• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසල් විවෘත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට යන්න සියළු දෙනාගේ සහය අවශ්‍යයි – ඇමැති දිනේෂ්

22 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාසල් විවෘත කිරීමෙන් ආරම්භ වුණු මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට ජාතික වශයෙන් කල්පනා කොට සැම දෙනා කටයුුතු කරයි යැයි විශ්වාස කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) දින පාර්ලිමේන්තුවේදී අමාත්‍යංශ නිවේදනය ඉදිරිපත් කරමිනි.

එහිදී අමාත්‍යවරයා ඉදිරිපත් කල නිවේදනය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

ගරු කථානායකතුමනි, මම විශේෂයෙන් මේ අවස්ථාව ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා 2021 අප්‍රේල් මස 23 දින කෝවිඩ් සංචරණ යළිත් සීමා පැනවීමෙන් පසුව පාසල් වසා දැමීමට සිදුවූණා.

ඉන් පසු ඊයේ ඔක්තෝබර් මස 21 වන දින මේ මාස 6 කට පසු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් නිර්දේශ පිළිපදිමින් දිවයිනේ පාසල් 5059 කට ආරම්භ කරන්න පුළුවන් වුණා. මේ පළමු අදියරයට සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල්වල 1 සිට 5 ශ්‍රේණි පමණක් ඇතුළත් වුනා. ඊයේ දිවයිනේ සමස්ත සිසුන්ගේ පැමිණීම පිළිබඳව බලන විට, විවෘත කරන බවට දැනුම් දුන් පාසැල් සංඛ්‍යාවෙන් 98% ක විවෘත කිරීමට හැකි වුණා. පැමිණි සිසුන් සංඛ්‍යාව 16% කින් ආරම්භ කිරීමට හැකි වුණා. ගුරුවරු, පැමිණිලා අත්සන් තබන ලද අය, (පැමිණිලා අත්සන් නොකරන අයත් ඉන්නවා.) 26% ද ඉක්මවා තිබෙන බව අදාළ පළාත්වලින් වාර්තා කරනවා. ඒ පිළිබඳ විස්තරාත්මක සංඛ්‍යා ලේඛන මම සභාගත කරන්න කැමතියි. විශේෂය වන්නේ ඒ පාසල්වල සංඛ්‍යාත්මක වශයෙන් සිසුන් 52,000 කට අධිකයි. ගුරු භවතුන්, විදුහල්පතිවරුන් 8000 කට අධික සංඛ්‍යාවක් එසේ වාර්තා කර තිබෙනවා. සමහර පාසල් විවෘත කිරීමට ඉබි යතුරු විවෘත කර දී සේවයට පැමිණි අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩල, සිසු සිසුවියන් පාසලට ඇතුළුවීමට ඉඩ පහසුකම් සලසා දුන් බවද වාර්තා වෙනවා. මේ අනුව ගත් කල උතුරු පළාත 69% විදුහල්පතිවරුන්, නැගෙනහිර පළාතේ 67% ක් විදුහල්පතිවරු, සබරගමු පළාතේ 55% ක් විදුහල්පතිවරුන්ද, පැමිණීම වාර්තා වී තිබෙනවා. දකුණු පළාතේ හා බස්නාහිර පළාත්වල 33% ක් හා 34% ක් විදුහල්පතිවරු පැමිණ සිටියා. දිවයිනේ වැඩිම සිසුන් ප්‍රමාණයක් පැමිණ සිට ඇත්තේ නැගෙනහිර පළාතේ, උතුරු හා සබරගමු පළාත්වලින්. ඒවා පිළිවෙලින් 39%යි . 21% යි සහ 18% ක් වුනා. උතුරුමැද, බස්නාහිර හා දකුණු පළාත්වල ඉතාම අඩු අගයක් වන 7% ක සිසු පැමිණීම වාර්තා වුණා. ගුරුවරුන්ගේ ද පැමිණීම උතුරු, නැගෙනහිර, ඌව, සබරගමුව පළාත්වල ඉතාම සතුටුදායක මට්ටමකින් පැවති අතර එම ප්‍රතිශතයන් අනුපිළිවෙලින් 52% ක් , 45%ක් , 30% ක් සහ 28%ක් ලෙස වාර්තා වී තිබෙනවා. 2019 අප්‍රේල් පාස්කු ප්‍රහාරය හා 2020 මාර්තු කෝවිඩ් ආරම්භයෙන් පසු විටින් විට පාසල් විවෘත කළ පසු, සිසුන්ගේ පැමිණීම මේ ලෙසින් ඉතාම අඩු ප්‍රතිශතයකින් ආරම්භ වී සතියක් දෙකක් කාලයක් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වූ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලු ලේකම්ලා සනාථ කරනවා. ඒ අනුව ඉදිරි සතිය තුළ සිසුන් හා ගුරුභවතුන්ගේ පැමිණීම තවදුරටත් වර්ධනය වීම සිදු වෙනවා ඇති. සෞඛ්‍ය නිර්දේශ අනුව ඉතිරි අදියරවල් සඳහාද සිසුන් පාසල්වලට ශ්‍රේණියෙන් ශ්‍රේණිය විවෘත කර ගනිමින් යළි අධ්‍යාපනය සම්පූර්ණ කිරීම, අපේ දෙමව්පියන්ගේත් බලාපොරොත්තුවක්. රටේත් බලාපොරොත්තුවක්. එය ඉටු කිරීමට පුළුවන් විධියට අපි මෙලෙස ගමන් කරනවා.

පාසල් විවෘත කරන්න පුළුවන් වීම ඉතාම වැදගත් අවස්ථාවක් ගරු කථානායකතුමනි, පාසල් විවෘත කිරීමෙන් තමයි ආරම්භය සිද්ධ වෙන්නේ. දරුවන්ට පාසලට එන්න, පන්ති කාමරයට එන්න, අධ්‍යාපනය කරගෙන යාමට පක්ෂ භේදයන්ගෙන් තෙරව සියලු දෙනා සහයෝගය දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. අපි කාගේත් දරුවෝ. අපි කාගේත් මව්පියෝ, ප්‍රාර්ථනය කරන ඒ විශ්වාසදායක සතුටු දවස ඇති කිරීමට සහයෝගය දුන් අපේ අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ විදුහල්පතිවරු, ගුරුවරු ඒවගේම අපට සහය වුණු ආණ්ඩුකාරවරු ඒ ආණ්ඩුකාරවරුන්ගේ කාර්යාල ඒවගේම, මව්පිය සහ විවිධ මහජන සංවිධාන සහ අධ්‍යාපන අමාත්‍යාංශයටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු නිලධාරින්ට මේ අවස්ථාවේදී ස්තූති වන්ත වන බව සඳහන් කරමින් පාසල් විවෘත කිරීමෙන් ආරම්භ වුණු මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට ජාතික වශයෙන් කල්පනා කොට සැම දෙනා කටයුුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ස්තූතියි.”

 

 

Post Views: 1
Previous Post

ලංකාගම සංචාරක කටයුතු විධිමත්ව කළමනාකරණය කිරීමට අවධානය

Next Post

මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් ශ්‍රී ලංකා-කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට

editor

editor

Next Post

මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් ශ්‍රී ලංකා-කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved