• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

E B Creasy Solar පුරෝගාමීත්වයෙන් නිකවැරටිය ප්‍රදේශයේ දී සූර්ය බලැති වාරි ව්‍යාපෘතියක් අවසන් කෙරේ

12 March 2024
in පුවත්, ව්‍යාපාර
E B Creasy Solar පුරෝගාමීත්වයෙන් නිකවැරටිය ප්‍රදේශයේ දී සූර්ය බලැති වාරි ව්‍යාපෘතියක් අවසන් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති කර්මාන්තයේ සැබෑ වෙනසක් ඇති කිරීමේ පුරෝගාමියා වූ ඊ.බී ක්‍රීසි සහ සමාගම, පාරිසරික කළමනාකාරීත්වය සහ තාක්ෂණික නවෝත්පාදනයන් සමඟින් තිරසාර සංවර්ධනයක් අපේක්ෂා කරන වැඩපිළිවෙළ තුළ සිය කැපවීම යළිත් වරක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව UNDP මූලික අනුග්‍රහය යටතේ ඊ.බී ක්‍රීසි Solar විසින් නිකවැරටිය ප්‍රදේශයේ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන අති නවීන ජර්මානු Lorentz මාදිලියේ ජල පොම්ප භාවිත කරමින් විශේෂ ව්‍යාපෘතියක් පසුගියදා නිමාවට පත් කරනු ලැබීය.

කෘෂි වාරි කටයුතු අවශ්‍යතාවය අනුව ජලය බෙදා හැරීමේදී ප්‍රායෝගික වෙනසක් සිදු කරන මෙම දැවැන්ත ව්‍යාපෘතිය තුළින් දිනකට ජලය ලීටර මිලියනයක් පොම්ප කිරීමට සමත් වන අතර ඒ සඳහා ඉන්ධන හෝ ජාලක විදුලිය භාවිතයකින් තොරව මුළුමණින්ම සූර්ය බලයෙන් පමණක් ක්‍රියාත්මක වීම සුවිශේෂී වේ.

මේ අනුව මෙරට ප්‍රධාන කෘෂිකාර්මික කලාපයක් වන නිකවැරටිය ප්‍රදේශයේ ජල හිඟතාවයෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ගොවියන්ගේ ජන ජීවිතයේ සැලකිය යුතු පරිවර්තනයක් ඇති කිරීමට මෙම ව්‍යාපෘතිය පිටිවහලක් වේ. තිරසර කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙකී ක්‍රියාදමය අදාළ ග්‍රාමයේ ගොවීන් හට කිසිදු බාධාවකින් තොරව ජලය සැපයීම අරමුණු කර ගනියි. එමෙන්ම සූර්ය බලය ආශ්‍රයෙන් ඊ.බී ක්‍රීසි Solar සහ UNDP විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන ඔස්සේ මෙම කලාපයේ තිරසාර සමෘද්ධිමත් භාවය හා පරිසර හිතකාමී කෘෂිකාර්මික භාවිතයන් ප්‍රවර්ධනය කිරීමට ද ඉවහල් වේ.

තවද, ඊ.බී ක්‍රීසි Solar සහ UNDP විසින් දියත් කරන මෙම ව්‍යාපෘතියේ මූලික පරමාර්ථයෙන් ඔබ්බට ගොසින් ගොවීන්ට කිසිදු වියදමකින් තොරව තාක්ෂණික සහාය සහ නඩත්තු සේවාවන් ලබා දීමට පොරොන්දු වී තිබීම කැපී පෙනේ. මෙම මහඟු කර්තව්‍ය මඟින් ව්‍යාපෘතියේ දීර්ඝකාලීන සාර්ථකත්වය මෙන්ම තිරසාරත්වය සහතික කරමින් ඊ.බී ක්‍රීසි Solar, ප්‍රජා සේවය සඳහා වූ දක්වන ආයතනික සමාජ වගකීම පිළිබඳ කැපවීම මනාව අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව පුරා පිහිටි අනෙකුත් නිෂ්පාදන පහසුකම්, ව්‍යාපාර සහ නිවාස රැසකට සියුම් බලශක්ති විසඳුම් පහසුකම් ලබා දීමේදී ඊ.බී ක්‍රීසි Solar සමාගමේ ඉංජිනේරු කාර්ය මණ්ඩලය සතු විශේෂඥ දැනුම හා කැපවීම පිළිබිඹු කර තිබේ. මානව අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සමාගම, නව්‍ය විසදුම් ලබා දී ඇති ආකාරය මෙම සෑම ව්‍යාපෘතියක් තුළින්ම මනාව ප්‍රදර්ශනය කරනු ඇත.

ඊ.බී ක්‍රීසි Solar හි විශිෂ්ටත්වය, නවෝත්පාදනය මෙන්ම තිරසරභාවය පිළිබඳ අඛණ්ඩ කැපවීම හේතුවෙන් පුනර්ජනනීය බලශක්ති අංශයේ ප්‍රමුඛයා ලෙස ස්ථාපිත වී තිබේ. සමාගමේ ඉංජිනේරු විද්‍යාව පිළිබදව තිබෙන විශේෂඥතාවය මෙන්ම ආරක්ෂාව සහ පාරිසරික සංවේදීතාව සඳහා වූ කැපවීම තම ගනුදෙනුකරුවන්ට මුල්‍ය ඉතුරුමක් සේ ලබා දෙනවා පමණක් නොව පිරිසිදු හා තිරසාර අනාගතයක් කරා යන මාවත සකසා දෙනු ලබයි.

සූර්යයාගේ අසීමිත ශක්තියෙන් බල ගැන්වෙන ඊ.බී ක්‍රීසි Solar සමඟ එක්ව දීප්තිමත් සහ තිරසාර ශ්‍රී ලංකාවක් කරා ගමන් කරමු. වැඩි විස්තර දැනගැනීම සඳහා 077 440 7040 අංකයෙන් එක්සත් හෝ ජයන්ත 077 777 2253 අමතන්න. නැතහොත් www.ebcreasysolar.lk වෙත පිවිස, [email protected] වෙත විද්‍යුත් තැපෑලක් යොමු කරන්න. එසේත් නොමැති නම් අංක 98, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 පිහිටි E B Creasy Solar හි ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න.

PR

Post Views: 11,552
Previous Post

ගෙවතු වගා කිරීමේ ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 232ක මුදලක් – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන්

Next Post

හෝලුවාගොඩ “සෙරින් රිවර් පාර්ක්” පාරිසරික උද්‍යානය හෙට ජනතා අයිතියට

editor ttvnews

editor ttvnews

Next Post
හෝලුවාගොඩ “සෙරින් රිවර් පාර්ක්” පාරිසරික උද්‍යානය හෙට ජනතා අයිතියට

හෝලුවාගොඩ “සෙරින් රිවර් පාර්ක්” පාරිසරික උද්‍යානය හෙට ජනතා අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved