27 April 2024
#සංවර්ධන

අපනයන බෝග වැඩි කරන්න උපරීම සහාය

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික බෝග අපනයනය වැඩි කිරීම සඳහා අපනයනකරුවන්ට උපරිම සහන ලබා දීමට රජය කටයුතු කරන බව අපනයනකරුවන් හමුවෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අපනයනහා ආනයනකරුවන් පිරිසක් ඊයේ (17) පස්වරුවේදී අමාත්‍යවරයා හමුවු අතර එම අවස්ථාවේ දී අමාත්‍යවරයා විසින් මෙරට කෘෂි භෝග අපනයනය කිරීම සඳහා පියවර ගන්නා අපනයනකරුවන් ලබා දෙන මෙහෙය අතිශයින් අගය කළේය.

මෙරට ගොවීන් විසින් වගා කරන එළවලු, පලතුරු හා මල් මෙන්ම විසිතුරු පැළෑටි අපනයනය මගින් වාර්ෂිකව මෙරට ජාතික ආදායමට විදේශ විනිමය ප්‍රමාණයක් උපයනු ලැබුවත්, තවමත් අපේ රට විසින් ජාත්‍යන්තර වෙළෙඳ පොලේ අපේ රටේ නියෝජනය සියයට 05කටවත් ආසන්න නොවේ.

එමනිසා අප රටේ එලවලු, පලතුරු, මල් මෙන්ම විසිතුරු පැළෑටි නිෂ්පාදනය ඉහළ නැංවීමට අපනයනකරුවන්ට වගා කිරීමට අවශ්‍ය ඉඩම් හා පහසුකම් ලබා දීමට රජය සුදානම් බව ද අමාත්‍යවරයා කීය.

මෙහිදී අපනයනකරුවන් විසින් තමන් මුහුණ දෙන ගැටළු අමාත්‍යවරයාට ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් කියා සිටියේ අපේ රටේ යල් පැනගිය නීති රීති හා ආයතනවල චක්‍ර ලේඛ හේතුවෙන් අපනයනයේ දී ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බව ද එමනිසා මෙවැනි නීතිරීති ලිහිල් කර හෝ සංහෝධනය කර හෝ අපනයනය සඳහා ඉඩකඩ ලබා දෙන්නැයි ඉල්ලීමක් කළහ.

එමෙන්මලෝක වෙළෙඳ පොලේ දිනෙන් දින ඉල්ලුම ඉහළ යන පලතුරුල එළවලු හා මල් මෙන්ම විසිතුරු පැළෑටි සම්බන්ධයෙන් නව ප්‍ර භේද මෙරට ගොවීන්ට හඳුන්වා දීමට පියවර ගතයුතු බවත් ඔවුන් කීය.

මෙහිදී පිළිතුරු දුන් අමාත්‍යවරයා එවැනි නීති රීති ඇත්නම් ඒවා වහා වෙනස්කර වර්තමානයට හිතකර පරිදි සකස් කරන ලෙසත් අපනයනය ඉළක්ක කරගනිමින් බෝගවගා කරන වගාකරුවන් සඳහා අවශ්‍ය ඉඩම්ල තාක්ෂණයල හා නව ප්‍ර භේද හඳුන්වා දීමට පියවර ගන්නා බවත් කීය.

එමෙන්ම දැනට දිවයිනේ වගා නොකරන හා අත්හැර දමා ඇති සියලු ඉඩම් නැවත වගා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මේ වනවිටත් තීරණය කර ඇතැයි ද එම ඉඩම් විශාමික රණවිරුවන්ට හා අපනයනකරුවන්ට ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා කීය.
මෙම අවස්ථාවට දිවයිනේ කීර්තිමත් අපනයනකරුවන් රැසක් සහභාගි ව සිටි අතර කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශයේ ලේකම් බීග විජේරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ ආනයනික පලතුරු සීමා කිරීමට දැඩි නීති රීති පැනවීමට පියවර ගන්නා බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැනටමත් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති බව පැවසු අමාත්‍යවරයා ආනයනකරුවන්ට ද මෙරට අපනයනය ඉහළ නැංවීමට දායකත්වය සපයන ලෙස ඉල්ලීමක් කළේය.

පසුගිය වසරේ මෙරටට ආනයනය කරන ලද ල එහෙත් මේ රටේම වගා කළ හැකි බෝගවර්ග රැසක් ආනයනය සඳහා අප රටෙන් ඇදී ගිය මුදල් පිළිබඳ විස්තරයක් කළේයග අර්තාපල් සඳහා රුගමිග 5440, බී ලුණු රු.මි. 12,117යි, ඉගුරු සහ කහ සඳහා රුගමිග 1315ල මිදි රුගමිග 2766ල දොඩම් රුගමිග 958ල මීපැනි රුගමිග 466ල රටකජු රුගමිග 689ල කජු රුගමිග 750ල තල රුගමිග 27ල කුරක්කන් රුගමිග 243ල ඉඩඉරිගු රුගමිග 6627ල සෝයා බෝංචි රුගමිග 213වශයෙන් මෙරටට ආනයනය කිරීමට වැය කර ඇතැයි ද අමාත්‍යවරයා කීය.

එමනිසා මෙම බෝග අපේ රටේම වගා කිරීමට පියවරගත යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *