2019 වසරේ සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයේ සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් ‘පිල්ලෙයාන්’ අද (02) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන පුළුල් විමර්ශනවලට අදාළව ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටි අතර, වැඩිදුර නීතිමය පියවර සඳහා ඔහුව මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.














