• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා දෙගුණ කෙරේ

15 September 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොරියානු රැකියා සඳහා මෙම වසරේ බඳවා ගැනෙන ශ්‍රී ලාංකීය පුහුණු සේවකයින් ප්‍රමාණය වෙනත් වසරවලට සාපේක්ෂව දෙගුණ කර ඇතැයි කොරියානු ජනරජයේ කම්කරු හා රැකියා අමාත්‍ය ලී ජුන්ග්සික් පැවසු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කොරියානු තානාපති ලී මියොන් ඇතුළු දූත පිරිසක් අතර ඊයේ (14) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදීය.

මෙහිදී කොරියානු භාෂා දැනුම ඇති පුහුණු ශ්‍රමිකයින්ට වැඩි අවස්ථා හිමිවන බවද ඒ මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය, කෘෂිකර්මය, අධ්‍යාපනය සහ තොරතුරු තාක්‍ෂණය ඇතුළු ක්ෂේත්‍රවල සංවර්ධනය වෙනුවෙන් ලැබෙන සහායටත්, කොරියාවේ වැඩි රැකියා ප්‍රමාණයක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් ලබාදීමේ වැඩපිළිවෙළටත් අග්‍රාමාත්‍යවරයා ස්තුතිය පළ කළේය.

තරුණ නිපුණතා සංවර්ධන වැඩසටහන් සහ කොරියානු භාෂාව ඉගැන්වීම සඳහා තවදුරටත් කොරියානු රජයේ සහාය බලාපොරොත්තු වෙන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එම යෝජනා සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සළකා බලන බව සඳහන් කළ කම්කරු අමාත්‍ය ලී ජුන්ග්සික් පැවසුවේ මෙම ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී කොරියානු භාෂාව උගන්වන ශ්‍රී ලංකාවේ ආයතන සහ විශ්වවිද්‍යාල නැරඹීමේ අදහසක් තමන්ට ඇති බවයි.

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැංවිය හැකි බව කී ඒ මහතා මෙරට ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය කෙරෙහි කොරියානු ආයෝජන වැඩි කළ යුතුව ඇතැයිද කීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, කොරියානු තානාපති ලී මියොන්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන, කොරියානු කම්කරු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් කිම් එන්චුල් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

Post Views: 12
Previous Post

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට තරුණයිනි පෙරට එන්න – විපක්ෂ නායක සජිත්

Next Post

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන වර්ෂ ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවයි

editor

editor

Next Post

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන වර්ෂ ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රනිල් නොවැම්බරයේ පාර්ලිමේන්තුවට – සජිත් පරදා නාමල් පෙරට

රනිල් නොවැම්බරයේ පාර්ලිමේන්තුවට – සජිත් පරදා නාමල් පෙරට

20 August 2025
මාරක බස් අනතුරෙන් 73 ක් මිය ගිහින්

මාරක බස් අනතුරෙන් 73 ක් මිය ගිහින්

20 August 2025
තැපැල් වර්ජනය අදත් – නලින්දට හොඳටම තරහ ගිහින්, තැපැල් සේවකයන්ට තැපෑලෙන්ම වදින ලකුණු

තැපැල් වර්ජනය අදත් – නලින්දට හොඳටම තරහ ගිහින්, තැපැල් සේවකයන්ට තැපෑලෙන්ම වදින ලකුණු

20 August 2025
පෑලියගොඩ තවත් ඝාතනයක්

පෑලියගොඩ තවත් ඝාතනයක්

20 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල් නොවැම්බරයේ පාර්ලිමේන්තුවට – සජිත් පරදා නාමල් පෙරට

රනිල් නොවැම්බරයේ පාර්ලිමේන්තුවට – සජිත් පරදා නාමල් පෙරට

20 August 2025
මාරක බස් අනතුරෙන් 73 ක් මිය ගිහින්

මාරක බස් අනතුරෙන් 73 ක් මිය ගිහින්

20 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved