් මිදෙන ලෙසත් මුදල් ඇමතිකමෙන් බොහොම පාඩුවෙන් අයින් වී මන්ත්‍රිකමෙනුත් අයින් වී පාඩුවේ ඉන්න එයාට පාඩුවේ ඉන්න දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා මෙසේ අදහස් පල කලේය “දැනට රටේ තිබෙන තත්වය සියට සියක් ප්‍රශ්න විසඳුනේ නැති වුණාට ජනතාවට අවශ්‍ය පරිදි ගෑස් ටික බෙදා හැරීමේ වැඩපිළිවෙළ දැන් ආරම්භවෙලා තිබෙනවා. පොහොට්ටුවේ ආණ්ඩුව තමයි මේ රටේ ආර්ථිකය විනාස කළේ කියලා කිව්වා. හැබැයි ඒ චෝදනාව අපිට එල්ල කරන වෙලාවේ අපි එයින් පලා යන්නේ නැතිව අපි මේවට පිළිතුරු හොයනවා. ඒ නිසා අපි ගෑස්, තෙල් ප්‍රශ්නය යම් ප්‍රමාණයකට විසඳලා තිබෙනවා.

මේ ප්‍රශ්න විසඳීමට කළමණාකරණය කරන වැඩපිළිවෙළක් හරි මේ වන විට අපේ ආණ්ඩුව ඉදිරිපත් කරලා තිබෙනවා. ගෑස් පෝලිම තෙල් පෝලිම යන පෝලිම් යුගය අපි නතර කරලා සාමාන්‍ය මට්ටමෙන් ජන ජිවිතය ගෙනියන්න පුළුවන් ශක්තිය අපිට තිබෙනවා.

ස්ටාලින් කියනවා දැන් පාසල් දවස් 05 ආරම්භ කළාම වැඳුනේ ඔවුන්ගේ පර්ස් එකට කියලා. සමස්ථ ගුරුවරුන්ගේ ගරුත්වය මේ රටේ කෙලසන පුද්ගලයා ස්ටාලින්. කොරෝනා ආපු අවස්ථාවේ සිට අවුරුදු 02 ක් පාසල් වසා තිබුණා. දැන් අධ්‍යාපන ඇමතිතුමා කියනවා නිවාඩු අවලංගු කරගෙන මේ දරුවන්ගේ අධ්‍යාපන වැඩපිළිවෙළට යමු කියනවා. දැන් ස්ටාලින්ගෙන් අහනවා මේ කියපු කාරණාවේ අරුත කුමක්ද? පාසල් වහන්න කියලාද කියන්නේ. ඔබතුමා කිව්වා ගුරුවරුන්ගේ ගුරු වැටුප් වැඩි කරන්න කියලා. අපි අමාරු කාලයේ ඩොලර් නැති වෙලේ අපි ආදරණිය ගුරුවරුන්ගේ වැටුප් වැඩි කළා. එහෙම කරලා තියෙද්දි ඔබතුමා පාසල් වහලා ගුරුවරු ගෙදර තියලා නැතිනම් සමස්ථ ගුරුවන්ට හා දරුවන්ට කරන අපහාසයක් ද?
මාධ්‍යවේදීන්ගෙන්, ස්වාමීන් වහන්සේලාගෙන්, අගරදගුරුන්ගෙන්, දේශපාලනඥයන්ගෙන් කරුණාකරලා ඉල්ලා සිටිනවා රට අවුස්සන්නේ නැතිව මේ ප්‍රශ්නය නිවලා ඊට පස්සේ මැතිවරණයකට යමු කියලා. දැන් හරියට යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ . තියෙන්නේ ගෑස් ප්‍රශ්නය, ‍තෙල් ප්‍රශ්නය, ඩොලර් ප්‍රශ්නයයි. දැවැන්ත ප්‍රශ්න ගණනාවක් තියෙද්දි අනුර කුමාර මහතා, සජිත් ප්‍රේමදාස මහතා ඡන්දයක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. අදාළ කාල රාමුවේදි මැතිවරණයක් තිබෙනවා. දැන් කට්ටිය කියනවා පොහොට්ටුව ඉවරයි කියලා. පොහොට්ටුව විදිහට ඕනම මැතිවරණයකට හෙට දවසේ වුනත් මුහුණදීමේ ශක්තිය තිබෙනවා. ඒකනේ බැසිල් රාජපක්ෂ මැතිතුමාට පහර දෙන්නේ. මේ රටේ දේපාලනයේ අනාගතය අද දවසේ කියවන නායකයෙක් තමයි බැසිල් රාජපක්ෂ කියන්නේ. ඒක තමයි භිතිකාව.ඒකනේ තලතා අතුකෝරාල කියන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ,මහින්ද රාජපක්ෂ මැතිතුමා හොරකම් කළා කියලා. ජනාධිපතිතුමාට කියනවා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ජනාධිපතිතුමාට පුළුවන්ද නීතිය ක්‍රිියාත්මක කරන්න. මේ රටේ වගකිය යුතු හිටපු අධිකරණ ඇමතිවරියයි මේ කියන්නේ. එතුමියගේ අධිකරණ ඇමතිවරියගේ කාලයේ නඩු කියක් දානවාද කියන කාරණය ඔවුන්ට අවශ්‍ය පරිදි සිදු කළේ.

ඒ පුරුද්ද ඇවිල්ලා එකපාරටම ඉන්න තැන අමතක වෙලා සජිත් ප්‍රේමදාසගෙන් ලකුණක් දාගන්න ඕන නිසා කතා කරන්න දෙයක් නැති නිසා නීතිය නමන්න කියලා. බැසිල් රාජපක්ෂ මැතිතුමාට ඇති තරම් නඩු දැම්මා. ඒ දාපු සෑම නඩුවක්ම නිත්‍යානුකූලද? අපි ආණ්ඩු බලය ගත්තා කියලා එක නඩුවක් ඉල්ලා අස්කරගත්තෙ නෑ. අධිකරණය තීන්දු දිලා තිබෙනවා නිදොස්කොට නිදහස් කියලා. තලතා අතුකෝරාළගෙන් අහනවා දැන් මේ අධිකරණයට බලපෑම් කරන්නද හදන්නේ. මේ අධිකරණයෙන් දුන්න තීන්දු වැරදිද. ඊට එහායින් ගිහිල්ලා අතිගරු ජනාධිපතිතුමාට යෝජනා කරනවා බැසිල් රාජපක්ෂ මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා නීතිය රැහැනට ගේන්න කියලා. ඒ නිසා දෙයක් කතා කරන්න කලින් මීට වඩා මොළයක් බුද්ධියක් ඇතිව කතා කරන්න කියලා අපි කියනවා. කඩේ යනකොට යම් ප්‍රමාණයක් ඇතිව යන්න. ඔය ගිය ආණ්ඩුවේත් ටොප් ටෙන් එකට අහුවෙච්ච ඔය කාන්තා කණ්ඩායම් හිටියා. විදේශීක ශ්‍රමිකයන්ගේ මුදල් ගසාකාපු අමාත්‍යවරියන් ගැනත් අපි අහලා තිබෙනවා. ඒවායේ නීතිත් ක්‍රියාත්මක වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අනෙක් කෙනාට ඇගිල්ල දික් කරනකොට තමන්ගේ පැත්තටත් ඇගිලි 04 ක් තිබෙනවා කියලා මතක තියාගන්න.
දැන්වත් බැසිල් රාජපක්ෂ භිතිකාවෙන් මිදෙන්න. මුදල් ඇමතිකමෙන් බොහොම පාඩුවෙන් අයින් වුණා. මන්ත්‍රිකමෙනුත් අයින් වුණා. පාඩුවේ ඉන්න බැසිල් රාජපක්ෂ මැතිතුමාට පාඩුවේ ඉන්න දෙන්න. එතුමාට තිබෙන බය පිළිබඳව අපිට ආඩම්බරයක් තිබෙන්නේ. ඒ භිතිකාවෙන් මිදිලා සැබෑ රටේ ප්‍රශ්න විසඳන්න අපිත් එක්ක ඒ්කරාශි වෙන්න. සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තිබෙනවා. බොරු හදාගන්න එපා. නොකෙරෙන යොජනා ඉදිරිපත් කරන්නේ නැතිව , බැසිල් රාජපක්ෂ මැතිතුමාට නෙල නෙලා ඉන්නේ නැතිව, පොහොට්ටුවට නෙල නෙලා ඉන්නේ නැතිව එකතු වෙලා වැඩ කරමු. අපි තමා ලොකුම කැපකිරීම කරලා තිබෙන්නේ පොහොට්ටුව විදිහට.ජනාධිපතිකම, අගමැතිකම, ඇමතිකම් ටිකත් දිලා ආණ්ඩුවත් දිලා සියලු කැපකිරීමක් කරලා තිබෙන්නේ. අපිට එච්චර කැපකරලා තියෙන වෙලේ සජිත් ප්‍රේමදාස මහතාට අනුරු කුමාර මහතාට අරාධනා කරනවා කුහකකම , දුෂ්ටකම පැත්තකින් තියලා අපිත් එක්ක පක්ෂ පාඨ භේදයකින් තොරව එක අම්මගේ දරුවෝ වගේ මේ සර්ව පාක්ෂික වැඩපිළිවෙළට එකතුවෙලා රට හදමු කියලා. ”යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා වැඩිදුරටත් අදහස් පල කලේය.

Post Views: 12
Previous Post

රටේ ප්‍රශ්ණවලට උත්තර හොයන්න පොදුජන පෙරමුණට පුළුවන් – මන්ත්‍රී මහාචාර්ය රංජිත්

Next Post

ශ්‍රී ජයවර්ධනපුර රජයේ රෝහලේ බෝ නොවන රෝග සත්කාර පහසුකම් වර්ධනයට ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක්

editor

editor

Next Post

ශ්‍රී ජයවර්ධනපුර රජයේ රෝහලේ බෝ නොවන රෝග සත්කාර පහසුකම් වර්ධනයට ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved