• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර නොගත යුතුයි – ජනපති

23 April 2024
in දේශීය, පුවත්
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර නොගත යුතුයි – ජනපති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත්, එබැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය මෙම වසර දෙක තුන තුළදී තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (23) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ 10 වැනි දෙවාර්ෂික සම්මේලනය අමතමිනි.

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය (APLA), ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින උපකාරක පන්ති ගුරුවරුන්ගේ එකතුවෙන් 2004 දී පිහිටුවා ගත් සංවිධානයකි.

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ආරම්භක සාමාජික හා ජ්‍යෙෂ්ඨ ආචාර්ය කේ. ආරියසිංහ මහතා වෙත ජ්‍යෙෂ්ඨ ගුරු සම්මානය පිරිනැමීම සහ සෙසු ආචාර්යවරුන් වෙත සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංගමයේ සභාපති රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.

අනතුරුව ජනාධිපතිවරයා සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමබන්ධව කටයුතු කිරීම අධ්‍යාපන විශේෂඥයන්ට පමණක් සීමා නොකර පාසල් ගුරුවරුන්, ආර්ථික ක්ෂේත්‍රයේ කටයුතු කරන පිරිස් මෙන්ම සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය වැනි සංගම් ද ඊට සහභාගී කරවා ගන්නා බවයි.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා ” 1981 වසරේදී මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ධවල පත්‍රිකාව සකස් කරන විට බොහෝ දෙනෙක් ප්‍රකාශ කළා පෞද්ගලික පංති තහනම් කරන්න කියලා. එදා අප ඊට එකඟ වුණේ නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයේ යුතුකම සෑම දරුවෙකුටම හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. මේ අතර අමතර පන්ති ක්‍රමය රට තුළ බිහිවී අද එය විශාල දියුණුවක් ලබා තිබෙනවා. එදා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතු වු අඩු පාඩු නිසා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට දේශපාලනය එක්වීම නිසා ගැටලු විසදා ගැනීමට නොහැකි වීම මත ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ දෙමාපියන් අධ්‍යාපනය සඳහා විකල්පයක් ලෙස අමතර පන්ති ක්‍රමය තෝරාගත්තා. නමුත් දැන් පාසල් අධ්‍යාපනය සහ අමතර පංති එකිනෙකට සම්බන්ධව ඉදිරියට පැමිණ තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය කෙරෝනා සමයේ මාර්ගගත තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ලබාදීම පිළිබඳව මෙහිදී සඳහන් කෙරුණා. උසස් පෙළ සිසුන්ට මාර්ගගත අධ්‍යාපනය ලබාදීම සඳහා ටැබ් ලබාදීමට අපි 2017 වසරේදී අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා කළා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ද වෙන් කළා. නමුත් මතු වූ විරෝධතා නිසා අධ්‍යාපන අමාත්‍යාංශය එය අතහැර දැමුවා. එදා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූවානම් මාර්ගගත අධ්‍යාපනය එතැනින් ආරම්භ වෙනවා. නමුත් අද එම ව්‍යාපෘතිය සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සම්මේලනයෙන් ආරම්භ කිරීම පිළබඳව මම ඔබට ප්‍රශංසා කරනවා. ලෝකයේ බොහෝ රටවල අද වන විට පාසල් අධ්‍යාපනය සහ අමතර පංති ක්‍රමය එකට බැඳී පවතිනවා. පසුගිය ආර්ථික කඩා වැටීම සමග අපට අත්දැකීම් සම්භාරයක් ලැබුණා. අප දැන් එම ආර්ථික අර්බුදයෙන් ක්‍රමයෙන් ගොඩ එමින් සිටිනවා. අප නව ආර්ථිකයක් සමඟ ඉදිරියට යා යුතුයි. එහිදී අපනයන ඉලක්කරගත් සහ ඉතා තරගකාරී ආර්ථිකයක් අවශ්‍යයි. ඒ වගේම දිළිදු බව අවම කෙරෙන ආර්ථික දියුණුවක් ඇති කළ යුතුයි. මේ සියල්ල සමඟ රටට සුදුසු අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. එහිදී පාසල් අධ්‍යාපනය සහ අමතර පන්ති අතර තිබෙන සම්බන්ධය කුමක්ද, ඒ වගේම මාර්ගත තාක්ෂණය සහ කෘත්‍රීම බුද්ධිය අධ්‍යාපනයට එක්කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ අප සොයාබැලිය යුතුයි. අද තාක්ෂණය නිසා අධ්‍යාපනය වෙනස්වීමකට ලක්වෙමින් තිබෙනවා. එම වෙනස සමඟ අපත් ඉදිරියට යා යුතුයි. බ්‍රිතාන්‍ය පාලනයේ එක් වාසියක් වුණේ බ්‍රිතාන්‍ය ක්‍රමයේ පාසල් ආරම්භ කිරීමට කෝල්බෘක් ක්‍රමය තීරණය කිරීමයි. රජය වගේම මිෂනාරි සහ බෞද්ධ පාසල් ආරම්භ වුණා. ඒ අනුව ඉන්දියාවට පෙර බටහිර ක්‍රමයේ අධ්‍යාපනය එදා ලංකාවේ ආරම්භ වුණා. එම අධ්‍යාපනය ක්‍රමය ආසියාවට එක්වුණේ ලංකාවෙන් බව කිව යුතුයි. ඒ වගේම අපි අනෙක් රටවලට පෙර නිදහස් අධ්‍යාපනය ආරම්භ කළා. එසේනම් මෙම නව තාක්ෂණය අධ්‍යාපනයට එක් කරගන්නේ කෙසේද කියා අප ඉදිරි වසර දෙක තුන තුළ සිතිය යුතුයි. ඒ අනුව නවීන අධ්‍යාපන ක්‍රමයකට යා යුතුයි. එය 2030ට නොව 2050ට සුදුසු අධ්‍යාපන ක්‍රමයක් විය යුතුයි. මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අධ්‍යාපන විශේෂඥයන්ට පමණක් සීමා කරන්න බැහැ. ඒ අය වගේම සාමාන්‍ය ගුරුවරු, ආර්ථික අංශය නියෝජනය කරන අය වගේම සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සම්මේලනය වැනි සංගම්ද ඊට සහභාගී කරගත යුතු වෙනවා. එම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා කර නවීන අධ්‍යාපන ක්‍රමයකට යා යුතුයි. එහිදී ඉදිරිපත්වන කිසිදු අදහසක් ප්‍රතික්ෂේප නොකළ යුතුයි. ඒ වගේම අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් නොකළ යුතුයි. අපි කොච්චර ක්‍රීඩා කළත් ගෝල් එකක් ගහන්න බැහැ. අවසානයේ පරාජය වන්නේ රටයි . ඒ නිසා මෙයින් ඉවත් වී සියලුදෙනා එකට එක්ව කටයුතු කළ යුතුයි. සියලු දෙනා එක්ව අනාගත අධ්‍යාපන ක්‍රමය තීරණය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට අප කටයුතු කරනවා. ඒ අනුව වසර 2050 වන විට රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය කුමක්ද කියා මෙම වසර දෙක තුන තුළදී සාකච්ඡා කළ යුතුයි. ඉන් පසුවත් සිදුවන තාක්ෂණික වෙනස්කම් සමඟ පරිවර්තනය වෙමින් අපි ඉදිරියට යමු යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ද, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ මහලේකම් මහේන් ජේකබ්, භාණ්ඩාගාරික ආසිරි සම්පත්, ජාතික සංවිධායක ජනක ක්‍රිෂාන්ත යන මහත්වරු ඇතුළු විධායක කමිටු සාමාජිකයන්, දිවයිනේ වෘත්තීය දේශකවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Post Views: 6,602
Previous Post

එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේදී නීරෝගී දිවියකට අත්වැලක් සංවිධානයෙන් සෞඛ්‍ය වෛද්‍ය සායනයක්

Next Post

බන්ධනාගාරවල සි‌ටින රැඳවියන් රැඳවීම විධිමත්ව සිදු කරන්න – මන්ත්‍රී පාඨලි

editor ttvnews

editor ttvnews

Next Post
මම පොහොට්ටුවෙ පොදු අපේක්ෂකයා නෙමෙයි – මන්ත්‍රී පාඨලි

බන්ධනාගාරවල සි‌ටින රැඳවියන් රැඳවීම විධිමත්ව සිදු කරන්න - මන්ත්‍රී පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved