• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඊශ්‍රායලයේ රැකියා දෙන බවට කියමින් සල්ල ගන්න අය ගැන දැනුවත් කරන්න -ඇමති මනූෂගෙන් ඉල්ලීමක්

27 February 2024
in දේශීය, පුවත්
ඊශ්‍රායලයේ රැකියා දෙන බවට කියමින් සල්ල ගන්න අය ගැන දැනුවත් කරන්න -ඇමති මනූෂගෙන් ඉල්ලීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වෙනත් පාර්ශවයකට මුදල් ගෙවා කිසිඳු ආකාරයකින් ඊශ්‍රායලයේ රැකියා ලබා ගැනීමට හැකියාවක් නොමැති බවත් කවරෙකු හෝ රැකියා ලබාදෙන බවට පවසමින් මුදල් ලබාගෙන ඇත්නම් ඒ පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුවත් කරන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ විදෙස් රැකියා මුවාවෙන් මුදල් ලබා ගන්නා එම පුද්ගලයින් සම්බන්ධයෙන් කඩිනමින් නීතිමය පියවර ගන්නා බවයි.

අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේ අද (26) දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී ඊශ්‍රායලයේ කෘෂි කාර්මික සහ නිවාස පාදක සාත්තු සේවක රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලංකිකයින් පිරිසකට ගුවන් ටිකට්පත් ලබාදුන් අවස්ථාවේදීය.

මෙරට රජය සහ ඊශ්‍රායල රජය අතර එකඟතාවයන් මත කෘෂි කාර්මික සහ නිවාස පාදක සාත්තු සේවක රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමේ වැඩසටහන් යටතේ තෝරාගත් පිරිසකට මෙලෙස ගුවන් ටිකට් පත් ලබාදීම සිදුකෙරණි.

එහිදී ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා තොරාගත් 39 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් අමාත්‍යවරයා විසින් ප්‍රධානය කරනු ලැබීය. මේ අතර නිවාස පාදක සාත්තු සේවක රැකියා සඳහා අවස්ථාව හිමිවූ 32 දෙනෙකු හටද ගුවන් ටිකට්පත් ලබාදීම සිදුවිය.

ඒ අනුව මේවන විට ඊශ්‍රයාලයේ කෘෂි කාර්මික අංශයේ රැකියා සඳහා 642 දෙනෙකු හට අවස්ථාව හිමිව ඇත. මේ අතර, නිවාස පාදක සාත්තු සේවක රැකියා අවස්ථා සඳහා මේවන විට කණ්ඩායම් 108ක් පිටත්ව ගොස් ඇති අතර මෙම වසරේ පමණක් එම ක්ෂේත්‍රයේ රැකියා සඳහා 268 දෙනෙකු හට අවස්ථාව හිමිව ඇත.

නිවාස පාදක සාක්තු සේවක රැකියා සඳහා මේවන විට සමස්ථයක් ලෙස 1102 දෙනෙකු හට රැකියා අවස්ථා හිමිව ඇත.

මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “රාජය හරහා ඊශ්‍රායලයේ රැකියා සඳහා පැමිණීම වැලැක්වීමට මාෆියාවක් ක්‍රියාත්මක වුනා. ඔවුන් තමන්ගේ අරමුණු ඉටුකරගැනීමට රජය ගෙනයන වැඩපිළිවෙලට මඩ ගැසීම් පවා කළා. විදේශ රැකියා සඳහා පිටත්ව යන සියලුදෙනාම අපේ රට නියෝජනය කරන තානාපතිවරුවන්ට සමානයි. ඒ නිසා රැකියා සඳහා යොමුවෙන සියලුදෙනා තමන්ගේ රැකියාව නිසි ලෙස සිදුකරලා තවත් ශ්‍රී ලාංකිකයින් හට රැකියා අවස්ථා ලැබෙන විදිහට කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවේ නීතියටත් ඊශ්‍රායලයේ නීතියටත් පිටුපාලා එරට රැදී ඉන්න කිසිම කෙනෙකුට රැකියා දෙන්න එපා කියල ඊශ්‍රායල රජයෙන් මම ඉල්ලා සිටියා. නීති විරෝධීව ඉන්න අයට රැකියා දුන්නොත් අපේ කිසිම ශ්‍රි ලාංකිකයෙකුව රැකියා සඳහා එවන්නේ නැති බවත් මම එහිදී ඊශ්‍රායල රජයට කිව්වා. මගේ ඉල්ලීමට ඊශ්‍රායල රජය එකඟ වෙලා ඔවුන් ඒ රටේ නීති විරෝධීව ඉන්න පිරිසට රැකියා දීමෙන් වැලකුනා. ඒ වගේම අද ඊශ්‍රායලයට යන අයත් මෙරට හෝ ඊශ්‍රායලයේ නීති උල්ලංඝණය කළොත් ඒ අයව නැවත ගෙන්වා ගන්න අපි කටයුතු කරනවා. ඒ සඳහා එරට ආරක්ෂක අංශ සමඟ විශේෂ වැඩසටහනක් මේවන විටත් ක්‍රියාත්මක කරලා තියෙනවා. කිසිම ආකාරයකින් වෙනත් පාර්ශවයකට සල්ලි දීලා රැකියා ලබා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා කවුරුහරි එහෙම සල්ලි දීලා තියෙනවා නම් අපේ නිලධාරීන්ට වෙනම ඒක දැනුවත් කරන්න. අපි ඒ මුදල් ගත්ත අයට විරුද්ධ නිසි ක්‍රියාමාර්ග ගන්නවා. විදේශගත වන කිසිවෙකු මෙරටට පැමිණි පසුව රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන්න එපා. ඒ සියලුදෙනාම ව්‍යාවසායකියන් බවට පත්විය යුතුයි. ව්‍යවසායකයින් වෙලා නව රැකියා බිහිකරන පිරිසක් බවට පත්විය යුතුයි. ඊශ්‍රායලයේ ඉන්නා මාෆියා කණ්ඩායම කියන්න පටන් ගත්තා ලංකාවෙන් එවලා තියෙන්නේ දේශපාලඥයින්ගේ පිරිසක් ඒ අයට වැඩ බැහැ ඒ නිසා ලංකාවේ අයව යලිත් ගෙන්වා ගන්න එපා කියලා. කෘෂි ක්ෂේත්‍රයට පිරිස යැවීම ප්‍රමාද වුනේ මේ පිරිසගේ ක්‍රියා කළාපයන් හේතුවෙනුයි. ඒත් එම තත්ත්වය අපිට වෙනස් කරන්න පුළුවන් වුනා යැයි අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6,594
Previous Post

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා මන්ත්‍රී ධුර‍යෙන් ඉල්ලා අස්වෙයි

Next Post

කංචන අපි බය නෑ .. ලැස්ති වෙලා ඉන්න හිරේ යන්න – රන්ජන් ජයලාල්

editor ttvnews

editor ttvnews

Next Post
කංචන අපි බය නෑ .. ලැස්ති වෙලා ඉන්න හිරේ යන්න – රන්ජන් ජයලාල්

කංචන අපි බය නෑ .. ලැස්ති වෙලා ඉන්න හිරේ යන්න - රන්ජන් ජයලාල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

19 June 2025
ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

19 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved