විදුරු කුටිවල සිට කොළඹ ඉදන් ගනු ලබන තිරණ නිසා ඇතැම් විට පරිසර හානි සිදුවන බවත් ඒ ඒ ප්‍රදේශවල සිටින රාජ්‍ය නිලධාරින් ඇතුලු පිරිස දැනුවත් නොකර ඇතැම් ක්‍රියාකාරකම් නිසා පරිසර හානි සිදු වන බව සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛාකාධිකාරි මාතලේ බලකඩුව අනුරුදධ අරණ විහාරාධිපති මුගුණුවෙල අනුරුද්ධ හිමියන් පවසති.
මාතලේ අතිරේක දිසාපති ඉෂාන් විජේතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි පැවති මාතලේ දිස්ත්‍රික් පාරිසරික නිති ක්‍රියාත්මක කිරිමේ කමිටුවේදි අදහස් දක්වමින් උන් වහන්සේ මේ බව පැවසිය.
වැඩිදුරටත් අදහස් දැක්වු උන් වහන්සේ පැවසුවේ මේ චදිස්ත්රික්කවල තියෙන දේවල් ගැන කොළඹ ඉන්න ඩි ජිලා කොහොමද අනුමත කරන්නේ.මේ සියලු දෙනා මුදල්වලට යටවෙලා තමයි මේ දේවල් කරන්නේ.මාතලේ කියන්නේ නාය යැම් යන දිස්ත්‍රික්කයක්.ඇතැම් නිලධාරින්ගේ අමන තිරණ නිසා මේ දේවල් වෙනවා.අපි දැක්කවා උමා ඔය ව්‍යපෘතිය යටතේ විශාල විනාශයක් සිදු වුණා.ඇතැම් අයට තවමත් ඉන්න හිටින්න තැනැක් නැහැ.වතුර ගන්න විදිහක් නැතිව ප්‍රශ්න ගොඩක ඉන්නේ.පරිසරයි බුදුදහමයි එකට යන දෙයක්.මේ වන විට විශාල පරිසර හානි සිදුවෙනවා.රට ජාතිය ගැන හිතන පරිසරය සුරකින පිරිසක් අප නිර්මාණය කළ යුතුයි.අපේ දිස්ත්‍රික්කයේ සිදු වන පරිසර හානි පිළිබදව අප අවාධානය යොමු විය යුතුයි.කොළඹ ඉදන් තිරණ ගන්නාවනම් මේ දිස්ත්‍රික්කයේ ඇති රාජ්‍ය ආයතනවලින් වැඩක් නැහැ. අතැම් විට ගමේ ඉන්න අහිංසක මිනිහෙක්ට වැසිකිලි වලක් කපන්න බැහැ.නමුත් බලය තියන අය විශාල වශයෙන් පරිසර හානියන් කරනවා.ඒ නිසා ඒවා නැවැත්විමට අප කටයුතු කිරිම වැදගත් යැයිද උන්වහන්සේ පැවසිය.
මාතලේ මහේෂ් කිර්තිරත්න