• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රසායනික පොහොර නොගෙන්වීම නිසා රටට විශාල ප්‍රමාණයක් ඩොලර් ඉතුරු වුනා – ඉඩම් ඇමති එස්.එම් චන්ද්‍රසේන

25 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කාබනික පොහොර හා රසායනික පොහොර හුවමාරුවේදී ගොවි ජනතාවගේ අස්වැන්න 25% ක්, 30% ක් පොදුවේ අඩු නමුත් පොහොර ගෙන්වන්නට යන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරි වීම නිසා අස්වැන්න අඩු වීම හා ඩොලර් පාවිච්චිය අතර බැලූ විට ලොකු පාඩුවක් සිදු වී නැතැයි ඉඩම් ඇමති එස්.එම් චන්ද්‍රසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී “රන් බිමට පණ දෙන ඉඩම් ප්‍රථිසංස්කරණ කොමිෂන් සභාවේ උතුරු මැද පළාත් කාබනික පොහොර ව්‍යාපෘතියේ ” දෙවන අදියර සමාරම්භක අවස්ථාවට ඒක් වෙමින්ය.එහිදී නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොර ඉදිරි යල් කන්නය ඉලක්ක කර ගනිමින් , නේචර් සීක්‍රට් ආයතනයේ ඉකෝ ප්‍රොටෙක්ට් ඉංජිනියරින් පෞද්ගලික සමාගම හා එක්ව කොම්පෝස්ට් පොහොර සුපෝෂිත කර (වැඩිදියුණු කර) කාබනික කැට පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියකට යොදා ගැනීමට නියමිතය.ඒ අනුව ඒ සඳහා ගිවිසුම් ගත වීමද ඉඩම් ප්‍රථිසංස්කරණ කොමිෂන් සභාව එහිදී සිදු කරනු ලැබීය.

යල් කන්නය සඳහා කාබනික පොහොර නිෂ්පාදනය සමාරම්භ කරමින් ඉඩම් අමාත්‍යය එස්.එම් චන්ද්‍රසේන මහතා කාබනික පොහොර පාත්ති සැකසීම සමාරම්භ කරනු ලැබීය.

අනතුරුව උත්සව සභාව ඇමතූ අමාත්‍යය එස්.එම් චන්ද්‍රසේන මහතා,

අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම වැඩසටහන යටතේ කාබනික පොහොර වැඩසටහන පටන් ගන්න කොට අපි ඉතාම දුෂ්කරතා මධ්‍යයේ පටන් ගත්තේ, කාබනික පොහොර සහ රසායනික පොහොර හුවමාරුවේදී ගොවි ජනතාව විශාල වශයෙන් කළබල වුණා.ඒ වගේම යම්කිසි පිරිසක් මේ වැඩසටහන නවත්වන්න නොයෙකුත් උපක්‍රම යෙදුවා.අපි දන්නවා මේක අමාරු වැඩක්, අවුරුදු 60 කට වැඩි කාළයක් රසායනික පොහොර වලට හුරු වෙලා හිටිය ගොවි ජනතාව කාබනික පොහොර භාවිතයට යොමු කිරීම තුළ යම් යම් ප්‍රශ්න පැණ නගිනවා කියලා අපි දන්නවා. ජනාධිපතිතුමන් බොහෝම සද්භාවයෙන් පටන් ගත්තේ මේ වැඩසටහන. වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන් හා හදුනා නොගත් රෝගවලට ලක් වූවන් විශාල ප්‍රමාණයක් වැඩි වන නිසා වෛද්‍යවරුන් හා පරිසරවේදීන් ඇතුළු මේ රටේ විද්වතුන් මේ සඳහා ජනාධිපතිතුමන් උනන්දු කෙරෙව්වා.නමුත් අපි කියන්න කණගාටුයි මේ වැඩසටහනට ප්‍රමුඛතාවය දුන්න, උනන්දු කරවූ අය මේ වැඩසටහනින් මඟඇරියා.නමුත් මේ රජරට ගොවි ජනතාවගේ යහපත සඳහා උඩුගම් බලා යනවා වගේ මම මේ සටනට මැදිහත් වුණා.

අපේ ගොවි ජනතාවට රසායනික පොහොර වල අවශ්‍යතාවය වගේම කාබනික පොහොර වැඩසටහන පිළිබඳවත් උනන්දුවක් දක්වනවා.ඒ නිසා ජනාධිපතිතුමන් තීරණයක් ගත්තේ අත්‍යවශ්‍යය දේ වලට රසායනික පොහොර ලබා දෙන්න.තේ, පොල්,රබර් හා බඩඉරඟු වලට රසායනික පොහොර අත්‍යවශ්‍යයි.ඒ සඳහා ඒ අවසරය ලබා දී තිබෙනවා.කාබනික පොහොර හා රසායනික පොහොර අවශ්‍යය භෝග වලට ඒ සඳහා යම් කිසි ප්‍රමාණයක් පාවිච්චි කරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා.මේ මාස් කන්නය ගත්තම කාබනික පොහොර හා රසායනික පොහොර හුවමාරුවේදී ගොවි ජනතාවගේ අස්වැන්න 25% ක්, 30% ක් පොදුවේ ගත්තම අඩු වෙලා තියෙනවා.නමුත් විදේශ වලින් රසායනික පොහොර ගෙනාවා නම් අපිට විශාල ඩොලර් ප්‍රමාණයක් ඒ සඳහා වැය වෙනවා.මේ ඩොලර් හිඟයක් තියෙන වෙලාවේදී, ඒ අස්වැන්න අඩු වීම හා ඩොලර් පාවිච්චිය අතර බැලුවම ලොකු පාඩුවක් නැති වෙලා තියෙනවා.මේ වැඩපිළිවෙලේදී ගොවි ජනතාවට යම් පාඩුවක්, අස්වැන්නේ අඩුවක් සිදු වෙලා තියෙනවා නම් ඒක පිරිමහන්න වී මිළ ජනාධිපතිතුමා වැඩි කරලා තියෙනවා.

ජනාධිපතිතුමා අවුරුදු 02 කට කලින් බලයට එන කොට වී කිලෝ එකක් තිබුණේ රුපියල් 32 කට, රුපියල් 32 කට තිබ්බ වී එතුමා 52 ක් කළා.වැඩි මිලක් ගොවි ජනතාවට ලබා දුන්නා. මේ වන කෙට යම්කිසි පාඩුවක් වුණා නම් ඒක පිරිමහන්න පුලුවන් විදිහට වී මිළ දැන් වැඩි කරලා තියෙනවා.නාඩු කිලෝවක් රුපියල් 92 කටත්, සම්බා කිලෝවක් 95 කටත්, කීරී සම්බා 97 යි කියලා රජය සහතික මිලක් ලබා දීලා තියෙනවා. අද සහතික මිලටත් එහා ගිහින් රුපියල් 100 ට -105 ට වී කිලෝවක් ගන්න පුද්ගලික අංශය යොමු වෙලා තියෙනවා.

කවුරු පෙලපාලී ගියත් කෑ ගැහුවත් ,ගොවිජනතාවට සහනයක් ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා.ඒ වගේම සෑම හෙක්ටයාරයකටම රුපියල් 50 000 කට යටත්ව වන්දි මුදලක් ලබා දෙන්නත් මිලියන 40 000 ක වගේ විශාල මුදලක් කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා. රසායනික පොහොර භාවිතයේ උච්චම අවස්ථාවට අපේ රට පත් වුණා.පොහොර භාවිතය වැඩි වුණා.පොළවේ නිසරු ගතිය නැති වුණා, අපිට හිතකර කෘමීන් නැති වුණා. ගැඩවිල, කක්කුට්ටා වගේ සතුන් නැති වුණා.ජෛව පද්ධතියට මේක විශාල හානියක් වුණා. නමුත් යම් යම් ප්‍රමාණයකට මේකට ගොවි ජනතාව අවතීරණ වීම ලොකු ජයග්‍රහණයක් යැයිද පැවසීය.

මෙම අවස්ථාවට ඉඩම් ප්‍රථිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති හිටපු විදායක අධ්‍යක්ෂ දිසානායක මහතා, ඉඩම් ප්‍රථිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් පද්මසිරි ලියනගේ මහතා, නේචර් සීක්‍රට් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ සමුදිත කුමාරසිංහ මහතාද සහභාගී විය.

 

අනුරාධපුර – තිසර

Post Views: 9
Previous Post

කාන්තාවන්ගේ දේශපාලන අයිතීන් වෙනුවෙන් ජාලගත විය යුතුයි – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

Next Post

උකුවෙල ඇවිදන මංතිරුවට විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ විරෝධයක්

editor

editor

Next Post

උකුවෙල ඇවිදන මංතිරුවට විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ විරෝධයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

29 July 2025
ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

29 July 2025
මෙරට අපනයන ආදායම් ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පිට වාර්තා

මෙරට අපනයන ආදායම් ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පිට වාර්තා

29 July 2025
ජනපති අනුරට නිර්මාණය වූ මාලදිවයින් ගීතය

ජනපති අනුරට නිර්මාණය වූ මාලදිවයින් ගීතය

29 July 2025

Recent News

නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

29 July 2025
ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

29 July 2025
මෙරට අපනයන ආදායම් ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පිට වාර්තා

මෙරට අපනයන ආදායම් ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පිට වාර්තා

29 July 2025
ජනපති අනුරට නිර්මාණය වූ මාලදිවයින් ගීතය

ජනපති අනුරට නිර්මාණය වූ මාලදිවයින් ගීතය

29 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

29 July 2025
ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

ලංකාවේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බිහිකිරීමට අලුත් වැඩක් 

29 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved