• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රසායනික පොහොරවලට වැයකල මිලියන අසුදහස අහිංසක ගොවින්ට – ජනපති

1 July 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බෝ නොවන රෝගවලින් අනාගත පරපුර බේරා ගනිමින් වාර්ෂිකව රසායනික පොහොර ආනයනයට වැය කෙරෙන රුපියල් මිලියන අසූදහසක (80,000)මුදල මෙරට අහිංසක ගොවි ජනතාවගේ අතට ලැබීමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුවේදීය. ගොවීන් ලක්ෂ 11ක්, ගොවි සංවිධාන 17000ක් සහ ගොවිජන සේවා මධ්‍යස්ථාන 563කින් මෙම බල මණ්ඩලය සකස් වී තිබේ.

එහිදී කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටෙකත් පසුපසට නොගන්නා ලෙස දිවයින පුරා ලක්ෂ 11ක්වූ ගොවීන් වෙනුවෙන් දිස්ත්‍රික් ගොවි නියෝජිතයෝ, ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි.

එසේම එම ගොවින් පවසා ඇත්තේ පැරණි වගා ක්‍රමවලට නැවත යොමුවී වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබාදීම තමන්ගේ ද පරම යුතුකම සහ වගකීම බවයි.

එම නිසා නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් ජනාධිපතිතුමා තැබූ පියවරට ගොවි ජනතාවගේ ප්‍රණාමය හිමි වන බව ඔවුහු කියා සිටිති. යුද්ධය අවසන් කළාක් මෙන් සමස්ත රටවැසියා වෙනුවෙන් සියලු ගොවීන් එක් කණ්ඩායමක් යටතේ කාබනික පොහොර අභියෝගය ජය ගැනීම සඳහා ජනාධිපතිවරයාට සහාය වන බව ගොවි නියෝජිතයෝ සහතික වූහ.

කාබනික පොහොර භාවිතයට යොමු වීමෙන් පසු රජය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයා විසින් ගොවි නියෝජිතයන් දැනුවත් කරනු ලැබිණ.

මෙය හදිසියේ ගත් තීරණයක් නොව; තමා ජනාධිපති අපේක්ෂකයා ලෙස “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දුන් පොරොන්දුවක් ක්‍රියාත්මක කිරීම බව රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. මීට පෙර අවස්ථා ගණනාවකදී පැවති ආණ්ඩු, කාබනික පොහොර වගාවට යොමුවීමට උත්සාහ කර තිබේ. එහෙත් ඒවා අසාර්ථක වීමට වූ හේතු මැනවින් අධ්‍යයනය කර නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා පැවසීය.

ඇතැම් පිරිස් මෙය ආපස්සට යන ගමනක් ලෙස පෙන්වා දීමට උත්සාහ දරති. එහෙත් සමස්ත ලෝකයේම නව ප්‍රවණතාවයක් ලෙස ගැනෙන, කාබනික පොහොර භාවිතයට යොමුව, කෘෂි ආර්ථිකයේ නව මාවතකට රට ගෙනයන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. වැඩපිළි‍වෙළට එරෙහිව කතා කරන බොහෝ දෙනෙක් වැඩි මිලක් ගෙවා කාබනික පොහොර යෙදු එළවළු, පළතුරු භාවිතා කරති. එහෙත් රසායනික පොහොර භාවිතයෙන් පීඩා විඳින ගොවීන් පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු නොවේ.

පසුගිය වසර පහ තුළ වගා කටයුතු බොහෝ දුරට අඩපණ කෙරිණ. වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කෘෂිකර්මාන්තය නඟාසිටුවීමයි. වී කිලෝවකට රුපියල් 30ක්ව පැවති මිල රුපියල් 50ක් දක්වා වැඩි කිරීම ගොවි ජනතාව දිරිමත් කිරීමට ගත් පියවරකි. පසුව ගොවීන්ට තම වී අස්වනු කිලෝව රුපියල් 65 සහ 68 අතර මුදලකට විකිණීමට හැකි විය. එහිදී පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට රජය මැදිහත් වී සහල් මිල පාලනය කරනු ලැබිණ.

බෝ නොවන රෝගවලින් අනාගත පරපුර බේරා ගනිමින් වාර්ෂිකව රසායනික පොහොර ආනයනයට වැය කෙරෙන රුපියල් මිලියන අසූදහසක (80,000)මුදල මෙරට අහිංසක ගොවි ජනතාවගේ අතට ලැබීමට සලස්වන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

වැඩපිළිවෙළ අඛණ්ඩව සහ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට වල්නාශක, කෘමිනාශක ඇතුළු කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණය, රසායනික පොහොර ලබාදුන් ආකාරයටම ගොවීන්ට ලැබීමට සලස්වන බව ජනාධිපතිවරයා පැවසීය. එමෙන්ම පොහොර අවශ්‍යතාව මෙරටදීම නිෂ්පාදනයට දේශීය ව්‍යවසායකයන්ට හා ව්‍යාපාරිකයන්ට අවස්ථාව හිමි වේ. ගොවින්ටද තමන්ට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කර ගත හැකිය. ඒ සඳහා වැයවන මුදල ලබාදීමට රජය සැලසුම් කර ඇත.

ගොවීන් මෙතෙක් ලබාගත් ආදායම අඩුවීමට ඉඩ නොතබන අතර ආදායම අඩුවුවහොත් එම ප්‍රමාණය රජය මඟින් ලබාදී, ගොවියාට අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා සහතික විය.

පසුගිය ආණ්ඩුව සමයේ ඇණහිටි “ගොවි රක්ෂණය” අද සිට යළි ක්‍රියාත්මක කරමින් “ගොවි රක්ෂණ සැකැස්ම” අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබිණ.

“ගොවි විශ්‍රාම වැටුප” ඉහළ නැංවීමට රජයේ අවධානය යොමු කර ඇති බවද මහින්දානන්ද අළුත්ගමගේ මහතා අනාවරණය කළේය. වී ගබඩා 105ක් අලුතින් ඉදිකිරීමට, ගොවි බැංකුවලට මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට සහ කෘෂිකර්ම දත්ත පද්ධතිය කඩිනමින් යාවත්කාලීන කිරීමට කඩිනම් පියවර ගන්නා බවද අලුත්ගමගේ මහතා පැවසීය.

වැව්, අමුණු, ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරීමේ ගිවිසුම්වලට එළඹීමේදී, මෙතෙක් ගොවි සංවිධානවලට ලක්ෂ 20කට සීමාවී තිබූ කොන්ත්‍රාත් මුදල ලක්ෂ 100ක් දක්වා ඉහළ නැංවීමටත් ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි විය. ආර්ථික මධ්‍යස්ථානවල අලෙවි කටයුතු සඳහා සෘජුව ගොවීන්ට මැදිහත්වීමේ අවකාශය පුළුල් කිරීමටත් තීරණය කෙරිණ.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, මොහාන් ද සිල්වා, සීතා අරඹේපොළ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්ම මහත්මීහු සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

 

Eighty thousand million spent on chemical fertilizers to innocent farmers – President

 

President Gotabhaya Rajapaksa says that 80,000 million rupees spent annually on the importation of chemical fertilizers to save future generations from non-communicable diseases will be made available to innocent farmers in the country.

The President made this observation at a meeting of district farmers ‘representatives of the Sri Lanka National Farmers’ Organization held at the Presidential Secretariat this morning. The Authority is made up of 1.1 million farmers, 17,000 farmer organizations and 563 Agrarian Service Centers.

District Farmers’ Representatives on behalf of 1.1 million farmers islandwide have requested the President not to back down from the steps taken to use organic fertilizer.

The farmers have also said that it is their absolute duty and responsibility to return to the old farming methods and provide the people with a poison free diet.

Post Views: 0
Previous Post

සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය සාර්ථකව නිමාවට පත්වේ

Next Post

නාවික බඳවා ගැනීමේ නියෝජිතයින්ගේ සංගමයෙන් බයිපැප් යන්ත්‍රයක් මාතර මහ‌ රෝහලට පරිත්‍යාග කරයි

editor

editor

Next Post

නාවික බඳවා ගැනීමේ නියෝජිතයින්ගේ සංගමයෙන් බයිපැප් යන්ත්‍රයක් මාතර මහ‌ රෝහලට පරිත්‍යාග කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved