27 April 2024
#දේශීය

තිරිගු පිටි හිගය නිසා මාතලේ වතු කම්කරුවෝ පිඩාවට

තිරිගු පිටි ඉහළ යැමත් සහ පිටිවල පවතින හිගය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ වතුකරයේ ජනතාව පිඩාවට පත්ව ඇති බව වතු ජනතාව පවසයි.

මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල,රත්තොට,අඹන්ගගකෝරලය වැනි ප්‍රදේශවල වැඩි වශයෙන් වතු ජනතාව ජිවත්වන අතර පවතින අර්බුද හමුවේ ඔවුන් දැඩි ලෙස පිඩාවට පත්ව ඇති බවද ඔවුන් පවසයි.

මේ වන විට ඉන්දියාවෙන් ආනයනය කරන තිරිගු පිටිවල මිල අධීක ලෙස ඉහළ යැම නිසා මෙම තත්වය උද්ගත වි ඇති බවත් වතුකරයේ ඇති වෙළදසැල්වල හා අනෙකුත් ප්‍රදේශවල තිරිගු පිටි විශාල හිගයක් ඇති බවත් තිබෙන වෙළදසැල්වල පිටි මිල අධීක ලෙස ඉහළ මිලක් ගන්නා බවද වතු ජනතාව පවසයි.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *