• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාත්‍යන්තරයෙන් බාධා ආවත් යුක්තිය මෙහෙයුම නතර කරන්නේ නෑ – ඇමැති ටිරාන්

26 February 2024
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තරයෙන් කොතරම් බාධා පැමිණුනත් යුක්තිය මෙහෙයුම කිසිසේත්ම නතර කිරීමට ඉඩ ලබා නොදෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බණ්ඩාරවෙල පොලිස් බල ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ වැඩමුළුවකට එක්වෙමිනි.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “අප විසින් යුක්තිය මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ මාස ගණනාවක් ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රටේ පවතින වාතාවරණය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගනිමින්. ඉන් අනතුරුව පසුගිය දෙසැම්බර් මාසයේ දකුණු පළාතෙන් මෙම මෙහෙයුම ආරම්භ කරනු ලැබුවා. මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් රටේ දූ දරුවන් දෙමාපියන් ඇතුළු සෑම ජන කොටසක්ම විශාල කනස්සල්ලකින් පසු උනා. එය කොතරම් උග්‍ර ලෙස ජනතාව පීඩාවට පත් කර තිබෙනවාද යන්න පිළිබඳව මෙම මෙහෙයුම ආරම්භ කරන තුරුම අපට පැහැදිලි අවබෝධයක් පැවතුණේ නැහැ. නමුත් ගෙවුණු මාස දෙකක පමණ කාලය තුළ අපට ලැබෙන දුරකථන ඇමතුම් වලින් ජනතා අදහස්වලින් ජනතාව පීඩනයකට පත්ව සිටියාද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබී තිබෙනවා. පවුල් කැඩී බිඳී ගොස් දරුවන් අනාථ වී තිබෙනවා. එම තත්වය රට පුරාම පැතිර ගොස් තිබෙනවා. මේ පිළිබඳව අවධානය යොමු කරමින් වැඩබලන පොලිස්පතිතුමාට සහ විශේෂ කාර්ය බලකාය භාර නියෝජ්‍ය පොලිස්පතිතුමාට නීච ඉතාමත් තදින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් මා ලබා දුන්නා. එහිදී අපේ විශේෂම අවධානය යොමු වූයේ මත්ද්‍රව්‍ය අලෙවි කරන ජාලය සම්පූර්ණයෙන්ම අවසන් කර දැමීමටයි. ඒ අනුව රටේ සෑම පළාතකම ජනතාවට දැනෙන වෙනසක් මේ වන විටත් සිදුව තිබෙනවා. එහිදී මතුවන ඕනෑම බාධකයකට මුහුණ දීමට අප සූදානම්. අප මේ මෙහෙයුම සිදු කරන්නේ රටේ සහ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමට. එම නිසා ජාත්‍යන්තරයෙන් කොතරම් බාධා පැමිණුනත් මෙම මෙහෙයුම කිසිසේත්ම නතර කිරීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. ජාත්‍යන්තර වශයෙන් මෙන්ම දේශීයව ද යම් යම් පිරිස් අපට බාධා කිරීම ආරම්භ කර තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබාගන්නා රාජ්‍ය නොවන සංවිධානවල අතලොස්සක්, නීතිඥවරු අතලොස්සක් මේ මෙහෙයුම් නතර කිරීමට උත්සාහ දරනවා. වැඩ බලන පොලිස්පතිවරයාට එරෙහිව මේ වන විට නඩු හතකට වඩා පවරා තිබෙනවා. ඒ සෑම නඩුවකින්ම ඉල්ලා සිටින්නේ ඔහු පොලිස්පති තනතුරට පත් නොකරන ලෙසයි. ඒ සෑම නඩුවක්ම පවරා තිබෙන්නේ එකම කණ්ඩායමක්. සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන මෙවැනි චෝදනාවලට පිළිතුරු ලබා දිය යුත්තේ ජනතාවයි.100%ක්‌ සම්පූර්ණයෙන් මෙය අවසන් කිරීමට නොහැකි වුවත් ජුනි මාසයට අවසන් වන විට රට තුළ දැවැන්ත වෙනසක් ඇති කිරීමේ ඉලක්කය වැඩ බලන පොලිස්පතිතුමා ඇතුළු නිලධාරීන් වෙත අප ලබාදී තිබෙනවා. පාතාලය මැඩ පැවැති මේ මෙහෙයුමද සිදු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. විශේෂයෙන්ම විදේශීය රටවල සැඟවී සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමේදී ඒ ඒ රටවල පවතින නීති රීති සමග කටයුතු කිරීමට අපට සිදුවනවා. එවැනි අවස්ථාවල දීර්ඝ වශයෙන් එම රටවල අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමට අපට සිදුවී තිබෙනවා. ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් හතළිස් ගණනක් මේ වන විට සිටිනවා. කොතරම් අපහසු වුවත් ඒ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අප සිදු කරනවා. මේ කටයුතු කිරීමේදී අපට මරණ තර්ජන පවා එල්ල වී තිබෙන බව බුද්ධි අංශ වලින්ද තහවුරු කර තිබෙනවා. කොතරම් අපහසු වුවත් ජීවිතය පරදුවට තබා හෝ මේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපරිම දායකත්වය මා ලබා දෙනවා. මේ සඳහා අප විශේෂ අවධානයක් යොමු කළ ප්‍රජා පොලිස් කමිටු ශක්තිමත් කිරීම තුළින් ජනතාව සතු තොරතුරු අප වෙත ලබා දීමත් තම ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමත් සිදුකර ගැනීම අප විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. එය මෙම මෙහෙයුමේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා විශාල ශක්තියක් වන බව මා විශ්වාස කරනවා. ඒ සඳහා ජනාධිපතිතුමාගේ ද සම්පූර්ණ ආශිර්වාදය හිමිව තිබෙනවා. ඒ තුළින් රටේ පැවති ඝාතන රැල්ල යම් පමණකට මැඩ පැවැත්වීමට අපට හැකි වී තිබෙනවා. මේ සියලු ක්‍රියාකාරකම් තුළින් අපට අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබෙන්නේ එක් අයෙකු පමණයි. එම පුද්ගලයාද නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බව මා විශ්වාස කරනවා. ලෝකයේ කොතැනක සැඟවී හිටියත් පාතාල ක්‍රියාකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අප නතර කරන්නේ නැහැ. කුමන ආකාරයෙන් හෝ රටේ පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම අවසන් කරන බවට මා පොරොන්දු වනවා.” යැයි අමාත්‍ය ටිරන් අලස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මහතා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ග්‍රාම නිලධාරින්, රාජ්‍ය නිලධාරින්, ප්‍රජා පොලිස් කමිටු නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 24,460
Previous Post

සමහරු කාන්තාව දේශපාලන ඉත්තන් කර ගන්නවා – විපක්ෂනායක සජිත්

Next Post

උරුමය සින්නක්කර ඉඩම් අයිතිය ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමට ක්ෂණික ඇමතුම් අංකයක්

editor ttvnews

editor ttvnews

Next Post
ජාත්‍යන්තර සමුළු දෙකක් ඇමතීම සඳහා ජනපති උගන්ඩාවට

උරුමය සින්නක්කර ඉඩම් අයිතිය ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමට ක්ෂණික ඇමතුම් අංකයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

8 January 2026
අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

8 January 2026
මෝටර් රථ රක්ෂණ කාඩ්පත අලුත් මුහුණුවරකින්

මෝටර් රථ රක්ෂණ කාඩ්පත අලුත් මුහුණුවරකින්

8 January 2026

Recent News

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

8 January 2026
අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

8 January 2026
මෝටර් රථ රක්ෂණ කාඩ්පත අලුත් මුහුණුවරකින්

මෝටර් රථ රක්ෂණ කාඩ්පත අලුත් මුහුණුවරකින්

8 January 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

8 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved