2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැති තීරණාත්මක තරගයෙන් එංගලන්තය කඩුලු 4ක ජයක් අත්කර ගත්තේය. නවසීලන්තය පළමුව පන්දුවට පහර දෙමින් ලබා දුන් ලකුණු 160ක ඉලක්කය එංගලන්තය පන්දුවාර 19.3කදී කඩුලු 6ක් දැවී සපුරා ගත්තේය. මෙම ජයග්‍රහණයත් සමඟ එංගලන්තය තරගාවලියේ අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට පිවිස ඇත.














