27 April 2024
#දේශීය

මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් ශ්‍රී ලංකා-කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට

ශ්‍රී ලංකා කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඊයේ (21) තේරි පත්විය.

ශ්‍රී ලංකා කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා මෙහිදී විශේෂ ආරාධිතයා වශයෙන් එක්වූ අතර පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙහිදී ශ්‍රී ලංකා කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව ලේකම්වරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිදිගොඩ මහතා ද උප සභාපතිවරුන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ජී.ජී පොන්නම්බලම්, ඩයනා ගමගේ, ඉෂාක් රහුමාන් යන මහත්ම මහත්මීහු ද තේරි පත්විය. මීට අමතරව භාණ්ඩාගාරික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීදරන් මහතා ද උප ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මියද තේරි පත්විය.

එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපති ලෙස තේරී පත් වූ ආචාර්ය සුරේන් රාඝවන් මහතා සිය ස්තුතිය පළ කරමින් කියා සිටියේ යහපත් හෙට දවසක් සඳහා බහු වාර්ගිකත්වයෙන් යුතු මෙම දෙරටම වඩාත් සහයෝගීත්වයෙන් කටයුතු කිරීම සිය අපේක්ෂාව බවයි.

අමාත්‍යවරු ,රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *