• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඡන්දය කල් දැමීම ප්‍රෝඩාවක් – ජවිපේ විජිත

4 June 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රෝඩාකාරී ලෙස ඡන්ද කල් දැමීමට එරෙහිව තවත් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (04) එම පක්ෂ ප්‍රධාන කාර්යාල‌යේ පැවැති මාධ්‍ය හමුවකදිය.

එහිදී විජිත හේරත් මහතා මෙසේ අදහස් පල කලේය ” රටේ ආර්ථිකය බංකොළොත් කළ මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය හකුලමින් කිසිදු පිළිගත හැකි හේතුවක් නැතිව පසුගිය මාර්තු 09වැනිදාට යොදාගෙන තිබුණු පළාත් පාලන මැතිවරණය කල් දැම්මා. අප්‍රේල් 25වැනිදා නැවත මැතිවරණය පැවැත්වීමේ දිනය මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනය කළත් දින නියමයක් නැතිව එය කල්දමා තිබෙනවා. කිසිදු ජනවරමක් නැති, ජනාධිපතිත් ජනවරමට පටහැනි විකෘති පාර්ලිමේන්තුවත් පළාත් සභා, පළාත් පාලන ආයතන යටපත් කරමින් කටයුතු කරනවා. අලුත් ආණ්ඩුකාරවරු පත්කරමින් කිසිදු පක්‍ෂයකට 50%කට වඩා ඡන්දය ලබාගත නොහැකි බව ජනවරමක් නැති ජනාධිපති විහිළුකාරී කතා කියමින් ජනතාවගේ මූලික අයිතිය පැහැර ගනිමින් කටයුතු කරමින් සිටිනවා. මැතිවරණයට සල්ලි නැහැ කියන කතාව සම්පූර්ණයෙන්ම බොරු. තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ අපි මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් කරුණු සොයා බැලුවා. මැතිවරණ කොමිසමෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව යැවූ ලිපියක් මගින් කොටස් වශයෙන් අදාල මුදල් ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා. මාර්තු 14ට පෙර රු. කෝටි 10, මාර්තු 21ට පෙර තවත් කෝටි 10ක්, ආදී වශයෙන් අප්‍රේල් 17වැනිදාට පෙර රු. කෝටි 110ක් ඉල්ලා තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව, මුද්‍රණාලය යන ආයතනවලට වියදම් වන මුදලත් කොටස් වශයෙන් ඉල්ලා තිබුණා. අප්‍රේල් 25 මැතිවරණය පැවැත්වීමට ඉල්ලා තිබූ මුලු මුදල රු. කෝටි 240යි. මාර්තු 07වැනිදාම මුදල් අමාත්‍යාංශයේ ලේකම් මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී තිබුණේ මුදල් ඇමතිවරයාට මේ සම්බන්ධයෙන් දැනුම් දුන් බවයි. නමුත් අද වන තුරුත් මේ මුදල් ලබා දුන්නේ නැහැ. නමුත් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිකුක් කළ අක්මුදල් වාර්තාව අනුව ජනවාරි මාසයේදී රු. කෝටි 17,790ක ආදායමක් ලැබී තිබෙනවා. රාජ්‍ය ආයතනවලට රු. කෝටි 15,676ක් ගෙවා තිබෙනවා. ජනවාරි මාසයේ රු. කෝටි 2,141ක ඉතිරියක් තිබෙනවා. ඒ වගේම පෙබරවාරි මාසයේදී රු. කෝටි 27,175ක ආදායමක් ලැබී රු. කෝටි 20,862ක් වියදම් වී තිබෙනවා. පෙබරවාරි 28 වනවිට රු. කෝටි 6,313ක මුදලක් ඉතිරි වෙලා තිබෙනවා. මේ මාස දෙකේදීම රු. කෝටි 8,427ක් ඉතිරි වී තිබෙන බව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතු නිල ලේඛනයක පිළිගෙන තිබෙනවා. නමුත් මැතිවරණ කොමිසම ඉල්ලා තිබුණේ රු. කෝටි 246ක මුදලක් ලබාදෙන ලෙසයි. මැතිවරණයට මුදල් නැහැ කියන එක සම්පූර්ණ අසත්‍යයක් බව නිල ලේඛනවලින් ප්‍රබල ලෙස ඔප්පු වෙනවා. ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රෝඩාකාරී ලෙස ඡන්ද කල් දැමීමට විරුද්ධව දැනටමත් ගොනුකර තිබෙන නඩුවට අපි මේ තොරුතුරු ඉදිරිපත් කරනවා. ඒ වගේම අපි ලබන සතියේ තවත් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරනවා. ආණ්ඩුව මෙතෙක් කල් ඡන්දයට මුදල් නැහැ කීවේ සම්පූර්ණ බොරුවක් බව අපි ඔප්පු කරනවා. මුද්‍රණ දෙපාර්තමේන්තුවේ පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් අවශ්‍ය තීන්ත සහ කඩදාසි ඇතුළු සියලු අමුද්‍රව්‍ය තොග සහිතව තිබුණු බවත් මුදල් තිබුණු බවත් සාක්‍ෂි සහිතව ඔප්පු කරනවා. මේ නිසා මුද්‍රණාලාධිපතිනියට හෝ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට හෝ මෙයින් පළා යන්න බැහැ. ජනවරමක් නැති ජනාධිපති විවිධ තනතුරුවලට පුද්ගලයන් පත් කරමින් සිටින අතර අගමැති දිනේෂ් ගුණවර්ධන මැයි මාසයේ 09වැනිදා ඉතා බරපතල නීතිවිරෝධී චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා හැටියට ඒ අමාත්‍යාංශයේ ලේකම් හරහා පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට යවා අති ලිපියක් අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස කටයුතු කරන අය අදාල පළාත් පාලන ආයතනයේ අධීක්‍ෂණ නිලධාරියා ලෙස පත්කරන්නැයි දන්වා තිබෙනවා. මේකෙන් කියන්නේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට අභිමත පුද්ගලයන් අදාල පළාත් පාලන ආයතනයේ අධීක්‍ෂණ නිලධාරින් හැටියට පත්කරන ලෙසයි. දැනටමත් සමහර සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් පළාත් පාලන ආයතන ලේකම්වරුන්ට දුරකතන මගින් විවිධ බලපෑම් කරමින් තිබෙනවා. පළාත් පාලන ආයතනයේ හිටපු සභාපතිට වාහනවල යතුරු බාර දෙන ලෙස බලපෑම් කර තිබෙනවා. හිටපු සභාපතිවරු සහ නගරාධිපතිවරු කියන්නේ දැන් කිසිදු බලයක්, අයිතියක් නැති අය. රෝසි සේනානායකට හිටපු කොළඹ පුරපති ලෙස තව දුරටත් කිසිදු බලයක් නැහැ. නමුත් දැන් මේ නියෝග කරන්නේ හිටපු නගරාධිපති හැටියට මේ ආයතනය අධීක්‍ෂණය කරන්න බලය ලබාදීමයි. ජනාධිපතිවරයාගේ ඡන්ද පදනමක් නැතිව මුලු රටේම පළාත් පාලන ආයතනවල දැනට ජනවරමක් නැති පිරිසකට බලය පැවරීමේ ක්‍රියාවලියක් නීතිවිරෝධීව දියත් කර තිබෙනවා. ජනතාවගේ අභිමතයෙන් අලුතින් පත්වන සභාපතිවරුන්ට හෝ නගරාධිපතිවරුන්ට පමණයි එවැනි ආයතනයක් අධීක්‍ෂණය කිරීමේ බලය තිබෙන්නේ. දැන් මේ කරන්න යන්නේ ඡන්දයක් නැතිව ගෙදර ගිය කට්ටිය අනීතිකව සභාපති ධුරයේ වැඩ බැලීමට පත්කිරීමයි. මෙයට එරෙහිව ජනතාව පෙළ ගැහෙන්න ඕනෑ. ඡන්දයක් පවත්වා නිසි පරිදි පළාත් පාලන ආයතන පිහිටුවා නැති පසුබිමක බලය පැවරී තිබෙන්නේ කොමසාරිස්වරයාට හෝ පළාත් පාලන ලේකම්වරයාට පමණයි. මෙයට පිටින් ආණ්ඩුව ගෙනයන ක්‍රියාමාර්ගයට එරෙහිව අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මහජන නියෝජිතයන් නොවන අයගේ මෙවැනි ක්‍රියාකාරිත්වයන්ට කිසි සේත් ඉඩ නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මැතිවරණ කොමිසමට අදාළ මුදල් ලබාදී වහාම මැතිවරණය පැවැත්වීමට මුදල් ලබාදෙන ලෙස අපි බල කරනවා. ඒ වගේම මේ මොහොතේ නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය හෝ වෙනත් ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් කටයුතු කිරීමට මාලිමාවේ අපි සූදානම් බව අවධාරණය කරනවා. ඒ වගේම මේ රටේ ජනතාවට 50% ඉක්මවා ගිය ඡන්දයක් මාලිමාවට ලබාදී දූෂිතයන් ආරක්‍ෂා කරන දුර්දාන්ත පාලන ක්‍රමය වෙනස් කරන්න ජනතාව සූදානම් බව මැතිවරණයකදී ඔප්පු කරනවා. මේ රට ගොඩනගන ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්ම කිරීමට නිසි ජන වරමක් ලබාදීම වෙනුවෙන් ඉඩ ලබාදෙන ලෙස ආණ්ඩුවට බල කරනවා. ඒ වගේම නිසි පරිදි මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් ක්‍රියා කරන ලෙස මැතිවරණ කොමිසමට අවධාරනය කරනවා යැයි විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Post Views: 21
Previous Post

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම මීලග පියවර බව ජනපති කියයි

Next Post

ජාතික පරිසර පනත යාවත්කාලීන කිරීමට ජනපති ගන්නා උත්සාහය ප්‍රශංසනීයයි – මාධ්‍යවේදී අරුන්

editor

editor

Next Post

ජාතික පරිසර පනත යාවත්කාලීන කිරීමට ජනපති ගන්නා උත්සාහය ප්‍රශංසනීයයි - මාධ්‍යවේදී අරුන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved