• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි බිල වහා අඩු කල යුතුයි .. වැඩි කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නැහැ -පාර්ලිමේන්තු මන්ත්‍රී, ජයන්ත

25 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජල විදුලිය සැපයීමට ඇති තරම් ජලාශවල ජලය තිබියදී, ගල් අඟුරු මිල පහළ ගොස් තිබියදී, එමෙන්ම මෙරට දෛනික විදුලි පරිභෝජනය ගිගාවොට් පැය 41.05 සිට ගිගාවොට් පැය 35 දක්වා අඩු වී තිබියදී විදුලි බිල්පත වැඩි කිරීමට ආණ්ඩුවට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එසේම රටේ ජනයා නොමරා මරන, රටේ කර්මාන්ත වසා දමන, ආයෝජකයන් රටින් පිටව යන මේ “විදුලි බිල වැඩි කිරීම” දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් මෙවැනි අවස්ථාවක මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලය ඉදිරියේ කොන්ද නොනමා, මහජනයා ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බවත් හෙතෙම අවධාරණය කලේය.

විදුලි බිල්පත පිටපිටම තෙවතාවක් ඉහළ දමා ඇති බවත් මෙවර විදුලි බිල්පත ඉහළ දැමීමත් සමග මෙරට විශාලතම විදුලි පාරිභෝගිකයා වන ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජල බිල්පත දෙවන වරට වැඩි කිරීමට සූදානම්ව සිටින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. මෙම තත්වය හමුවේ සියලු දේශපාලන පක්ෂ ඇතුළු සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් පක්ෂ, පාට, වාදභේද පසෙකලා “විදුලි බිල වහා අඩු කරනු!” යන සටන් පාඨය යටතේ ගොඩනඟනු ලබන ජනතා ව්‍යාපාරයක් ලෙස ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කළ යුතු බව ද ඔහු අනාවරණ කලේය.

කිසිදු “හිතක් – පපුවක්” නොමැතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාව පරිදි සොරකම්, වංචා දූෂණ, කළමනාකරණ දෝෂ, අකාර්යක්ෂමතාව වැනි හේතු නිසා විදුලිබල මණ්ඩලයේ සිදුව තිබෙන පාඩුව පියවා ගැනීමට ආණ්ඩුව ජනතාව මත මහා විදුලි බිලක් පටවා ඇති බවට චෝදනා කළ ජනිපෙ ජාතික සංවිධායකවරයා, විදුලිබල මණ්ඩලය ද තම පාඩුව “හිඟන්නාගේ තුවාලයක්” බවට පත් කරගෙන පාඩුවට එකම පිළියම ලෙස විදුලි බිල ඉහළ දැමීම සිදු කරන බව ද පැවසීය.

විදුලිබල මණ්ඩලය පවසන ආකාරයට මෙරට විදුලි බල අවශ්‍යතාවෙන් සියයට 75ක් ජල විදුලිය මඟින් ද සුළං හා සූර්ය බල ශක්තියෙන් තවත් සියයට 13ක් ද සපුරා ගන්නා බැවින් ඉතිරි සියයට 17ක ප්‍රමාණය ද සමකය ආසන්නයේ පිහිටි, පැය 12ක් හොඳින් හිරු එළිය වැටෙන මේ රටේ සූර්ය බලශක්තියෙන් නිපදවාගත හැකි බව ද ඒ මහතා කීය. එසේම නියඟය පවතින සමයක සූර්ය බල ශක්තියෙන් විදුලිය උත්පාදනයට වැඩි බරක් තබමින් ද වැසි සහිත කාලවලදී ජල විදුලියට වැඩි බරක් තබමින් ද විදුලිය නිපදවීම නිසි පරිදි කළමනාකරණය කළහොත් එම ප්‍රභව දෙකෙන් පමණක් මෙරට විදුලි බල අවශ්‍යතාව සපුරා ගත නොහැකි මන්දැයි මෙහිදී සමරවීර මහතා බලධාරීන්ගෙන් දැඩි ලෙස ප්‍රශ්න කර සිටියේය.

නමුත් අද “සූර්ය බල විදුලි ව්‍යාපෘති” ආරම්භ කිරීමට විදුලිබල මණ්ඩලය බාධා කරන බවට අධිකරණය හමුවේ පවා තහවුරු වී තිබෙන බවත් සූර්ය බල විදුලි ව්‍යාපෘති ගණනාවක ටෙන්ඩර අනුමත වී තිබුණ ද ඒවාට අවස්ථාව නොදීම හේතුවෙන් ආයෝජකයන් අධෛර්යට පත්ව ඇති බවත් ඒ මහතා අනාවරණය කළේය.

විදුලිබල මණ්ඩලයේ නිලධාරී මාෆියාව, සූර්ය බල විදුලි ඒකකයකට මිලදී ගැනීමේ මිලක් පවා නියම නොකොට කල් මරන බවත් සූර්ය බල විදුලි ව්‍යාපෘති ආරම්භ වූ පසු පෞද්ගලික අංශයේ විදුලි බලාගාරවලින් වැඩි මිලට විදුලිය මිලදී ගනිමින් ඔවුන්ට “කොමිස් ගිලීමට” නොහැකි වීම ඊට හේතුව බවත් සමරවීර මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

මෙවැනි විකල්ප පිළිතුරු තුළින් විදුලි ඒකකයක් අඩු මිලට නිපදවමින් විදුලි බිල අඩු කිරීම මෙවැනි ආණ්ඩු තුළින් බලාපොරොත්තු විය නොහැකි බව ද ඒ මහතා සඳහන් කළේය.

Post Views: 1
Previous Post

නව තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

Next Post

මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් නොවන බවට සහතික වනවා – ඇමති ජිවන්

editor

editor

Next Post

මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් නොවන බවට සහතික වනවා - ඇමති ජිවන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved