27 April 2024
#දේශීය #පුවත්

සීදූව සුපුවත් අරණින් දැඩි සත්කාර ඒකක ඇදන් 157 ක් මෙරට රජයේ රෝහල් 34 කට ලබා දෙයි

සීදූව “සුපුවත් අරණ” අධ්‍යාත්මක මධ්‍යස්ථානයේ නිර්මාතෘ හා අධ්‍යක්ෂ ඩැරල් කුඤ්ඤ පියතුමන්ගේ පූර්ණ මැදිහත්වීමෙන් මෙරටට ගෙන එන ලද අති නවීන තාක්ෂණයෙන් යුත් දැඩි සත්කාර ඒකක ඇදන් 157 ක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දීම ඊයේ (21) දින සිදු කෙරිණ. එම බාර දීම සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත වත්තල Colombo Logistics ආයතනයේදි සිදු විය.

මෙම අති නවීන තාක්ෂණයෙන් යුත් දැඩි සත්කාර ඒකක ඇදන් 157 මෙරට රජයේ රෝහල් 34 ක් සදහා ලබා දීමට සැලසුම් කර ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 4731 කි. එක් ඇදක වටිනාකම රුපියල් ලක්ෂ 30 කට අධිකය.

ඩැරල් කුඤ්ඤ පියතුමන්ගේ ඉල්ලීමකට අනූව කැනඩාවේ පදිංචි ප්‍රැට්ට්‍රික් නිල්කමල් ප්‍රනාන්දු මහතා ඇතුලු පවුලේ අය විසින් මෙම අති නවීන තාක්ෂණයෙන් යුත් ඇදන් ලංකාවට පරිත්‍යාග කර තිබේ .

මෙම අති නවීන තාක්ෂණයෙන් යුත් දැඩි සත්කාර ඒකක ඇදන් 157 මීගමුව, රාගම ශික්ෂණ රෝහල හා එහි විශේෂ ඒකක , වැලිසර, කොළඹ, ගුවන් හමුදා, හලාවත, පුත්තලම, සීදූව, ගම්පහ, රාගම පුණරුත්ථාපන, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුරුනෑගල, කනතලේ, නිකවැරටිය, පොල්පිතිගම, ගල්ගමුව, කුලියාපිටිය, මාවතගම, අලව්ව, හිරිපිටිය, මාරවිල, සෞඛ්‍ය අමාත්‍යංශය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල, වලස්මුල්ල, යන රෝහල් වලට හා ඒකක වලට ලබා දෙනු ඇති.

මෙම අවස්ථාවට සීදූව “සුපුවත් අරණ” අධ්‍යාත්මක මධ්‍යස්ථානයේ ආචාර්ය සෙලිත්මා ප්‍රනාන්දු සොයුරිය, සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාත්‍යන්තර ප්‍රධානයන් පිළිබද සම්භන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි, Colombo Logistics ආයතනයේ අධිපති එරික් අම්බලන්ගොඩ, යන මහත්ම මහත්මීන් ඇතුළුව පිරිසක් සහභාගී වුහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *