27 April 2024
#දේශීය

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධිත කෙටුම්පත ගැසට් කිරීමට සියල්ල සුදානම්

යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් කිරීම සඳහා රජයේ මූද්‍රණාලය වෙත යොමු කර තිබේ.

රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය අද (03) දිනයේ නිකුත් කිරීමට නියමිත ඇති බවයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ (02) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී අදාළ පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ අතර අනතුරුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත භාර දී තිබේ.

ඉදිරි සති දෙක තුළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිතය.

 

 

 

දිලිනි සමන්මලි 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *