• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපිට ගල් ගහන්න හදන්න එපා .. අපි ඊලග ඡන්දේදීත් අපරාජිතයි – බැසිල් රාජපක්ෂ

16 December 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අපිට ගල් ගසන්න උත්සාහ කරන්න එපා ලෙසත් ඊළග මැතිවරණවලදීත් අප අපරාජිතව ඉදිරියට ගමන් කරන බව ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක සහ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (15) කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ දී ඊයේ (15) පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනය අමතමිනි.

එහිදී ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මෙසේ අදහස් පල කලේය “එදා පිහිටවූ පක්ෂයට දැනට වසර 88ක් වෙනවා. අපේ පක්ෂයට අවුරුදු 7 යි. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුහුණ දුන් හැම මැතිවරණයක්ම ජයග්‍රහණය කරන්න සමත් වුණා. ඉදිරියටත් යම් මැතිවරණයක් තිබෙනවා නම් දිනන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව කියනවා. එහි ගෞරවය, අයිතියා තිබෙන්නේ ඔබ සියලු දෙනාටයි. අපි කළේ වින්නඹු මාතාවගේ කාර්යයයි. ඒ සියලු ගෞරවය ඔබට හිමිවෙනවා. අපේ පක්ෂය ඉදිරියටත් ශක්තිමත් කළයුතු වෙනවා. ඔබ කළ කැපවීම අපි අගය කරනවා. අපි මේ ජයග්‍රහණය සියල්ලටම අයිතිය ඔබට දෙනවා වගේම මහින්ද රාජපක්ෂ මහතා අපිට ඉගැන්වූයේ කිසිවෙකුට වෛර කරන්න එපා කියලයි. පශ්චාත් ප්‍රචණ්ඩත්වය තුරන් කළා. මැතිවරණ ජයගත් පසුව කිසිවෙකුට හිරිහැර කළේ නැහැ. ඉදිරියටත් අපි ඒ මහතාගේ ආදර්ශය අනුගමනය කරනවා. කිසිවෙකුට නොකියපු තමන්ගේ ගේ දොර අහිමිකර ගත්ත, දේපළ නැතිකර ගත්ත විශාල පිරිසක් ඉන්නවා. කිහිපදෙනෙකුට ආධාර ලැබුණා. ඒ සම්බන්ධයෙන් අපි ස්තුති වන්ත වෙනවා. තවමත් ආධාරයක් නොලැබුණු විශාල පිරිසක් ඉන්නවා. ඒ අය ගැන අවධානය යොමු කළයුතු වෙනවා.

අපේ රටේ සියලු දෙනාම එක වගේ මරණ බිය ඇතිවුණු අවස්ථා දෙකක් තිබෙනවා. කොටි ත්‍රස්තවාදය නිසා මරණ බිය ඇතිවුණා. ලෝකයේ ඇතිවූ කොවිඩ් වසංගතය නිසා මරණ බිය ආවා. ඒ දෙකෙන්ම බේරා ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. එහි ගෞරවය ඔබටත් තිබෙනවා. මේ රටේ ඕනම ක්ෂේත්‍රයක සංවර්ධනයක් වුණා නම් ඒ සිදුවුණා නම් මහින්ද රාජපක්ෂ යුගයේ. ඒ අයිතිය තිබෙන්නේ ඔබටයි. මේ රටේ සෑම සංවර්ධනයක් තිබෙනවා නම් මහින්ද මහත්තයා කළ දේවල් බව අපි දන්නවා. ඒ අයිතිය කිසිවෙකුට උදුරා ගන්න දෙන්න බැහැ. මීළඟට මොකක් ද සිදුවන්නේ. මීළඟටත් අපි අනිවාර්යයෙන්ම පොහොට්ටුව දිනන්න කටයුතු කරනවා. අපි ඕනම දෙයකට සූදානම්. මේ ජයග්‍රහණවලට අපි සූදානම් වෙමු. අපේම ආණ්ඩුවක් පිහිටුවන්න කටයුතු වෙමු. නියම එඩිතර ආණ්ඩුවක් බවට පත් කරන්න කටයුතු කළයුතු වෙනවා. ඒ වෙනුවෙන් අපි ශක්තිය දෙනවා. දුර බැහැර සිට මෙහි පැමිණි සැමට අපේ ගෞරවය පිරිනමනවා. ඒ වගේම ඔබට ගමට යනවිට ආරක්ෂාකාරීව කටයුතු කරන්න කියා ඉල්ලනවා.

ඉවසීමෙන් කටයුතු කළාට අපි කිසිම වෙලාවක නිවටයන් වෙන්නේ නැහැ. ඕනම දේකට අපි සූදානම්. සිංහයෙකුට ගලක් ගැසුවොත් නතර වෙලා ගලක් ගැසුවේ කවුද කියා බලනවා. ඒ නිිසා අපිට ගල් ගසන්න උත්සාහ කරන්න එපා. අපි ඒ වෙනුවෙන් කටයුතු කරනවා. ඊළග මැතිවරණවලදීත් අපි අපරාජිතව ඉදිරියට ගමන් කරනවා” බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

දිවි දෙවැනිකොට රැකගත් අප මාතෘභූමිය කෑලිවලට කඩා ආපස්සට ගන්න ඉඩ දෙන්නේ නෑ – හිටපු ජනපති මහින්ද

Next Post

මෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ආරක්ෂක හමුදාවට ඇති වගකීම සීමා කිරීමට කිසිවෙකුට බැහැ – ජනපති

editor

editor

Next Post

මෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ආරක්ෂක හමුදාවට ඇති වගකීම සීමා කිරීමට කිසිවෙකුට බැහැ - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved