• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුරපුරේ වැඩ බැරි අයව දුමින්ද ගෙදර යවයි

12 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ක්‍රියාකාරීව කටයුතු නොකරන පළාත් පාලන මන්ත්‍රීවරුන් හා කොට්ඨාශ අපේක්ෂකයින් සම්බන්ධයෙන් තීරණයක් ගෙන, ඒ වෙනුවට ක්‍රියාකාරීව දේශපාලනය කළ හැකි, ක්‍රීයාකාරීව පක්ෂයට දායකත්වයක් ලබා දිය හැකි පිරිස් සම්බන්ධ කර ගන්නා මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකරුවන්ට මෙලෙස උපදෙස් ලබා දුන්නේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතයින් හා පක්ෂ අනුබද්ධ සංවිධාන නිළධාරීන් අතර පැවැති සාකච්ජාවකදිය.

මීට පෙර පලාගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ඩී.එම්.එස් නන්දන දිසානායක මහතා විසින් තමන්ගේ මන්ත්‍රී ධූරයෙන් ස්වෙච්චාවෙන් ඉල්ලා අස් වී එය වෙනත් මන්ත්‍රීවරයකුට ලබා දෙන ලෙස පක්ෂයෙන් ඉල්ලීමක් කර තිබූ අතර, එම පුරප්පාඩූ වූ මන්ත්‍රී ධූරය පී.ජී සුනිල් ප්‍රියන්ත කුමාර මහතා වෙත ලබා දෙමින් ඊට අදාළ පත්වීම් ලිපියද ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා හා මන්ත්‍රී ධූරය පරිත්‍යාග කළ නන්දන දිසානායක මහතාගේ සුරතින් සිදු කෙරිණි.

අනතුරුව පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් එහිදී සාකච්ජා කෙරිණි.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා, ” ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිරි වැඩපිළිවෙල සකස් කර ගැනීම තමයි අද අපි සාකච්ජා කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකට අපි ලෑස්ති වෙන්න ඕනකම තියෙනවා. ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණය වෙන්න පුලුවන් අපි කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට එකම අරමුණකින්, එකම විදිහට තමයි අපි ඉදිරියේදී කටයුතු කරන්නේ.ඒ නිසා අපි අතර කිසිම වාද-භේදයක් එහෙම නැත්නම් මත භේදයක්, මේ කිසිම දෙයක් අපේ නෑ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට පක්ෂය ශක්තිමත් කිරීම තමයි කරගෙන යන්නේ.එහෙම නැතිව අපි බොරුවට කෑ ගහලා, කියවලා මහා ලොකු රැස්වීම් තිබ්බට වැඩක් නෑ, ඉදිරියේ එන මැතිවරණයේදී අපිට ජයග්‍රහණය පෙන්වන්න නෙමෙයි ඕන සැබෑම ජයග්‍රහණයක් ඕන.එහෙම නම් අපි හරි විදිහට සංවිධානය වුණොත් එහෙම අපිට මේ ඉලක්ක ටික සපුරා ගන්න පුලුවන්කම තියෙනවා.ඒකට සංවිධායකවරු කැපවෙන්නත් ඕන, මේ නියෝජිත මහත්වරු ටික, අනුබද්ධ සංවිධාන වල කට්ටිය ටික කැපවෙන්නත් ඕනකම තියෙනවා. සංවිධායකවරු සියලුම කොට්ඨාශ වලට අපේක්ෂකයෙක්, අපේක්ෂිකාවක් අපි නම් කරලා අවසන් කරන්න.එතනදී මම සංවිධායකතුමන්ලාගෙන් ඉල්ලීමක් කරනවා, යම්කිසි කොට්ඨාශයක අක්‍රීය කෙනෙක් ඉන්නවා නම් දැන් බලන් හිටියා හොඳටම ඇති ඒ නිසා තමන්ගේ කැමැත්ත අනුව ගැලපෙන කෙනෙක් දාගත්තාට අපේ කිසිම විරෝධයක් නෑ, සමහර අපේක්ෂකතුමන්ලා ඉන්නවා මොකක් හරි ප්‍රථිලාභයක් දෙනවා කිව්වොත් විතරයි එන්නේ, එහෙම නැත්නම් කිසිම දේකට සම්බන්ධ වෙන්නේ නෑ.එහෙම ප්‍රථිලාභයට විතරක් ඉන්න කට්ටිය දැන් අපිට අවශ්‍යය කරන්නේ නෑ, දැන් අපිට අවශ්‍යයයි ක්‍රියාකාරීව දේශපාලනය කරන්න පුලුවන්, ක්‍රීයාකාරීව පක්ෂයට දායකත්වයක් ලබා දෙන්න පුලුවන් පිරිසක් තමයි අපිට ඉන්න ඕන.ඒ නිසා යම්කිසි කෙනෙක් අක්‍රීය නම් ඒ අය සම්බන්ධයෙන් තීරණයක් ගන්න.අපේක්ෂකයෙක් අපේක්ෂිකාවක් පමණක් නෙමෙයි මන්ත්‍රීවරයෙක් හෝ මන්ත්‍රීවරියකුත් ක්‍රියාකාරී නැත්නම් ඒ අය සම්බන්ධයෙන් තීරණයක් ගන්න.මොකද අපි නම් කරපු නිසා පඩියත් ගන්නවා. ඒ අය අයින් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ, මේ අන්තිම මාස කීපයේ පඩිය ගත්ත දෙන්, හැබැයි අපි ඊළඟට නියෝජිතවයෙක් ලෙස තියාගන්න තීන්දු කරන්නේ නෑ,ඒ නිසා මන්ත්‍රීවරයෙක් හෝ මන්ත්‍රීවරියක් වෙන්න පුලුවන් පක්ෂයේ දේකට දායක වෙන්නේ නැත්නම් අපි ඒ අයට බොහෝම නිදහස දෙන්නම් අපෙන් ඈත් වෙලා තමන් කැමති දේශපාලනයක් හෝ ව්‍යාපාරයක් කර ගන්න.හැබැයි අපිට නිදහස දෙන්න අපි කැමති කෙනෙක් එක්ක , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැමති කෙනෙක් එක්ක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් කැප වෙන්න පුලුවන් මනුස්සයෙක් එක්ක ඒ කොට්ඨාශයේ අපිට දේශපාලනය කරන්න අපිටත් නිදහස දෙන්න.අපේ වැඩකට එන්නේ නැත්නම් ඒ අයට ඒ අයගේ නිදහස ඕන නම් අපි ඒක දෙන්නම්, අපි බොහෝම කැමැත්තෙන් ඒ අයව නිදහස් කරන්නම්, තමන්ගේ වැඩක් කර ගන්න ඉතිරි මාස ටිකේ, හැබැයි අපිට නිදහස දෙන්න අපිට කෙනෙක් දාගන්න.අපි කෙනෙක් දා ගත්තම බොරුවට මෙතන ඇවිත් චුරු චුරු ගාන්න නම් එපා.තේරුමක් නෑනේ නැත්නම්.මෙච්චර කාළයකට නම් කරපු මන්ත්‍රීකමට අපිට උදව්වක් කරන්න බැරි නම් අපි ඉල්ලන්නේ පුද්ගලික උදව්වක් නෙමෙයිනේ.ඒකත් මම විවෘතවම කියනවා, හැංගි හොරා නෙමෙයි.අපේ සංවිධායකතුමන්ලාට සම්පූර්ණ බලය තියෙනවා, අයිතිය තියෙනවා තීරණ ගන්න යැයි පැවසීය.
අනතුරුව ආසන සංවිධායකවරුන්, පළාත් පාලන නියෝජිතවරුන්, අපේක්ෂකවරුන්ද අදහස් දක්වමින් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළට සහය දක්වන බවත්, පක්ෂය ශක්තිමත් කිරීම වෙනුවෙන් කැප වන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය මේ වන විට තහවුරු වී ඇති බවද පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදවච්චිය ආසන සංවිධායක හිටපු අමාත්‍යය තිස්ස කරල්ලියද්ද, මිහින්තලය ආසන සංවිධාක හිටපු පළාත් සභා අමාත්‍යය සරත් ඉලංගසිංහ, අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක ආර්.එම්.බී ඥාණතිලක, අනුරාධපුර බටහිර ආසන සංවිධායක හිටපු ප්‍රාදේශීය සභා සභාපති නලීන් දිසානායක, අනුරාධපුර නැගෙනහිර ආසන සංවිධායක හිටපු නියෝජ්‍යය නගරාධිපති ප්‍රේමසිරි හෙට්ටිආරච්චි, අනුරාධපුර නැගෙනහිර ආසන සම සංවිධායක හිටපු ප්‍රාදේශීය සභා සභාපති ඩී.පී බන්දුලසේන, කැකිරාව ආසන සංවිධායක නීතීඥ රවීන්ද්‍ර දිසානායක යන මහත්වරුන් තිරප්පනය ප්‍රාදේශීය සභා සභාපති රොෂාන් ඉලංගසිංහ මහතා ඇතුළු පළාත් පාලන නියෝජිතයින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොට්ඨාශ අපේකෂකයින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භික්ෂූ සංවිධානය, ගුරු සංවිධානය, ගොවි සංවිධානය, තරුණ සංවිධානය ඇතුළු අනුබද්ධ සංවිධාන වල නිළධාරීන් සහභාගී වූහ.

 

තිසර සම්ල සෝමරත්න

 

Post Views: 3
Previous Post

ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන්

Next Post

ලබන 14 වනදා සිට සියලුම පාසල් සිසුන් පාසල් වෙත කැඳවයි

editor

editor

Next Post

ලබන 14 වනදා සිට සියලුම පාසල් සිසුන් පාසල් වෙත කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved