• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තාක්ෂණ විප්ලවයට මෙරට අධ්‍යාපනය සූදානම් – අධ්‍යාපන ඇමැති දිනේෂ්

9 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කාර්මික විප්ලවයෙන් පසු, වර්තමානයේ  තාක්ෂණ විප්ලවයක් ඇති වී තිබෙන බවත්,මේ නිසා සෑම විශ්වවිද්‍යාල සිසුවෙකුට ම තොරතුරු තාක්ෂණය ඉගෙනගත හැකි පරිදි පාඨමාලා සකස් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 05 වනදා මාලබේ පිරිමි විද්‍යාලයේ තාක්ෂණ පීඨ විද්‍යා තෙමහල් ගොඩනැගිල්ලේ, ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමිනි.

ඒ අනුව විශ්වවිද්‍යාලය තුළදී, සිසුන් තොරතුරු තාක්ෂණය, විෂයයක් ලෙස තෝරාගත්තද, තෝරා නොගත්තද, එම සිසුන් ඉන් පිටව යන්නේ, තොරතුරු තාක්ෂණයේ නිපුනතාවක් සහිත දරුවකු ලෙසින් බව, අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම ක්‍රමවේදය පාසල් තුළටත් ගෙන ආ යුතු බව, කාගේත් පිළිගැනීම බවද, ඔහු සඳහන් කළේය.

මායාදුන්න හා රාජසිංහ රජවරුන් පෘතුගීසින්ට එරෙහිව ජයග්‍රහණයක් ලබාගැනීමට දේශිය තාක්ෂණය යොදවා ගත් බවත්, රටේ තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන ලද ඒ අවි ආයුධ ලොව අසම සම ආයුධ වූ බව ලෙස ඉතිහාසයේ සටහන්ව ඇති බවත්, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පැවසීය. ලොව උසස් ම කඩුවට නොදෙවෙනි වන කඩුවකින් අපේ රණ විරුවන් සටන් කළ බව ඉතිහාසගත වී ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියේය.

තාක්ෂණ විද්‍යාව විෂයය ඉතාම විශේෂිත විෂයයක් බව පැවසූ ඔහු, රටක කාර්මික දියුණුවේ පදනම වානේ කර්මාන්තය බව හෙතෙම පැවසිය.

වානේ සංස්ථාව පිහිටුවීමේ ඉතිහාසයද අමාත්‍යවරයා සිහිපත් කළේය. සෝවියට් රුසියාවේ සහයෝගයෙන් අදියරෙන් අදියරට මෙරට වානේ කර්මාන්තය, ස්ථාපිත කිරීමට හැකි වූ බවත්, ඒ සඳහා මෙරට පොළොවේ යපස් උපකාරී වූ බවත් ඔහු පැවසීය.  වානේ සංස්ථාව, මෙරට විශ්වවිද්‍යාල සමඟ එකට එකතුව සැලැස්මකට ගමන් කළේ නම් මේ වන විට, මිල ගණන් ඉහළ වානේ ව්‍යාපෘති පිටරටට භාරදීමට සිදු නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය. කාර්මික විප්ලවය ජයගෙන තිබෙන්නේ, වානේ කර්මාන්තය පදනම් කරගත් රටවල් බවද ඔහු අවධාරණය කළේය.

සියලු දරුවන්ට, තාක්ෂණයේ දොරටු  විවෘත කර දීම සඳහා දායක වියහැකි සෑම ක්ෂේත්‍රයක් ගැන ම, අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලැස්මට අන්තර්ගත කර ඇතැයිද, විශේෂයෙන් තොරතුරු තාක්ෂණය හදාරණ දරුවන්ට, රට ඩිජිටල්කරණයට විවෘත කරනවාත් සමඟම පන්ති කාමරයෙන් නොලැබෙන මහා දැනුමකට අවතීර්ණ වීමට හැකියාව ලැබෙන බවද ඔහු පැවසීය. එය රටේ සංවර්ධනයට හා දියුණුවට පරිවර්තනය කර ගන්නට හැකිවන බව, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

 

Post Views: 6
Previous Post

මුහුදේ දී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් නාවික හමුදාව විසින් මුදා ගැනේ

Next Post

චීන සංචාරකයින් මෙරටට ගෙන්වීමට සහාය ලබා දෙන්න .. ජනපති – චීන විදේශ ඇමති හමුවේ කියයි

editor

editor

Next Post

චීන සංචාරකයින් මෙරටට ගෙන්වීමට සහාය ලබා දෙන්න .. ජනපති - චීන විදේශ ඇමති හමුවේ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved