• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

මුළු රටටම Discount දෙන සදාහරිත Ithiry App එළි දකී

12 November 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සියළුම ශ්‍රී ලාංකිකයින්ට දිවයින පුරා වට්ටම් ලබා දෙන මෙරට ප්‍රථම Discount App (යෙදවුම) සදාහරිත සමාගම මගින් දියත් කෙරිණි.

සදාහරිත Ithiry App ලෙස නම් කර ඇති මෙම යෙදවුම ජංගම දුරකතනයේ ස්ථාපනය කර ගන්නා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම දිවයින පුරා වෙළෙඳසල්, ආහාර පාන, හෝටල්, රෝහල්, සෞඛය සේවා, අධ්‍යාපන සේවා ආදී ඕනෑම ක්ෂේත්‍රයක ගෙවීම් සිදු කිරීමේදි ඉහළ වට්ටම් හිමිකර ගත හැකිය.

මෙරට හරිත ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා සහ ශ්‍රී ලංකාවට අගාවුඩ් ශාකය හඳුන්වා දෙමින් රටට නව ඩොලර් උත්පාදන මාවතක් හඳුන්වා දුන් සදාහරිත සමූහ ව්‍යාපාරය 2022 වසරට යෙදී තිඛෙන සිය 20 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් මෙම Discount App සේවාව හඳුන්වා දී තිබේ.

35,000කට අධික සිය පාරිභෝගික ජනතාවට ජිවිතයේ සතුට හා ආස්වාදය සැනසිලිදායකව විඳගැනිමේ අවස්ථාව හිමිකර දෙමින් දැනට වසර කිහිපයක සිට සදාහරිත Privileged Card හඳුන්වා දෙමින් දිවයින පුරා සිදුකරන ගනුදෙනු වලදී ඔවුන් විශේෂ වට්ටම් හිමිකර දී තිබේ.

සමාගමේ එම අද්විතීය පාරිභෝගික සේවාව තවත් උසස් මට්ටමකට ගෙන එමින් නව්‍ය තාක්ෂණය හා මුසුවන සදාහරිත සමාගම iOS හා Android තාක්ෂණය වේදිකා භාවිත කරමින් Ithiry App නිර්මාණය කර ඇත. මේ අනුව Ithiry App භාවිත කරන ඔබට දේශීය වෙළඳ සන්නාම 350කට අධික සංඛ්‍යාවක් සඳහා සුවිශේෂී වට්ටම් හා වාසි හිමිකර දෙයි. ඒ අනුව දිවයින පුරා 1000කට අධික වෙළඳ මධ්‍යස්ථාන වල දී ඔබට මෙම වට්ටම් ලබා ගැනීමට හැකිය. සදාහරිත Ithiry App සේවාව මගින් දිවයිනේ ගම් නගර සිසාරා වෙසෙන සියලුම ජනතාවගේ ජීවන හා ආර්ථීක තත්ත්වයන්ට සහන සලසමින් ඉහළ වට්ටම් හා වාසි හිමිකර දෙයි.

මෙම සුවිශේෂී වට්ටම් හා වාසි ලබා ගැනීමට ඔබේ ජංගම දුරකතනය Apple දුරකතනයක් නම් App store වෙත හෝ Android දුරකතනයක් නම් Play store වෙත පිවිස Ithiry ලෙස Search කර App එක Download කරගන්න. අනතුරුව ඔබගේ දුරකථන අංකය හෝ Google ගිණුම හෝ Facebook ගිණුම ඇතුලත් කර සදාහරිත Ithiry App ගිණුම සක්‍රීය කරගන්න.

ගිණුම සක්‍රීය කර ගැනීමෙන් අනතුරුව ඔබට වට්ටම් හා වාසි ලබා දෙන ක්ෂේත්‍ර, සන්නාම, ඒ ඒ ප්‍රදේශවල දැනට පවතින වට්ටම් ලබා දෙන වෙළඳසැල් සහ සේවා ආදිය පිළිබඳ සියලු විස්තර දැන ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව ඔබට අවශ්‍ය භාණ්ඩ හා සේවා, ඒවායේ මිල ගණන්, දැනට පවතිනවාද නැද්ද යන්න කල් ඇතිව දැන ගැනීමේ අවස්ථාවද මේ හරහා හිමිවේ. ඔබ භාණ්ඩ හා සේවා ලබා ගෙන ගෙවීම් සිදු කරන අවස්ථාවේ අදාල වෙළඳසැලේ ඇති QR කේතය Ithiry App එක හරහා Scan කර ඔබට හිමි වට්ටම් හා වාසි ලබාගත හැක.

සදාහරිත සමාගමේ අලෙවි හා විකුණුම් අධ්‍යක්ෂ ජයම්පති මිරැන්ඩෝ මහත්මා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “අපි වසර විස්සක් පුරා ජනතා විශ්වාසය දිනා ගත් දේශීය සමාගමක්. අපට නිරන්තරයෙන්ම මේ රටේ ජනතාවට සහය වීමට අවශ්‍යයි. මුල්‍ය අරමුණු සාක්ෂාත් කර ගන්නා අතර අපගේ සියලුම ජනතාවට සහාය වීම සදාහරිත සමාගමේ දැක්මේ කොටසක්. මෙම Ithiry වට්ටම් සේවාව හරහා ජිවිත වඩාත් පහසු කර ගැනීමට අපි ඔවුන්ට සහය ලබා දෙනවා.”

සදාහරිත සමාගමේ සාමාන්‍යාධිකාරී (පුහුණු හා ජාල කළමනාකරණ) නිරෝෂන් මානවඩු මහතා මෙම සුවිශේෂී දීමනාව පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය. “සදාහරිත සමාගම ආරම්භ කරලා මේ 2022 වසරට වසර 20ක් සැපිරෙනවා. ඉතාමත් සාර්ථක ගමන් මගක පැමිණි අප සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හරිත ආයෝජන සමාගම වශයෙන් ජනතා විශ්වාසය දිනා ගනිමින් සුවිශේෂ සන්ධිස්ථානයක් තමයි මේ පසු කරන්නෙ. ඒ අනුව රටේ පවතින වර්තමාන තත්ත්වය සහ අපගේ 35,000කට අධික පාරිභෝගික ජනතාව තැබු විශ්වාසයට කෘතගුණ සැලකීමක් වශයෙන් සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහත්මා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය මෙම සුවිශේෂි Ithiry App සේවාව හරහා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සහාය දක්වන්න තීරණය කළා. විශේෂයෙන්ම අපගේ පාරිභෝගික ජනතාවට Ithiry App හරහා ඉහළ සුවිශේෂී වට්ටම් හා වාසි හිමි වෙනවා.”

 

ඔබත් අදම සදාහරිත Ithiry App ඔබේ ජංගම දුරකථනයේ ස්ථාපනය කරගෙන මෙම වට්ටම් හා වාසි හිමිකර ගන්න.

 

පිටපත – PR

 

Post Views: 3
Previous Post

ඡන්දයක් ඉල්ලිම බංකොලොත් දේශපාලනඥයින්ගේ උප්පරවැට්ටියක් – රාජ්‍ය ඇමැති රෝහණ

Next Post

රටේ සුරක්ෂිතව වෙනුවෙන් ආරක්‍ෂක අංශයන්හි සහ `උපාය මාර්ගික නිපුණතාවල වැදගත්-  ජනපති 

editor

editor

Next Post

රටේ සුරක්ෂිතව වෙනුවෙන් ආරක්‍ෂක අංශයන්හි සහ `උපාය මාර්ගික නිපුණතාවල වැදගත්-  ජනපති 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025

Recent News

අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved