27 April 2024
#දේශීය #පුවත්

බොරු සෝබනකාරයින්ට තවදුරටත් ඇන්දවෙන්න නම් එපා – විපක්ෂ නායක සජිත්

රටේ සමහර මිනිසුන්ට අවශ්‍ය වී ඇත්තේ බොරු සෝබනකාරී වැඩ, බොරු සැනකෙළි, ලස්සන වචන බවත්, තවදුරටත් විවිධ ඇන්දවීම්වලට ලක් නොවන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (4) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 85 වැනි අදියර යටතේ ගාල්ල බලපිටිය රේවත ජාතික පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

රට මේ වන විට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් සාම්ප්‍රදානුකූල රාමුවෙන් පිට පැන්න අලුතින් හිතන වැඩපිළිවෙළක් රටට අවශ්‍ය බවත් අපේ රට මේ වන විට ඇ. ඩොලර් බිලියන 90ක් ණය ගෙවිය යුතු බවත් මේ ණය ගෙවන තුරු අප රට හදුන්වන්නේ ණය ගෙවා ගත නොහැකි බංකොලොත් රටක් ලෙසත් එය ආඩම්බරයට කරුණක් නොව දුකට පත්විය යුතු කරුණක් බව හෙතෙම පැවසීය.

දේශපාලනඥයෝ ලෙස විවිධාකාර වූ දෙස් විදෙස් සභාවලට සහභාගී විමේදී සෑම අවස්ථාවකම අරමුණ වන්නේ එම සභාවල බුද්ධිය හා දැනුම කේන්ද්‍ර කර ගෙන කැපී පෙනීම සහ ඉස්මතු වීම වුවත් ශ්‍රී ලංකාවේ සමහර පුද්ගලයන් එයට කැමති නොවන බවත් අලුත් දෙයක් දියුණු වැඩක් කරන්න ප්‍රගතියක් ලබන්න ඔවුන්ට අවශ්‍ය නොවන බවත් පැරණි යුගයේ ලතවීම ඔවුන්ගේ අපේක්ෂාව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *