27 April 2024
#පුවත් #සංවර්ධන

හෝලුවාගොඩ “සෙරින් රිවර් පාර්ක්” පාරිසරික උද්‍යානය හෙට ජනතා අයිතියට

ගාල්ල, හෝලුවාගොඩ “සෙරින් රිවර් පාර්ක්” පාරිසරික උද්‍යානය හෙට (13) පස්වරු 5.00 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

සෙරින් රිවර් පාර්ක් ගාල්ල නගරයට නුදුරු හෝලුවාගොඩ ඉදිකර තිබේ. 2021 වසරේදී ඉදිකිරීම් ඇරඹූ මෙම උද්‍යානය අක්කර 14ක විශාලත්වයකින් යුතු පුරන්වූ කෙත් යායකි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙහි සැලසුම් සකස්කර ඇති අතර ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු සිදුකර තිබේ.

ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 440කි.

වැවක්, ඇවිදින මංතීරු, යඩක පාලම්, ළමා උද්‍යාන, වෙළඳ කුටි, පරිසර පද්ධති ආදියෙන් හෝලු‍වාගොඩ සෙරින් රිවර් පාර්ක් උද්‍යානය සමන්විත වන අතර ඒ සඳහා විදුලිය ලබා ගන්නේ ‍සූර්යාලෝකයෙනි.

ප්‍රදේශයේ ජනතාවගේ කෘෂිකාර්මික භෝග හා අනෙකුත් නිෂ්පාදන ජනතාවට අළවිකිරීමේ වැඩපිළිවෙක්ද මේ හරහා ක්‍රියාත්මකය.

ඉදිරියේදී සංචාරක කර්මාන්තය මූලික කරගනිමින් මෙම උද්‍යානයේ සිට වක්වැල්ල,වටරැක හා ගාල්ල දක්වා බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.

එමෙන්ම දශක ගණනාවක සිට හෝලුවාගොඩ,ඕපාත ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගංවතුර තත්ත්වය පාලනය කිරීමටද මෙම උද්‍යානය මඟින් සිදුවේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *