පාස්කු ප්‍රහාරය යනු 2017 වසරේ සිට ක්‍රමානුකූලව සැලසුම් කරන ලද කුමන්ත්‍රණයක් බව මේ වන විට සිදුකර ඇති විමර්ශන මඟින් අනාවරණය වී ඇතැයි අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ සහරාන් හෂීම්ට ඉහළින් සිට ඔහුව මෙහෙයවූ පුද්ගලයා සහ කණ්ඩායම පිළිබඳව සාක්ෂි සහිතව තොරතුරු හෙළි වී ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට අධිකරණයේ නඩු රැසක් විභාග වෙමින් පවතින බැවින් ඇතැම් සංවේදී කරුණු ප්‍රසිද්ධ කිරීමට නොහැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය. මෙය හුදෙකලා සිදුවීමක් නොව සිද්ධි දාමයක ප්‍රතිඵලයක් බවත්, යුක්තිය ඉටුකිරීම සඳහා රජය කැපවී සිටින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














