27 April 2024
#දේශීය

සමාජජාලා මගින් සිදු කරන වංචනික ක්‍රියාවලට හසුනොවන්නැයි මහජනතාවට දැනුවත් කරයි

අන්තර්ජාල ඔස්සේ සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් මුදල් වංචා කරනු ලබන සංවිධානාත්මක කණ්ඩායම් සම්බන්දයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත වාර්තා වී ඇත.

පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කළේ ඇතැම් පිරිස් දැන්වීම් පලකරමින් මුදල් වංචා සිදු කරන බවයි. එසේම තායිලන්තයේ රැකියා ඇබෑර්තු ඇති බවට දන්වා සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් දැන්වීම් පල කර මුදල් වංචා කරනු ලබන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් පිළිබඳව බැංකොක්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මහජනතාව දැනුවත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීමක් කර ඇති බවයි.

මෝටර් රථ දිනුම් ඇඳිමක් ලැබී ඇති බවට විද්‍යුත් තැපැල් පණිවිඩ මගින් දැනුවත් කර වංචනික පිරිස් විසින් ලබා දෙනු ලබන විවිධ බැංකු ගිණුම් වෙත මුදල් බැර කරවා වංචා සිදු කිරීම.
ෆේස්බුක් වැනි මිතුරු ඇරයුම් හරහා සම්බන්ධ වු නාදුනන තැනැත්තන් විසින් එවනු ලබන ත්‍යාග පාර්සල් ලබා ගැනීම, ඒවා නිශ්කාශන කිරීම, රේගුවෙන් භාණ්ඩ හා පාර්සල් නිදහස් කර ගැනීම සඳහා විවිධ බැංකු ගිණුම් වෙත මුදල් බැර කරවා ගැනීම.
ෆේස්බුක් වැනි මිතුරු ඇරයුම් හරහා සම්බන්ධ වු නාදුනන තැනැත්තන් විසින් එවනු ලබන විවාහ යෝජනාවලට රැවටී මුදල් වංචා කිරීම.

ඉහත පරිදි සංවිධානාත්මක කණ්ඩායම් විසින් පුද්ගලයන් රැවටීමට ලක් කර මුදල් වංචා කිරීමේ සිද්ධින් වාර්තා වී ඇති බැවින් මෙවැනි අපරාධවලට හසු වීමෙන් වැලකෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටි.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *