• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උත්සව සමයේදී හිඟයකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දෙනවා – රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්

22 March 2024
in දේශීය, පුවත්
උත්සව සමයේදී හිඟයකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දෙනවා – රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව, සාධාරණ මිලට ලබා ගැනීමට හැකි පසුබිමක් නිර්මාණය කර තිබෙන බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පවසයි.

ගොවියාත් පාරිභෝගිකයාත් සුරැකෙන ක්‍රමවේදයක් ඔස්සේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

පසු අස්වනු තාක්ෂණය ගොවීන් අතර ප්‍රචලිත කරමින් අස්වනු හානිය අවම කිරිමටත්, ඉදිරියේදී ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට රට සූදානම් කිරීමටත් රජය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා “ ගොවි ජනතාවගේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මේ වනවිටත් සපයා ගෙන තිබෙනවා. පසුගිය කාලයේ එළවළු සහ පලතුරු මිල විශාල ලෙස ඉහළ ගියා. කෘෂිකර්ම අමාත්‍යංශය මැදිහත්ව එළවළු සහ පලතුරු නිෂ්පාදනය වැඩි කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගත්තා. ඒ අනුව වෙළඳපොළ තුළ එළවළු සහ පලතුරු මිල යථා තත්ත්වයට පත් කිරීමට හැකි වුණා. මේ වන විට අප පාරිභෝගිකයාත් නිෂ්පාදකයාත් රැකගෙන ඉදිරියට යාමේ ක්‍රමවේදයක් සකස් කරමින් සිටිනවා. පසුඅස්වනු තාක්ෂණය ගොවි ජනතාවට හඳුන්වා දෙමින් අස්වනු නාස්තිය අවම කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ වගේම ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සඳහා මස් සහ බිත්තර නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කිරීමට ද කටයුතු කර තිබෙනවා. එසේම කිරි නිෂ්පාදනය ඉහළ නැංවිමට කෘෂිකර්ම අමාත්‍යාංශය ලෙස වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. සත්ව නිෂ්පාදන ඉහළ නැංවීම වෙනුවෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පළාත් සභා 09 එක්ව සත්ව පාලනයේ ගුණාත්මකභාවය ඉහළ දැමීම සඳහාද කටයුතු කර තිබෙනවා. ඒ වගේම ප්‍රංශ ආධාර ඇතිව දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කර්මාන්ත ශාලා 06ක් විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. එයින් කර්මාන්තශාලා 03ක් මේ වනවිටත් විවෘත කර තිබෙනවා. එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟකින් තොරව සාධාරණ මිලට ලබා ගැනීමේ හැකි පසුබිමක් නිර්මාණය කිරීමට රජය කටයුතු කර තිබෙනවා. වත්මන් රජය ගෙන ගිය කෘෂිකර්ම ප්‍රතිපත්තිය නිසා පාරිභෝජනයට අවශ්‍ය සහල් ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය කර ගැනීමට හැකි වී තිබෙනවා. ඒ අනුව ජාතික අලුත් සහල් මංගල්‍යය ලබන මස 6 වෙනිදා ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාරගනු ලැබුවේ අයාලේ ගිය රටක්. බංකොලොත් සහ විදේශ ආධාර නවතා දැමුණු රටක් අද වන විට යථා තත්ත්වයට පත් කර ගැනීමට වත්මන් ජනාධිපතිවරයාට හැකිව තිබෙනවා. ජනතාව ජීවත් කිරීමේ අභියෝගය සහ අනාගතයට සුදුසු තරුණ පරම්පරාව බිහි කිරීමේ වගකීම රජය මේ වන විට සාර්ථකව ඉටුකරමින් තිබෙන බවද පැවසිය යුතුයි. ඒ වගේම වැඩිහිටි පුද්ගලයන් රැක ගැනීම , අඩු ආදායම්ලාභීන්ට “අස්වැසුම“ ලබාදීම වැනි සුබසාධක වැඩසටහන් රාශියක් ද මේ වන විට රජය විසින් ක්‍රියාත්මක කරමින් තිබෙනවා යැයි රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8,428
Previous Post

සීදූව සුපුවත් අරණින් දැඩි සත්කාර ඒකක ඇදන් 157 ක් මෙරට රජයේ රෝහල් 34 කට ලබා දෙයි

Next Post

තල් හා කිතුල් රා ආශ්‍රිත නිෂ්පාදන සඳහා දැනට පවතින නීති ලිහිල් කිරීමට අවධානය

editor ttvnews

editor ttvnews

Next Post
තල් හා කිතුල් රා ආශ්‍රිත නිෂ්පාදන සඳහා දැනට පවතින නීති ලිහිල් කිරීමට අවධානය

තල් හා කිතුල් රා ආශ්‍රිත නිෂ්පාදන සඳහා දැනට පවතින නීති ලිහිල් කිරීමට අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved