තමන්ට එල්ල වී ඇති ලිංගික අපයෝජන චෝදනා හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරය සඳහා වන සිය මැතිවරණ ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී එරික් ස්වොල්වෙල් (Eric Swalwell) තීරණය කර තිබේ. ඉරිදා (12) දින ‘X’ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කළේ තමන් අතීතයේ ගත් ඇතැම් තීරණ සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන් සහ ආධාරකරුවන්ගෙන් සමාව අයදින බවයි.
තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා අසත්‍ය බව පවසන ස්වොල්වෙල් ඒවාට එරෙහිව තමන් පෞද්ගලිකව සටන් කරන බවත් එය මැතිවරණ ව්‍යාපාරයකට බාධාවක් නොවිය යුතු බවත් අවධාරණය කළේය. එරික් ස්වොල්වෙල් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයෙකු වන අතර මෙම හදිසි තීරණය කැලිෆෝනියා ප්‍රාන්තයේ ඉදිරි දේශපාලන වාතාවරණය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.
මෙම චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් සත්‍යය හෙළි කර ගැනීම සඳහා තමන් පූර්ණ සහය ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමඟ කැලිෆෝනියා ආණ්ඩුකාර සටන නව මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.














